‘හේයි..’ රාජාංගනේ හිමි අත්අඩංගුවට ගනී..


 පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

උන්වහන්සේ විසින් මෑතකදී සිය YouTube නාලිකාව ඔස්සේ ප්‍රසිද්ධ කරන ලද වීඩියෝවක අන්තර්ගත කරුණු පදනම් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

අදාළ වීඩියෝව මගින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට, පොලිස්පතිවරයාට සහ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

4 Comments

  1. ජේප්පන්ට කඩේ ගිහින් අනිත් පැත්ත හැරුණොත් උන් ද්‍රෝහියෝ.ඊට පස්සේ එලව එලවා පලිගන්නේ මරල දාන්න උනත් පසුබට වෙන්නේ නෑ.

    ReplyDelete
  2. මහින්ද ගෝටාබය මැතිතුමන්ලට කියපු දේවල් වලට අත් අඩංගුවට ගන්නවනම් හුන්ඩුවාගෙ ඉදන් ගන්න ඕන. හොද වැඩේ අසීමිත ලෙස මිනීමැරුවන්ට කඩේ යනවට

    ReplyDelete
  3. මදාවියා අල්ලාගෙන ... මේකාගේ සිවුර ගලවලා හෙළුවෙන් දුවන්න කියපියව් ... කාලකන්නි සතෙක් ...

    ReplyDelete
  4. heluwen duwawanna epa ban, dakkama appiriyawe be...kaluma kalui mahathai... JVP kathanayaka kollawa set karannaram hari.Uge wade kollo gahana ekane

    ReplyDelete
Previous Post Next Post