අපි දමිල ජනතාවට විරුද්ධව යුද්ධ කළේ නෑ. අපි සටන් කලේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එක්ක.නැතුව දමිළ ජනතාව එක්ක නෙවෙයි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
විශේෂයෙන්ම වසර තිහක් පැවති යුද්ධය අවසන් කරලා මේ වන විට වසර දාහතක් වෙනවා.මැයි 18 දිනය තමයි අවසන් කරේ මැයි 19 දිනක තමයිි පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එය නිල වශයෙන් දැනුම් දුන්නේ.ඒ යුද ජයග්‍රහණය සඳහා මේ රටේ විශාල පිරිසක් කැපවීම් කෙරුවා.රණවිරුවා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඒ වගේම මෙරටේ පුරවැසියා දමිළ සිංහල හින්දු ඒ වගේම මේ රටේ හැම වර්ගයාම නියෝජනය කරමින් පුරවැසියන් ඒ යුද්ධය අවසන් කිරීම සඳහා විශාල කැපවීමක් කෙරුවා.ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතා නායකතුමනි අද සමහරුන්ට රණවිරුවන්ට රණවිරුවා කියාගන්න බැරි උනාට ඒ ඔවුන් කරපු කැප කිරීම නිසා තමයි බහුතරය අය අද නිදහසේ ඉන්නේ.අද සමහරු අර්ථකථනය කරන්න උත්සාහ කරනවා අපි දමිල ජනතාවට විරුද්ධව යුද්ධ කළේ නෑ. අපි සටන් කලේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එක්ක.නැතුව දමිළ ජනතාව එක්ක නෙවෙයි.ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඝාතනය කරපු අපේ විපක්ෂ නායකතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස මහත්තයව ඝාතනය කරපු මේ රටේ රාජ්‍ය නායකයෝ බහුතරයක් ඝාතනය කරන්න උත්සාහ කරලා ක්‍රියාත්මක වෙච්ච ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයා වැනි දමිළ, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරපු දමිළ නායකයන් දොරේඅප්පා නගරාධිපතිවරයාගෙන් පටන් ගත්තම ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා වැනි අය ඝාතනය කරපු තවත් පැත්තකින් අරන්තලාවේ භික්ෂු ඝාතනය අනිත් පැත්තෙන් කාත්තන්කුඩි මුස්ලිම් පල්ලිය යාඥා කරමින් හිටපු අය ඝාතනය කරපු අනිත් පැත්තෙන් කැබිති ගොල්ලෑවේ බස්බෝම්බය තිබ්බ ත්‍රස්තවාදීන් එක්ක අපි සටන් කලේ.
ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ දවස්වල පාසල් යන දරුවාගේ කරට දුන්නේ සයනයිඩ් කරලක්.ඒ සයිනයිඩ් කරල ගලවලා අතට පෑන දීලා අද උසස් පෙළින් ලංකාවේ එක දෙක තුන අතරට එන්න පුළුවන් තත්වෙට අද උතුර පළාත පරිවර්තනය වුනේ මේ ත්‍රස්තවාදය අවසන් කරපු නිසා.යටිතල පහසුකම් සංවර්ධනය මේවා ගැන මම වැඩිය කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ ගෞරවය එදා හිටපු රණවිරුවන්ට නායකයන්ට දෙන්න බැරි නම් ගරු කතානායකතුමනි මේ අයට නම් ඒ ගැන කියලා වැඩක් වෙන්නේ නැහැ මොකද මේ අයගේ ඉතිහාසයත් බල නහර කපපු ඉතිහාසයක් තියෙන්නේ.අදත් එහෙමයි දැනුත් එහෙමයි අපි ඔබතුමා වැනි අය ගැන කණගාටු වෙනවා හැබැයි මේක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි යථාර්ථය අද වෙනකන් රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට අඩුම තරමේ ෆේස්බුක් එකේ දාන්න අඩුම තරමේ එක්ස් පණිවිඩයක් දාන්න ට්විටර් පණිවිඩයක් දාන්න කටින් කියන්න බැරිනම් රටේ රාජ්‍ය නායකයා විදියට අවුරුදු තිහක් පැවති යුද්ධය අවසන් කරපු රණවිරුවාට සුබ පතලා.
