රෙපෙයාර් මැද නුවරඑළිය කන්තෝරුවේ අකුණු සන්නායකය අතුරුදන්.. වසර සිය ගණනක් පැරණියි.. කෝටි දහස පනිනවාලු..


 ලෝක ප්‍රසිද්ධියට පත් දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත සහ පසුගිය කාලවලදී ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය ඓතිහාසික රෝස තැපැල්හලේ අකුණු සන්නායකයට හානියක් සිදුවී ඇති බවට නුවරඑළිය තැපෑලෙන් සිදු කළ පැමිණිල්ලට හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකළ දැනුම් දීමට නුවරඑළිය පොලිසියේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, එසේ ක්‍රියාමාර්ග නොගැනීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවත් නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

නුවරඑළිය සුරකීමේ සංවිධානය වෙනුවෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ගයාන් චතුරංග විජයබණ්ඩාර සහ නාලක දිනේෂ් රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව කියා සිටියේය.

වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළියේ සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් මෙසේ පැවසීය.

"මෑතකදී සංවර්ධන කටයුතු ආරම්භ කල පුරාවිද්‍යාත්මක හා පෞරාණික වටිනාකමින් යුත් නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයට සම්බන්ධ තඹ පටිය මැදින් කැඩී ඇති බවට සහ ඒ හරහා අකුණු සන්නායකයට හානියක් සිදු වී අකුණු සන්නායකය අස්ථානගත වී ඇති බව පවසමින් නුවරඑළිය තැපැල් ස්ථානාධිපතිවරිය විසින් 2026.04.10 වන දින නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඒ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර දැනුවත් කර තිබෙනවා.

පොලිසිය වෙත සිදු කල එම පැමිණිල්ලෙන් පසුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කරනලෙස නුවරඑළිය පොලිසියට 2026.04.29 ලිපියක් මගින් දැනුම් දී විමසීමක් කර ඇතත්, මේ වෙනවිටත් කිසිදු විමර්ශන කටයුත්තක් විධිමත්ව ආරම්භ කර නොමැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැටලුවට මැදිහත් වෙන්නේ නුවරඑළිය තැපැල් කාර්යාල කාර්යාලය 2007.02.23 පුරා විද්‍යා ස්ථානයක් බවට ගැසට් පත්‍රය මගින් නම් කරලා තියෙන නිසාවෙන්.

පුරාවිද්‍යා පනත අනුව පුරාවිද්‍යා ස්ථානයක අඩියක් හෑරුවත් මාස ගණන් හිරිහෙනවා. මේක පුරා විද්‍යාවට අයිති ගොඩනැගිල්ලක්. ඒකෙ තියෙන අවුරුදු සිය ගණනාවක් පරණ කෝටි 500ක් කෝටි 1000ක් වගේ වටින සන්නායකගේ මහදවාලයේ කොල්ල කෑව එකට ක්‍රියාමාර්ග නොගන්නා තරමට මේ රට වැටිලා තියෙන්නේ ඇයි? කාගෙන්ද බලපෑම් එන්නේ මේ ගැන පරීක්ෂණ කරන්න එපා කියන එක අපිට දැනගන්න ඕන? මේකත් නැත්නම් කියයි අකුණු සන්නායකයේ විකුණවූවා, විකුණපු සල්ලි හැකර් ගැහුවයි කියලා. මේවා හැකරලගෙවත් පැලවත්තේ දේපළ නෙමෙයි, නුවරඑළිය ජනතාවගේ පාරම්පරික අයිතිය. මේක රැක ගන්න අපි එකතු වෙන්න ඕන.

තැපැල් කාර්යාලයේ තිබුණු අකුණු සන්නායකය අවුරුදු සිය ගානක් පැරණි එකක්, මේකෙ වටිනාකම මිල කරන්න නොහැකි තරම්. පැමිණිල්ලක් ලැබිලත්, ඒ පැමිණිල්ලෙන් පසු නැවත පුරා විද්‍යා එකින් දැනුම් දීමක් ලැබිලත් මේ ගැන නිසි විමර්ශනයක් සිදු කරන්නේ නැත්තේ ඇයි කියන ලොකු සැකයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ විදෙස් සමාගමට විකුණන බව පවසා ඒ රැකගැනීමට අවශ්‍යතාව මත රැක ගන්නට කටයුතු කළ අය කඩිමුඩියේ මෙය සංවර්ධනය කිරීමට ගත් එකක් ලොකු සැකයක් මේ වෙලා තියෙන අපරාධයත් එක්ක.

සාමාන්‍ය මූල්‍ය වංචාවක් සිදුවුණා නම් ඒ පිළිබඳව විධිමත්ව අධිකරණයට කරුණු වාර්තා කළ යුතු අතර යම්කිසි සැකයක් ඇත්නම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදු කළ යුතුය. මිල කළ නොහැකි කෝටි ප්‍රකෝටි ගණන් වටිනා අකුණු සන්නායකයක් හානි වීමක් වූ අස්ථානගත වීමක් පිළිබඳව මතුව ඇති මෙම ගැටලුවේදී පොලිසිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හා අධිකරණයට කාරණ වාර්තා නොකිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයෙක් ඇත්තේ ගැන සැකයක් දැඩි ලෙස මතු වෙනවා. මෙම කරුණ පිළිබඳව නුවරඑළියේ ජනතාවට අවිදින් සිටින නිසාත් අපි ආරාධනා කරනවා. ඒ වගේම එදා තැපෑල රැකගන්න ආපු අයට අපි එන්න කියනවා මේ වෙලා තියෙන අපරාධය හා මහා පරිමාණ කොල්ලය පිළිබඳවත් හඬ නගන්නට."

තැපැල් ස්ථානාධිපතිවරිය විසින් සිදුකළ පැමිණිල්ල පිළිබඳව සහ වර්තමාන විමර්ශන කටයුතු පිළිබඳව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉඳුනිල් ප්‍රේමලාල් මහතාගෙන් අප සිදු කළ විමසුමකට ඔහු කියා සිටියේ අදාළ පැමිණිල්ල අනුව සිදුවිය යුතු විමර්ශන කටයුතු නිසි අන්දමින් සිදුවී ඇති බවයි.

තවද පැමිණිල්ලට අදාළව කට උත්තර කිහිපයක්ද මේ වන විට සටහන් කරගත ඇති මනුත්, එම තොරතුරු මාධ්‍යයට නිරාවරණය කිරීමට නොහැකි අතර එම පැමිණිල්ල සම්බන්ධව ඉදිරි නීතිමය කටයුතුද කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

6 Comments

  1. Wimal ge boru

    Koti 1000 y lun😂😂😂😂

    Loke kohewath echchara watina EWA ne 🤣🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. ehanam horakawta kamak naha


      dobila gal aguru paduwath piyawagaththne

      Delete
  2. මේක කලින් සිදු උනානම් හොරකම කළේ කවුද කියලා සිදුකළ දිනය හා වේලාව ත් එක්කම විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක හොයාගෙන...දැන් එතුමා ජනාධිපති නිසා ඒ හැකියාව නැති වෙලාවත් ද.....

    ReplyDelete
  3. මහින්ද රාජපක්ෂ ගත්තා කියමු. එතකොට සරිනේ.

    ReplyDelete
  4. හිටපු නගරාධිපති දොඩම්පෙගේ collinwood හෝටලේ ඇති

    ReplyDelete
  5. පැලවත්ත ගුබ්බෑයම සෝදිසි කෙරුවොත් බඩුත් එක්ක හොරු අහුවෙයි.

    ReplyDelete
Previous Post Next Post