ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 අයවැය ප්‍රකාශය මඟින් ඉදිරිපත් කළ ඌණ උපයෝජිත ඉඩම් හඳුනාගෙන, ඒවා වඩාත් ඵලදායී ලෙස උපයෝජනය කිරීමේ ප්‍රතිපත්තියට අනුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් එහි දෙවන අදියර (Stage 2) නිල වශයෙන් ආරම්භ කර තිබේ. මේ යටතේ අමාත්‍යාංශය සතු ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB), ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC) සහ ඇල්කඩුව වැවිලි සමාගම (EPL) යන ආයතන සතු ඌණ උපයෝජිත ඉඩම් හා දේපළ ප්රශස්ත ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ආයෝජන අවස්ථා සඳහා සුදුසුකම් ලත් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගෙන් ද අභිලාෂ ප්‍රකාශ කිරීම් (EOI) දැනටමත් කැඳවා ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ මහනුවර, මාතලේ, නුවර එළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල වැනි දිස්ත්‍රික්කවල පිහිටි විශාල වතු ඉඩම්, තේ කර්මාන්තශාලා සහ බංගලා සඳහා ආයෝජන කිරිම සඳහා අවස්ථාව ඇත.
ලබා දී ඇති ඉඩම් ලැයිස්තුවට අනුව ආයෝජන ඉඩම් ප්‍රමාණයන් කාණ්ඩ 5ක් යටතේ වග කර තිබේ:
1 වන කාණ්ඩය (හෙක්ටයාර 100 ට වැඩි): කෘෂි සංචාරක කර්මාන්තය (Agricultural Tourism) සහ කුළු බඩු වගාවන් සඳහා වසර 30ක උපරිම බදු කාල සීමාවකට යටත්ව ලබාදෙන හගල, මිඩ්ලන්ඩ්, ඕපල්ගල, වුඩ් සයිඩ් වැනි විශාල වතු ඉඩම්.
2 වන කාණ්ඩය (හෙක්ටයාර 50 සිට 100 දක්වා): කෘෂි සංචාරක ව්‍යාපෘති සඳහා සුදුසු ගල්පිහිල්ල, කැල්ල බොක්ක, කොටගඟ, ගෝමර සහ හරේ පාර්ක් වැනි වතු කොටස් (බදු කාලය වසර 30).
3 වන කාණ්ඩය (හෙක්ටයාර 20 සිට 50 දක්වා): රත්වත්ත, විහාරගල, හන්තාන වැනි ප්‍රදේශ වල වැවිලි ක්ෂේත්රය, සුර්ය පැනල බල ශක්ති සහ සංචාරක ව්‍යාපෘති සඳහා වසර 20-30 කාලයකට ලබාදෙන ඉඩම්.
4 වන කාණ්ඩය (හෙක්ටයාර 20 ට අඩු): දෙල්තොට, ගලබොඩ, හන්තාන, කඳල්ඔය, ලෙවල්ස්, රොක්වුඩ්, රහතුංගොඩ සහ කොළපතන වැනි ප්‍රදේශවල පිහිටි සංචාරක හා කෘෂි කාර්මික ව්‍යාපෘති සඳහා සුදුසු කුඩා ඉඩම් කොටස් විශාල ප්‍රමාණයක් මෙයට ඇතුළත් වේ.
5 වන කාණ්ඩය (බංගලා සහ කර්මාන්ත ශාලා): ඌන උපයෝජිතව පවතින තේ කර්මාන්තශාලා (කොටගඟ, හුන්නස්ගිරි, වුඩ්සයිඩ්, දංකන්ද, කඳල්ඔය, ගලබොඩ, රොක්වුඩ් ආදී) සහ බංගලා/නිල නිවාස සංචාරක කර්මාන්තය හෝ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කර පවත්වා ගෙන යාමට වසර 20-30ත් අතර කාලයකට බදු දීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන සාමාන්‍ය පුද්ගලයින්ට හෝ ලංකාවේ පවතින ලිඛිත නීතියක් යටතේ ස්ථාපනය කර ඇති ඕනෑම නීතිමය පුද්ගලයෙකුට/ආයතනයකට මේ සඳහා අයදුම් කළ හැකිය.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජූනි මස 30 වන දින පෙ.ව. 11.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව පැමිණ භාරදිය යුතුය.