ආබාධිත රණවිරුවන්ට අද මම දැක්කා බලන්න ගිහිල්ලා තියෙනවා හැබැයි එක පැත්තකින් ත්‍රස්තවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන සමහර අයට සමරන්න පුළුවන් හැබැයි අපි ඊයේ දැක්කා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහත්තයා සමරන්න ගියාම එළව එළවා පහර දෙන තැනට පොලිසිය පරිවර්තනය වෙලා ලැජ්ජයි. දුවනකොට වැටෙන්නේ කවුද කියලා බඩගාන කට්ටිය දන්නේ නැහැ. ඒ හින්ද පරිස්සමින් ඉන්න.මේ බඩගාන අයනේ කතා කරන්නේ ඒ හින්දා ඔය බල නහර කැපිල්ල තියාගන්න බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා.හැබැයි මේ තැනට සමාජය පරිවර්තනය කරන්න මේ අය කටයුතු කරලා තියෙනවා ඒ හින්දා අපි පැහැදිලිව කියන්නේ අපි සටන් කරේ දමිළ ජනතාව එක්ක නෙවෙයි.එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් එක්ක.හැබැයි ඒ වගේම තමයි මේ රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්න ඒ හින්දා මොන අභියෝගය ආවත් මොන අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණත් මේ රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්නත් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමත් අපි කරනවයි කියන එකත් ඔබ තමුන්නාන්සේට මතක් කරන්න ඕනේ.
දැන් මේ රාජ්‍ය ආදායම ගැන බොහෝ දෙනා කතා කරා.බදු වැඩි කරලා අසීමිත විදියට බදු වැඩි කරලා අර ලක්ෂ දොළහට කාර් එකක් ගන්න හිටපු තරුණයන්ටත් සීයට පනහක බද්දක් ගහලා අසීමිත විදියට බද්ධ වැඩි කරලා දැන් කියනවා ටින් නම්බරේ නැත්නම් නඩු දානවලු.මාස හයක් හිරේ දානවා ටින් නම්බරේ නැත්නම් දැන් මෙතුමන්ලා බලයට එන්න කලින් මේ ටින් නම්බරය ගැන සමාජයේ කතිකාවක් හැදෙන කොට ආණ්ඩුව ප්‍රතිපත්තියක් විදියට ඒක ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙනකොට මොකක්ද මෙතුමන්ලා කිව්වේ ටින් නම්බර් ඕනේ නෑ කිව්වා රට හදන්න හැබැයි දැන් බලයට ආවට පස්සේ මොකක්ද කියන්නේ ටින් නම්බරේ නැත්තං හිරේ දානවලු.ඔබතුමන්ලාට මේක තේරෙන්නේ නැහැ බහුතරයක් ඉන්න අය ඔබතුමන්ලා ටින් අංකම දාලා හිරේ දාලා බෙල්ල මිරිකලා ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ අනාථ කරලා ගන්න බදු සල්ලි තමයි මේ ඔබතුමන්ලාගේ හැකර්ලා මේ හොරකම් කරන්නේ. දන්නේ නැහැ.ඔව් මම ගෙවලා තියෙන්නේ ඔයාලගේ අය මාස ගානක් තිස්සේ හොයනවා ඒ නිසා කරුණු නියෝජ්‍ය කතානායකතුමනි ජීවිතයට බදු ගෙවල නැති කෑ ගහනකොට ඒ අයට තේරෙන්නේ නෑ මේ රටේ සාමාන්‍ය ජනතාවට මේකේ තියෙන පීඩනය.ඉතින් සාමාන්‍ය ජනතාවට පීඩනය දාලා අනිත් පැත්තෙන් මොකක්ද කරන්නේ ආණ්ඩුව අසීමිත විදිහට බදද පටවනවා විතරක් නෙවෙයි යම්කිසි හෙයකින් ගෙවන්න බැරි වුණොත් තමන්ගේ සුපුරුදු න්‍යයාය පත්‍රය මර්ධනය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.
දැන් අපි දැක්ක මහ බැංකු අධිපතිවරයා පසුගිය දිනක ප්‍රකාශයක් කරනවා රුපියල කඩන් වැටෙන්න හේතුව තෙල් ලීටර් ලක්ෂ අටක් දවසකට අමතරව ලංකාවට ගේන්න ඕන.ලිටර් ලක්ෂ අටත් දවසකට දළ වශයෙන් ඒක ලීටර් ලක්ෂ හත හමාරක් වෙන්න පුළුවන් නවය වෙන දවසුත් තියෙනවා හැබැයි ඇයි තෙල් ලිටර් ලක්ෂ අටක් නවයක් අතර දවසකට ගෙන්වන්න සිද්ධ උනේ බාල ගල් අඟුරු ගෙනල්ල කරපු පාඩුව මකාගන්න.බාල ගල් අඟුරු ගෙනැල්ලා කරපු පාඩුව මකාගන්න ඒකට අවශ්‍ය විදුලි එකක ගණන නිපදවා ගන්න තෙල් වලින් විදුලි නිෂ්පාදනය කරගන්නන ඕනේ.ඒකට දවසට අමතරව ලීටර් ලක්ෂ හතක් නමයත් අතර ගේන්න ඕනේ.ලෝකයේ වැඩිම තෙල් බැරල් එකක මිල ඩොලර් 286- 302යි අතරේ මිලදී ගන්නේ.දැන් රටේ මහ බැංකු අධිපතිවරයා කියනවා තෙල් මිලදීගන්න සිද්ධ වීම මත ලෝක තෙල් මිල හින්දා තමයි රුපියල කඩා වැටෙන්න හේතුව.හැබැයි ඒ කියන්නේ මොකක්ද පැහැදිලිවම අමතර වැඩිපුර තෙල් මිලදී ගන්න සිද්ධ වුනේ ඔබ තමුන්නාන්සේලාගේ බාලා ගල් අඟුරු මඟඩිය නිසා කියලා මතක් කරන්න ඕනෙ.
