ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයාට බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම්..


 2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්, අධිකරණයට අපහාස කිරීමේ වරදට ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට බරපතළ දඬුවම් නියම වී තිබේ.

වගඋත්තරකාර ප්‍රේමතිලක මහතා අධිකරණයට අපහාස කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුට වසර හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.

සිර දඬුවමට අමතරව රුපියල් මිලියන තුනක (රු. 3,000,000) දඩ මුදලක් ගෙවීමටද නියම කෙරුණු අතර, එම දඩය ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසරක අතිරේක සිර දඬුවමක් විඳිය යුතු බව තීන්දුවේ සඳහන් වේ

5 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය නිකුත් කළ නියෝගයක් හිතාමතාම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකිරීම මොහුට එරෙහිව තිබූ ප්‍රධාන චෝදනාවයි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

4 Comments

  1. අධිකරණය ඔනෑවට වඩා බලයක් මවා පාන්න යන බව පේනවා. අර කෙනෙක් කිව්වනෙ ඕකුන් පට්ට දූශිතයි කියල.

    ReplyDelete
    Replies
    1. R u 2 paasport wife ?😁😁😁

      Delete
    2. I was also wondering whether just by punishing Ranja who brought accusations of corruption, could the accused party clear its name of corruption. They just shot the messenger Ranja. That’s why we who practice law in the UK never take judicial precedence from places like Sri Lanka although it’s in the commonwealth.

      Delete
  2. හරියට හරි. අහිංසකයන්ට දැඩි දඩුවම්. තෝර මෝර අපරාධකරුවන් නිදැල්ලේ. තුන්වෙනි ලෝකෙත් අඩියෙම තියෙන හුණ්ඩුවක්නෙ ලංකාව.

    ReplyDelete
Previous Post Next Post