හැකරුන්ට පිදු සල්ලි නැවත ඔස්ටෙ‍්‍රලියාවට ගෙවීම අවුලක...


මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් අස්ථානගත වූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරිකය පියවීමට නම් රජයට අලුතින් විසර්ජන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බව හිටපු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

අතුරුදන් වූ මුදල පසුගිය අයවැය ලේඛනය මගින් ණය පොළී වාරික ලෙස ගෙවීමට අනුමත කරවා ගත් මුදලකි. දැනට හඳුනා නොගත් පාර්ශ්වයක් වෙත මෙම මුදල් ගලා ගොස් ඇති බැවින්, අදාළ ඕස්ට්‍රේලියානු එක්ස්පෝට් ෆයිනෑන්ස් ආයතනය වෙත එම ණය වාරිකය නිසි පරිදි ගෙවීමට නම් පාර්ලිමේන්තුවෙන් යළිත් මුදල් වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ.

මෙම මූල්‍ය ගනුදෙනුව සිදුව ඇත්තේ රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු මහ බැංකුවේ සිට මුදල් අමාත්‍යාංශය යටතේ අලුතින් පිහිටුවන ලද රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත මාරු කෙරෙන සංක්‍රාන්ති සමයකදීය.

තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 8 වන වගන්තිය අනුව, මෙවැනි මාරුවීම් පාලනය කිරීමට මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කළ යුතු බවයි. එහෙත් එවැනි කමිටුවක් හරහා මෙම කටයුතු සම්බන්ධීකරණය වූ බවට කිසිදු වාර්තාවක් නොමැති වීම මගින් බරපතළ පරිපාලනමය දෝෂයක් සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මේ වන විටත් ඕස්ට්‍රේලියානු එක්ස්පෝට් ෆයිනෑන්ස් ආයතනය සමඟ අඛණ්ඩව අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි.

මෙතෙක් සිදු කළ කිසිදු විමර්ශනයකින් අස්ථානගත වූ මුදල් යළි ලබා ගැනීමට හැකි වී නොමැති අතර, එම මුදල් දැනටමත් කිසියම් විදේශීය ගිණුමක පවතින බවට සැක කෙරේ.

4 Comments

  1. මුදල් දැනටමත් කිසියම් විදේශීය ගිණුමක පවතින බවට සැක කෙරේ


    Hikis, poliya ganna lankawe badumkarawala dalada danne naha?

    ReplyDelete
    Replies
    1. හොරකම කව්රු කළත් භාණ්ඩාගාරයේ වැඩය මුදල් අමාත්‍යාංශයට පවරගත් මුදල් ඇමතියත්, හර්ෂණ රාජකරුණා වැනි අසාර්ථක යාලුවෙක් පත් කළ එකත් වැරදි නිසා මෙම මුදල පැලවත්තෙ ගිණුමෙන් ගෙවිය යුතුයි. රු. මිලියන 800 ට වඩා අරගලයෙන්ම හම්බ කළා,

      Delete
  2. Amathi, Lekam saha anek niladhareengen aya kara gatha yurhuya.

    ReplyDelete
Previous Post Next Post