ලිපිනය: සභාපති, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, 8 වැනි මහල, A පර්යන්තය, සෙත්සිරිපාය II වන අදියර, බත්තරමුල්ල.
වැඩිදුර තොරතුරු: www.plantation.gov.lk නිල වෙබ් අඩවියෙන් ඉඩම් ලැයිස්තුව, සුදුසුකම් සහ ඇගයීම් නිර්ණායක භාගත කරගත හැක. ( දුරකථන: 0112186223 / විද්‍යුත් තැපෑල : mpeiunderutilizedland@gmail.com)
අදාළ ඉඩම්/ දේපළ නිරීක්ෂණය සඳහා අවසර දෙනු ලබන්නේ පෙර ලිඛිත අනුමැතියක් මත පමණක් බවත්, එවැනි අනුමැතියකින් තොරව පරිශ්‍රයට ඇතුළු වීමට අවසර දෙනු නොලැබෙන බවත්, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප වන බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි

සුපිරි. එහෙනං කැලෑ ටික එලි කරලා ඉතුරු ගස් ටිකත් කපලා දාවි ජෙප්පො ටික.
ReplyDeleteඔය වගේ ටොයිස් වැඩ නම් ජෙප්පොන්ට ගේමක් නැහැ.
හොඳම කැලෑ ටික නේද නම් කරලා තියෙන්නේ. කොහෙද දන්නෙ නැහැ අර පඬු කරඳ පරට්ටි.
ReplyDeleteපරිසරවේදී දෑ හිතමාමක, අලි කඳුලු ගනින බෞද්ධ විරෝධී, එන්.ජී.ඕ කුක්කො ටික කෝ?
Deleteආ, එයාලාගේ ලොක්කි අගමැති වෙලානේ. එයාල දැන් සමලිංගික වේස කතා ගොතනවා අධ්‍යාපන අමාත්‍යංශයේ ඉඳන්. අධ්‍යාපන ප්රතිසංස්කරණලු.
ආයෝජන නම් හොඳටම කොරයි වගේ.
ReplyDeleteපොර්ට් සිටිය හදන්න සීගිරියත් කඩයි කියපු ජෙප්පො ටික කැලෑ ටික බෙදාගෙන.
ලස්සන නමකුත් දාගෙන. ආයෝජන.
දැන් පතිරණ ගලප්පත්ති ඩෝබියා මේ ගූ කේස් එක හෝදන්න හෑල්ලක් ලියනව ඇති. ඌ කියාවි, බලන්න රට හැදෙන ලස්සන. කැලෑ නම් මොනවද ඩෝ. ඔය ඕන තරම් තියෙන්නෙ. සත්තුත් ඔය 68 ලක්ශයක් ඉන්නෙ කැලේ නැතුවම කියලා. ඕන් බලාපන්කො බොරුද කියල.
රාජපක්ෂලා කරානම් මුන් කොහොම උඩ පනිල්ලක් පනීද කැළේ කපනවා කියල.
ReplyDeleteඑහෙම උනා නම් දේවානි එන්නේ රෙද්ද උස්සගෙන.
Deleteඅර එන්.ජී.ඕ සෙට් එකත් එයි කහපාට, රතුපාට බෝඩ් උස්සන්.
"අපේ කැලේ අපිට දියව්. "
"කැලේ රෙන්න කැලයක් කෝ"
"ඉන්නෙ පැලේ රෙන්නෙ කැලේ" කියාගෙන
චාපා බණ්ඩාරගේ youtube බලන්න ලස්සනට රටට වෙන දේ පැහැදිලි කරනවා
ReplyDeleteUCqwWCaCUb5zY2-BsiN5BFmw
http://www.youtube.com/@chapa9644
Delete