යලිත් ඉන්ධන, ගෑස් මිල වෙනස් කරන්න වෙයි.. සියළු බර ජනතාවට දාන්නෑ.. රජයත් දරනවා..- මන්ත‍්‍රී


 ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වයන් මත ඉදිරියේදී ඉන්ධන සහ ගෑස් මිලෙහි යම් වෙනස්වීම් සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

ලෝක වෙළෙඳපොළේ පවතින අනාරක්ෂිත භාවය හේතුවෙන් ඉන්ධන සහ ගෑස් මිල ස්ථාවර වන තෙක් මෙම අවදානම පවතින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව මැයි මාසය වන විට ඉන්ධන ආනයනය සඳහා වැය කරන ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන පහකින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන් කළේය.

මෙහිදී ඇතිවන අමතර වැය බර පියවා ගැනීමට රජයට සිදුවන නමුත්, එහි සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පැටවීමට රජය කටයුතු නොකරන බව ඔහු අවධාරණය කළේය. 

ඒ වෙනුවට රජය, තෙල් සංස්ථාව සහ පාරිභෝගික ජනතාව යන පාර්ශව තුනම මෙම වැය බර බෙදා ගන්නා ක්‍රමවේදයක් දැනට කළමනාකරණය කරමින් පවතින බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පවතින මිල තත්ත්වයන් යටතේ වුවද රජය විශාල සහනයක් ජනතාවට ලබා දෙන බවත්, දැනට ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක බරක් භාණ්ඩාගාරය විසින් දරනු ලබන බවත් ඔහු අනාවරණය කළේය. 

ඉදිරියේදී ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව යම් මිල සංශෝධන කිරීමට සිදු වුවද, එහි 100%ක බර මහජනතාව මත පැටවීම වැළැක්වීමට රජය අවශ්‍ය පියවර ගන්නා බව චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

විදුලි ගාස්තු සංශෝධනයේදී ද රජය මෙම ප්‍රතිපත්තිය අනුගමනය කළ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, විදුලි ඒකක 0 සිට 180 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන් සඳහා 11%ක විදුලිබිල වැඩිවීම අදාළ නොවන ලෙස කටයුතු කර ඇති බවද මතක් කර දුන්නේය

15 Comments

  1. දිනකට පෙට්‍රල් ලීටර් පහක් මිල දී ගන්නා අයෙකුගෙන් ලීටරයක් රුපියල් හයසිය බැගින්ද, ලීටර් පහට වඩා ඉන්ධන ඉල්ලුම් කරන අයට වැඩිවන සෑම ලීටරයකටම රුපියල් හත්සිය විස්ස ගණනේ අය කරමු.

    මේ අර්බුදය කලමණාකාරණය කර ගැනීමේ වෙනත් මගක් මම නොදකිමි.

    ReplyDelete
    Replies
    1. diesel puchchala electrictiy hadanna ona wadipura, nikan thiyana ira eliyata commission labenne na ne.

      Delete
    2. නූගත් තට්ට චන්දන වේශිගේ පුතෝ, රජය කියන්නේ ජනතාවම තමයි ගොන් ඵඛයෝ

      Delete
    3. රජය, තෙල් සංස්ථාව සහ පාරිභෝගික ජනතාව


      රජය කියන්නේ ජනතාවම තමයි

      Delete
  2. Siyalu bara kiyanna atthe egollange kakka bara wenna ona. nathnum rajaye thiyenne ape salli.

    ReplyDelete
    Replies
    1. නූගත් තට්ට චන්දන වේශිගේ පුතෝ, රජය කියන්නේ ජනතාවම තමයි ගොන් ඵඛයෝ

      Delete
  3. අපි ලක්ෂ හැට අට ඕන දුකක් දරන්න ලෑස්තියි. මිල වැඩි කරන්න ලොක්කා බයවෙන්න එපා. ආන්ඩුව පාඩු විදින්න එපා. රටම එක මිටට හුන්ඩුවාට.

    ReplyDelete
  4. ත්‍රෙඩ් එකක් ඇත්තෙම නැද්ද සහෝදරයා?

    ReplyDelete
  5. ඇයි තෝ ඇවිත් අපේ ගෑස් වල සල්ලි වලින් බාගයක් දෙනවද. වැඩ බැරි කාලකන්නි

    ReplyDelete
  6. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මරු මාරයි එල එළකිරි එලපවුසි අම්මප
    අපිට අසා හිතුන නේ නැගෙනහිරින් රට සංවර්ධනය කරල, ග්‍රැෆීන් අපනයනය කරල, උගන්ඩා කුමාරි එක්ක ගිහින් සල්ලි ගෙනත බිලියන 45 ණය එක අවුරුද්දෙන් ගෙවල, නැට්ට කැඩෙන්නේ නැති කෝලිකුට්ටු කාල, සල්ෆියුරික් බීල , උමා ඔයේ හිල වහල, V8 අපනයනය කරල ඉස්කෝල ටික අන්තර් ජාතික මට්ටමට දියුණු කරල, රු 150ට පැට්‍රල් ගහන් විට්ස් කාර් එකෙන් ගිහින්, සමලිංගික වෙලා, හොද ජෝක් ටිකක් බලල ආතල් එකේ ඉන්න.


    ReplyDelete
  7. රජය කියන්නෙ උඹෙ අම්මගෙ අප්පගෙ බූදලේද​?

    ReplyDelete
    Replies
    1. නූගත් තට්ට චන්දන වේශිගේ පුතෝ, රජය කියන්නේ ජනතාවම තමයි ගොන් JVP ඵඛයෝ

      Delete
  8. මෙහෙමත් පිං ගොන්නුන්ව දැකලා තියේද? කොටසක් රජය දරනවලු. යකෝ පැල්වත්තෙන්ද දරන්නෙ? අන්තිමට ඒ හැම එකක්ම අපේ බදු කියලා දන්නෙ නැත්නම් මන්තිරි පට්ටම දාලා ගෙදර ගිහින් ගෑනිත් එක්ක නිදි වැදියං!

    ReplyDelete
    Replies
    1. නූගත් තට්ට චන්දන වේශිගේ පුතෝ, රජය කියන්නේ ජනතාවම තමයි ගොන් JVP ඵඛයෝ

      Delete
  9. බයිලා කියවන් නැතුව තෝ පරණ විදියට පන්සලට වෙලාම හිටු.

    ReplyDelete
Previous Post Next Post