දිට්වා කුණාටුවට මාස හයයි.. අවතැන් වූවන් තවමත් කුඩාරම්වල..


 දිට්වා සුලි කුණාටුවෙන් නායයැමට ලක් වු කොත්මලේ රම්බොඩ වැවන්ඩන් වතුයායේ වතු කම්කරු පවුල් මාස හයක කාලයක් තිස්සේ එම වතුයායේම ඉඩමක තාවකාලිකව ඉදි කරන ලද කූඩාරම්වල විවිධ දුෂ්කරතා මධ්‍යයේ තවමත් පදිංචිව සිටින බවත්, එළඹෙන වැසි සමයට ප්‍රථම තමන්ට ස්ථීර නිවාස ඉදි කර දීමට හෝ ආරක්ෂිත වෙනත් ස්ථානයක පදිංචි කිරිමට කටයුතු කර ලෙස එම කූඩාරම්වල පදිංචි වතු කම්කරුවන් කියා සිටියි.

දිට්වා සුලි කුණාටුව පැමිණීමත් සමග තම වත්තේ කොටසක් නායයෑමත් සමග තමන් මාසයක පමණ කාලයක් පොදු ස්ථානවල සහ වතුයායේ කෝවිලේ පදිංචිව සිටි බවත්, පසුව රජය මගින් ආරක්ෂිත ස්ථානයකට කූඩාරම් සකස් කර දුන් බවයි එම කුඩාරම්වල ජීවත්වන ජනතාව කියා සිටියේ.

වැසි දින වලදී සහ අධික සුළං තත්වය පවතින කාලයේදි කූඩාරම්වල රැදී සිටිමට නොහැකි තත්වක් උද්ගත වී ඇති බවත්, දැනට රජය මගින් තමන්ට නිවාස අලුතින් ඉදි කර දෙන බවට පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දු කඩිනමින් ඉටු කිරිමට රජයේ බලධාරින් පියවර ගත යුතු බවයි කොත්මලේ වැවන්ඩන් වතුයායේ කුඩාරම්වල වෙසෙන අවතැන් වු ජනතාව කියා සිටියේ.

පීඩාවට පත් වි සිටින තමන් වෙනුවෙන් නිවාස ඉදි කිරිමට එම වතුයායේම ඉඩමක් පරික්ෂා කිරිම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිළධාරින් පැමිණියද එම ඉඩමද නායයෑමේ අවධානමක පවතින නිසා එම නිළධාරින් ආපසු හැරී ගිය බවයි පීඩාවට පත් ජනතාව කියා සිටියේ.

තවද, දිට්වා සුලි කුණාටුවත් සමග තම දූදරුවන් අධ්‍යාපනය ලැබූ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය නායයැමේ අවධානම නිසා සම්පූර්ණයෙන්ම වසා දැමුණු බවත්, ඒ වෙනුවට කොත්මලේ තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ තාවකාලිකව අධ්‍යන කටයුතු සිදු කලද තම පාසල් වයසේ පසුවන දුදරුවන් වෙනුවෙන් තම වතුයායේම පාසලක් ඉදි කර දෙන ලෙසයි දිට්වා සුලි කුණාටුවෙන් පීඩාවට පත් කොත්මලේ වැවන්ඩන් වතුයායේ තාවකාලික කූඩාරම්වල පදිංචි වතු කම්කරුවන් කියා සිටියේ

රංජිත් රාජපක්ෂ

2 Comments

  1. tsunami අවතැන් වූවන් තවමත් කුඩාරම්වල innawa

    ReplyDelete
  2. ඒ උනාට විශ්‍රාම ගොස් නැවත සේවයට බඳවාගත් මහළු ශානී අබේසේකර මහතා අතීතයේ සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කළා නේ.
    ඒ කළදේ මදිද

    ReplyDelete
Previous Post Next Post