දරුවන්ට ලිංගිකත්වය වෙනස් කරන සැත්කම් සිදු කරන චෝදනාවට කාසල් රෝහල මෙසේ කියයි..

 


කාසල් වීදිය කාන්තා රෝහල තුළ ළමයින්ගේ ලිංගික විපර්යාසයන්ට (Gender-change) අදාළ වෛද්‍ය ක්‍රියාමාර්ග සිදු කරන බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන චෝදනා එම රෝහල් බලධාරීන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් රූපවාහිනී වැඩසටහනකදී කරන ලදැයි කියන ප්‍රකාශයක් සහ ඉන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය පුළුල් ලෙස ප්‍රචාරය වීමත් සමඟ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මෙම නිල නිවේදනය නිකුත් කර ඇත.

"රෝහලේ අධ්‍යක්ෂවරයා වශයෙන්, මම වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නේ මෙවැනි කිසිදු ක්‍රියාවක් අප ආයතනය තුළ සිදු නොවන බවයි," යනුවෙන් වෛද්‍ය දන්තනාරායන මහතා එම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.

3 Comments

  1. මූම හපුටු නිවුස් ගහලා පස්සෙ කියනවා බොරු කියලා ලෙමන් පෆ් නැද්ද හදිසියකට ගන්න?? අනේ ගොනෝ උඹලා තමයි නියම ඩෝබියො බං

    ReplyDelete
  2. අපෙන් full සපෝට්.ඔය දෙකම එකට තියන්න බැරිද අප්පා.

    ReplyDelete
Previous Post Next Post