රුපියල ස්ථාවර කිරීමට මහ බැංකුව ප්‍රමාද වී මැදිහත් වීම හේතුවෙන් විදේශ විනිමය වෙළඳපොළට ඩොලර් මිලියන 500කට ආසන්න දැවැන්ත මුදලක් මුදා හැරීමට සිදුව ඇති බවත්, මේ නිසා මෙරට විදේශ සංචිත දැඩි ලෙස පහළ බැස ඇති බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, රුපියල 353 සීමාව දක්වා අවප්‍රමාණය වන තෙක් මහ බැංකුව බලා සිටීම බරපතළ වරදක් බවයි.
රුපියල ස්ථාවර කළ බව පවසමින් රජය සහ මහ බැංකු අධිපතිවරයා උදම් ඇනුවද, මෙම ස්ථාවරභාවය තාවකාලික වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට ඔහු අනතුරු ඇඟවීමක් ද කළේය.
උද්ධමනය, විනිමය අනුපාතිකය සහ පොලී අනුපාතිකය ස්ථාවර කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා, රුපියලට නූල කැඩිච්ච සරුංගලයක් වගේ පාවෙන්නට ඉඩ දී මහ බැංකුව නිහඬව බලා සිටීම ගැටලුසහගත බව ප්‍රකාශ කළේය.
රුපියල කඩාවැටෙන මුල් අවස්ථාවේදීම මහ බැංකුව නිසි ලෙස මැදිහත් වූයේ නම්, මෙලෙස ඩොලර් මිලියන 500ක වැනි විශාල මුදලක් වෙළඳපොළට මුදා හැර සංචිත පහළ වට්ටවා ගැනීමට සිදු නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රමාද වී ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ඇති වූ ස්ථාවරත්වය කෙටි කාලීන එකක් විය හැකි බැවින්, ඉදිරියේදී ආර්ථිකය තවදුරටත් අවදානමකට ලක්විය හැකි බව හිටපු අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඇයි දුක ද? භාණ්ඩාගාරයේ ඩොලර් සංචිත අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යමින් ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය අවම ඩොලර් ප්‍රමාණය ප්‍රමාණය වෙළඳපළට විද්‍යාත්මකව නිකුත් කිරීම සිදු කල යුතුයි. එසේ කිරීමෙන් ආර්ථිකය ස්ථාවරව පවත්වා ගත හැකියි. යම් කාල වලදී අපණයන වැඩි වුණොත්, එහෙම වෙන්නේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ වල ඉල්ලුම වැඩිවීම සමඟ, එවැනි අවස්ථා වල වැඩි විනිමය සංචිත ප්‍රමාණයක් නිකුත් කල යුතුයි. ඒ වගේම තමයි ඒ භාණ්ඩ වල ඉල්ලුම යලි පහත වැටෙනවා ටික කාලයකින්, එවිට අපණයන අඩු වෙනවා, එවිට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් වෙළඳපළට විදේශ විනිමය නිකුත් කල හැකියි, ඒ විදියට තමයි සංචිත කළමණාකරණය කරන්නේ.
ReplyDeletekisi dukak na. ohama thama issarath une. habai jeppo kelapu pacha wala nam ohama kathwak kiwwe na.....
DeleteIMF eken ahalai kale. Galappaththiya, tho kata saha pu## wahagena hitu.
DeleteIMF eken ahalai kale. Tho kata saha pu## wahagena hitu.
ReplyDeleteHORA KALA
ReplyDelete