ඉන්දියාව විසින් සීනි අපනයනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීම සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන්, ඉදිරියේදී මෙරට වෙළෙඳපොළ තුළ බරපතළ සීනි හිඟයක් මෙන්ම ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ යෑමේ දැඩි අවදානමක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.
පසුගිය මැයි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එළඹෙන සැප්තැම්බර් 30 වැනිදා දක්වා සීනි අපනයනය තාවකාලිකව නැවැත්වීමට ඉන්දීය රජය හදිසියේ ගත් තීරණයත් සමඟ, බ්‍රසීලය, තායිලන්තය සහ යුරෝපීය රටවල් කිහිපයකින් විකල්ප ලෙස සීනි ආනයනය කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙතෙක් කල් ඉන්දීය සීනි ආනයනය මත බෙහෙවින් යැපුණු ශ්‍රී ලංකාවට, මෙම හදිසි තීරණය හේතුවෙන් නව සැපයුම්කරුවන් සොයා ගැනීමට සිදුව ඇත. මේ නිසා ඉදිරි මාස කිහිපය තුළ සීනි මිල ඉහළ යෑමේ සහ වෙළෙඳපොළ තුළ හිඟයක් ඇතිවීමේ දැඩි බියක් හටගෙන තිබේ.
සංගමයේ දත්තවලට අනුව, බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම සඳහා මේ වන විටත් ඇණවුම් ලබා දී ඇති නමුත්, දිගු මුහුදු මාර්ග සහ සැපයුම් දාමයන්හි පවතින ප්‍රමාදයන් හේතුවෙන් එම තොග මෙරටට ළඟාවීමට අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දියාව විසින් පිරිපහදු කළ සීනි අපනයනය සීමා කර නොමැති වුවද, සාමාන්‍ය සීනිවලට වඩා එහි මිල අධික බැවින්, දැනටමත් ජීවන වියදම් බරින් පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයන්ට එය තවත් දැඩි බරක් වනු ඇති බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
මීට අමතරව, ඩොලරයේ අගය ඉහළ යාම සහ ආනයන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ආනයනික කිරිපිටි මෙන්ම පරිප්පු, සැමන්, විවිධ සහල් වර්ග සහ ආනයනික අල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ද ඉදිරියේදී ඉහළ යා හැකි බව ඔහු සඳහන් කළේය.
රුපියල තවදුරටත් අවප්‍රමාණය වුවහොත්, සීනි සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා නව ඇණවුම් ලබා දීමට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීමට ආනයනකරුවන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ වුවද, මාස දෙකකට ආසන්න කාලයක් සඳහා සෑහෙන සීනි තොග මේ වන විට රට තුළ පවතින බව එම සංගමය ප්‍රකාශ කරයි.
මෙම නව වර්ධනයත් සමඟ රට තුළ නැවත වරක් ආහාර උද්ධමනයක් ඇතිවීමේ බියක් හටගෙන ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත්, අනෙකුත් අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද කැපී පෙනෙන ලෙස ඉහළ යා හැකි බවත් වෙළෙඳුන් පවසති.

තොපිට සීනි නෑ. වාහන දෙන්නේ. වාහන කාපියවු. නැත්නම් අපේ ලීසින් කොම්පැනි කඩන් වැටෙනවා. ටැක්ස් වැඩි කරන්න කලින් වාහන 4000 ගේන්න අපේ හිතවත් බිස්නස් කාරයෝ දෙන්නෙක්ට ඩොලර් දුන්නා. දැන් ඩොලර් නෑ. අපිට කොමිස් තොපිට හුලන්. හූ හූ ඇද්ද ආවා තොපි මෙතන.
ReplyDeleteමීට,
අඟුරු කුමාර බදු කොටා සහ උඩුරැවුල් පොන්නලාල් තක්කඩියා
හරි ආන්ඩුවක්නම් දැන් දුඹුරු සීනිටික විකුණන්න බලන්න ඕනි
ReplyDeleteසීනි කෑවම දියවැඩියාව හැදෙනවා
ReplyDeleteඑක පාරටම ඩොලර් මිලියන ගණනක විදේශ මුදල් වාහන ගෙන්නන්න LC ඕපන් කරන්න හිරකරහම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා නව ඇණවුම් ලබා දීමට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීමට ආනයනකරුවන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනව තමයි මේ ගොන් හැති කරේ ඒවා දන්නෙත් නෑ.
ReplyDelete