දැන් මේ බදු ගෙවන අයගේ සල්ලි ආරක්ෂා කරනවලු.කොහෙද ගරු නියෝජ්‍ය කතානායකතුමා ආරක්ෂා කරන්නේ අර පෞද්ගලික බැංකුවක බිලියන 13 හමාරක් අතුරුදහන් මුදල් අමාත්‍යංශය දන්නෙත් නෑ මහ බැංකුව දන්නෙත් නැහැ.රාජ්‍ය බැංකුවකින් මිලියන 600 ගානක් අතුරුදහන් මුදල් අමාත්‍යංශය දන්නෙත් නෑ මහ බැංකුව දන්නෙත් නෑ.අනිත් පැත්තෙන් rda එකේ ඩබල් පේමන්ට් ගිහිල්ලා තාම මිලියන පනස් එකක් හොයාගන්න නෑ.ශ්‍රී ලංකන් ගුවන් සමාගම එයාර්බස් ගැන කතා කතා කරන්නේ. ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම චෙන්නයි වල වැරදි කිරීමකටත් දාලා ඩුබායි වලත් වැරදි ගිණුමකටට ගෙවලා.මේ රටේ ප්‍රධාන ගුවන් සමාගම අනිත් පැත්තෙන් ගරු කතානායකතුමනි හැකර්ලානේ ඉන්නේ අද වෙනකොට කෝටි අනූවකට ආසන්න ප්‍රමාණයක් මුදල්ට අමාත්‍යංශයෙන් හොරකම් කරන් යනවා.මේ ජනතාවගේ බදු සල්ලි මේ ඔබතුමන්ලා ටින් අංකම දාලා හිරේ දාලා බෙල්ල මිරිකලා ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ අනාථ කරලා ගන්න බදු සල්ලි තමයි මේ ඔබතුමන්ලාගේ හැකර්ලා මේ හොරකම් කරන්නේ.
ඔය වගේ නෙවෙයි ඔබතුමන්ලා දන්නවානේ ප්‍රාදේශීය ලේකම් කාරයාලයකට එක හැකර් කෙනෙක් පක්ෂය නියෝජනය කරලා අන්න දිට්වා එකට දීපු ආධාරත් හොරකම් කරලා ඒකටත් පරීක්ෂණයක් යනවා.ඒ හින්දා ඔබතුමන්ලාගෙන් අපි මේ කරුණාකරලා ඉල්ලන්නේ මේ ජනතාව ගැන හිතන්න ජනතාවගේ පැත්තට කතා කරන්න ඔබතුමන්ලා විපක්ෂයේ ඉන්නකොට ඔය කතා කිව්වේ නැහැ.අවසාන වශයෙන් විනාඩියක් අරගෙන මේ පොහොර සම්බන්ධයෙන් විදුලි බිල වැඩිවෙනවා වතුර බිලත් දැන් වැඩිවෙනවා කියලා කියනවා දැන් පොහොර සම්බන්ධයෙන් යලකන්නට අවශ්‍ය පොහොර ප්‍රමාණය තියෙනවා කියලා ඇමති කියනවා. හැබැයි ගමට ගියාම නෑ.තවත් පැත්තකින් වී වලට ප්‍රමුඛතාවය දෙනවා කියනවා. එතකොට තේ වලට බඩ ඉරිඟු වලට එළවලු වලට දැන් මහ කන්නය එනවා දැන් අපි ආණ්ඩුවෙන් අහනවා මහකන්නේ ගොවියාට දරාගන්න පුළුවන් මිලට පොහොර ලබා දෙන්න සැලැස්ම මොකක්ද කියලා ගරු කතානායකතුමනි.අද වෙනකම් ආණ්ඩුවට මහ කන්නය එනකොට දරාගත හැකි මුදලකට පොහොර ලබා දෙන්න සැලැස්මක් නැතිකම තමයි ගොවි ජනතාවගේ මතය. ඉතිං ඒ පිළිබඳවත් ආණ්ඩුව උත්තරයක් දෙන්න ආයේ යල කන්නේ ඉවර වේගෙන එන්නේ දැන් මහ කන්නය ඉවර වුණාට පස්සෙත් ලෝකයේ දැන් ආහාර හිඟයක් සම්බන්ධයෙන් කතා වෙනවා ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කතා වෙනවා පැහැදිලිවම අපිටත් ආහාර සුරක්ෂිතතාවය සහ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා ඉතින් මේවා ගැනත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
