ඉරානය කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් අත්පත් කර නොගත යුතු බවටත්, ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් වන ‘හෝමූස් සමුද්‍ර සන්ධිය’ බාධාවකින් තොරව විවෘතව තැබිය යුතු බවටත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් යන මහත්වරුන් අතර එකඟතාවයක් ඇති වී තිබේ.
බීජිං අගනුවර පැවැත්වෙන දෙරටේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී මෙම තීරණවලට එළඹුණු බව ධවල මන්දිරය නිවේදනය කළේය. ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙකෙහි නායකයන් අතර පැවති මෙම සාකච්ඡාවලදී ආර්ථික සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව, බලශක්ති ස්ථාවරත්වය සහ වෙළඳ සබඳතා පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත.
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, "ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් හිමි නොවිය යුතු" බවට නායකයන් දෙපළම එකඟ වී ඇති අතර, නිදහස් නාවික ගමනාගමනය සුරැකීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර තිබේ.
ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු ප්‍රවාහයෙන් පහෙන් එකක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බැවින්, එහි සිදුවන ඕනෑම බාධාවක් ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කරයි. චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ මෙම සමුද්‍ර සන්ධිය මිලිටරීකරණය කිරීමට හෝ එහි ගමන් කරන නෞකා සඳහා බදු අය කිරීමට දරන ඕනෑම උත්සාහයකට චීනය විරුද්ධ වන බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති සැපයුම මත පවතින යැපීම අවම කර ගැනීම සඳහා චීනය අමෙරිකානු තෙල් මිලදී ගැනීම වැඩි කිරීමට කැමැත්ත පළ කර තිබේ.
චීනය තුළ ක්‍රියාත්මක වන අමෙරිකානු ව්‍යාපාර සඳහා වැඩි අවස්ථාවන් ලබාදීම සහ අමෙරිකානු කර්මාන්ත ක්ෂේත්‍රයේ චීන ආයෝජන දිරිමත් කිරීම පිළිබඳව අවධානය යොමු විය.
අමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීම ඉහළ නැංවීමටත්, 'ෆෙන්ටැනයිල්' නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ගලා ඒම පාලනය කිරීමටත් නායකයෝ එකඟ වූහ.
රාජ්‍ය භෝජන සංග්‍රහයක් අමතමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ චීන දූත පිරිස සමඟ පැවති සාකච්ඡා "ඉතාමත් සාර්ථක හා ඵලදායී" වූ බවයි. එමෙන්ම ලබන සැප්තැම්බර් මාසයේදී නිල සංචාරයක් සඳහා ධවල මන්දිරය වෙත පැමිණෙන ලෙස ට්‍රම්ප්, ෂී ජින්පින් ට ආරාධනා කර ඇත.
වසර ගණනාවක සිට වෙළඳාම, තාක්ෂණය සහ භූ-දේශපාලනික තරඟකාරීත්වය හේතුවෙන් දෙරට අතර පැවති නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමටත්, මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමටත් මෙම හමුව තීරණාත්මක පියවරක් වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පවසති.

චීනයේ ප්‍රධානතම වෙළඳ කටයුතු කරණ රාජ්‍යය ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකාවට චීන අපණයන වලින් 15%ත් 20%ත් අතර ප්‍රමාණයක් එවනවා. ලෝකේ අනෙක් හැම රටකටම චීන අපණයන ප්‍රතිශතය 4%ක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක් (හොංකොං වලට හැර, හොංකොං වල ප්‍රථිඅපණයන නිසා චීන අපණයන 8%ක් පමණ හොංකොං වෙත ලැබෙනවා). මේ නිසා චීනයට සහ ඇමරිකාවට හැම විටම එකඟතාවයන්ගෙන් පරිපූර්ණව කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ අනුව චීනය දිනෙන් දින දියුණු වෙනවා, ඇමරිකන් පුරවැසියන්ට අඩු මිළට නිවැරදි ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ ලැබෙනවා. ලංකාවේ මෝඩ ගොනාලා ඇමරිකාවට බැණ බැණ ඉන්නවා ඉරානෙට කඩේ යනවා. ඇමරිකාවත් එක්ක වෙළඳ ගිවිසුම්, ආරක්ෂක ගිවිසුම්, කිසි දේකට එන් නෑ, වේලි වේලි පුක කහ කහ ඉන්න ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුම් ගහලා රාජ්‍ය ස්වෛරීභාවය විනාශ කර ගන්නවා. ගෝඨා තමයි මේ විගඩම පටන් ගත්තේ.
ReplyDeletecontd.. ගෝඨා තමයි මේ විගඩම පටන් ගත්තේ අපෙ අංර ඇත්තො උඩ පැනල ඩෑෂ් එක ගැහුව
Deleteඑච්චරයි