‘විදුලි ගාස්තු යලි වැඩි කරන්නද..’ මහජන මතය විමසයි..


 ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම පදනම් කරගනිමින්, 2026 වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ මහජන අදහස් විමසීමේ සැසිය අද (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.  

විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම රුපියල් බිලියන 38ක මූල්‍ය හිඟයකට මුහුණ දී සිටියි.  

මෙම හිඟය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 20%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ දැමීමට එම සමාගම යෝජනා කර ඇත.  

ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම විසින් මෙම සංශෝධිත පිරිවැය ඇස්තමේන්තු පසුගිය අප්‍රේල් 27 වැනිදා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කරන ලදී.  

හෙට පැවැත්වෙන වාචික සැසියේදී ලියාපදිංචි වෘත්තිකයන්ට සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු මහජනතාවට සිය අදහස් ඉදිරිපත් කළ හැකිය. 

මීට අමතරව, තැපෑල සහ ෆැක්ස් , විද්‍යුත් තැපෑල (Email), වට්ස්ඇප් (WhatsApp) ක්‍රමවේද හරහා ද අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතී.    

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කරන්නේ, මහජනතාවගෙන් ලැබෙන සියලු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සම්බන්ධ අවසන් තීරණය මේ මස (මැයි) 09 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.

6 Comments

  1. කරමු නේද? මිනිස්සු බොන්ඩ සල්ලි නහස්ති කරණවා, සුරාසැල් ඉස්සරහා දිග පෝලිම්, ඇයි මේ මිනිස්සුන්ට ඒ මුදල් රටේ යහපතට යොදවන්ඩ බැරි. පොඩි ගාණකින් වැඩි කරන එක මේ වෙලාවේ රටේ මුදල් බීලා නහස්ති කරණ එකත් එක්ක බලද්දි, හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. Agreed,

      Mun hithan inne rate serama beela kiyala

      Minissu hithanne mun beela kiyala, karana athal wada dakala

      Delete
    2. පතිරණ ගලප්පත්තිMay 6, 2026 at 6:42 AM

      රංජනියෙ ඇත්ත කියපන්, උඹේ මිනිහ බීල ඇවිල්ල හැමදාම උඹට අහවල් වැඩේ කරන කේන්තියට නේද මේ වැඩි කිරිල්ල කරන්ඩ කියල කියන්නෙ. ගෑණියේ, උඹේ මිනිහ කණමදය වගේ බිව්වට හැම මිනිහෙක්ම එහෙම නෑ බං. ඒ හින්ද නිකම් බොරුවට කහින්නෙ නැතුව හිටපන්.   

      Delete
  2. මමනං කියන්නේ 100%කින්ම වැඩිකරන්න ඕන කියල. එහෙම නැතුව කොහොමද ලස්සන රටක් හදන්නේ

    ReplyDelete
  3. Mahajanya bahutharayak kamathi bill vadi karala anduwata sahayogaya denna. Akamathi vipakshaye harak tika. Sulutharayak pamanai. Un rata hadenawata akamathi.

    ReplyDelete
Previous Post Next Post