වත්මන් රජය කිසිදු ලෙසකින් වංචාවට හෝ දූෂණයට සම්බන්ධ වී නොමැති බවත්, තමන් සිදුකරන කටයුතු පිළිබඳව හෘද සාක්ෂියට එකඟව දැඩි විශ්වාසයක් පවතින බවත් එනිසා නිදහස් වනු ඇතැයි කීමට අයිතියක්ද ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
ස්වාධීන රූපවාහිනියේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ රජයක් ලෙස කිසිසේත්ම වංචාවට දූෂණයට අත තබා නැති අතර මින් ඉදිරියට ද ඊට ඉඩ නොතබන බවයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා කමිටුව හමුවට කැඳවන ලෙස මෝසමක් ඉදිරිපත් කළ බවත්, ඒ පිළිබඳව කමිටුව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.
කෙසේ වෙතත්, මේ වන විට සාක්ෂිකරුවන් හතර පස් දෙනෙකුගෙන් විමසා ඇති සාක්ෂි පරීක්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනා මෙම සිදුවීම්වලට සම්බන්ධ බවට කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් නිකරුණේ ඔවුන්ව කමිටුව හමුවට කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව කමිටු බහුතරයේ තීරණය වී ඇත. එහෙත් අනාගතයේදී යම් හෙයකින් ඔවුන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුවහොත් ඔවුන්ව කැඳවීමේ අයිතිය කමිටුව සතු බව ද සභාපතිවරයා තීරණය කළ බව වටගල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කමිටු ක්‍රියාකාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එහි තොරතුරු රහසිගතව තබා ගැනීමට එකඟතාවයක් තිබුණ ද ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් තමන්ට ඇති බවයි. කමිටුව තුළ විපක්ෂ මන්ත්‍රීවරුන්ට වැඩි අවස්ථාවක් හිමිව ඇති බවත්, නාගහනන්ද කොඩිවක්කු සහ උදය ගම්මන්පිල වැනි අයගෙන් වැඩිපුරම හරස් ප්‍රශ්න ඇසුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.
තමන්ට ලැබුණු ජනවරම අකුරටම ඉටු කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, අතීතයේ සිටි දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය නොපැකිළිව කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරුන්ට සහ වත්මන් මන්ත්‍රීවරුන්ට අදාළ පනත් ගෙන එමින් තමන් වචනයෙන් නොව භාවිතාවෙන් ජනවරම ඉටු කරන ආකාරය පෙන්වා දී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ ජෙපි පරයන්ගේ හෘද සාක්ෂිය අපි දන්නවා. කැම්පස් යුනියන් වලින් හොරකම් කරපු උන්ගේ හෘද සාක්ෂිය හිතාගන්න පුළුවන්නේ. හොර හැත්ත හිතන් ඉන්නේ උන්ගේ හොරකම් හරි අනිත් උන්ගේ වැරදි කියල.
ReplyDeleteමූ මිනීමරුවෙක්. මූ තමයි නන්දන ගුණතිලකව මැරුවේ. මූ තමයි රංග රාජපක්ශගේ බල නහර කැපුවේ.
Deleteමූ තමයි අර සාක්ෂිකාරයාව බෙල්ලෙ වැල දාගන්න සෙට් කෙරෙව්වේ. 88/89ත් මිනී මැරුවා, තාමත් මිනීමරනවා.
නන්දන ගුණතිලක මරාදැමූවන්ටත් එලෙසින්ම මරණ අත්වේවි.
Deleteගල් අඟුරු වංචාවේ විගණන වාර්තාවේ පැහැදිලිවම තියෙනවා සුදුසුකම් නැති සමාගමකට ටෙන්ඩරය දීලා කියලා. ඒකත් ටෙන්ඩරය ඉවර වුනාට පස්සෙ විශේෂයෙන්ම කතා කරලා තමා දීලා තියෙන්නෙ. අනික කීපාරක්ම ටෙන්ඩර කොන්දේසි උල්ලංගනය කරලා තියෙද්දිත් තවම ටෙන්ඩරය කැන්සල් කරලා නැහැ. පැහැදිලිවම ආණ්ඩුව සම්බන්ධ වංචාවක් කරලා තියෙද්දිත් කොහොමද මේකා මෙහෙම බොරු කියන්නෙ. අනික මේ වංචාව ඉතිහාස ගතවෙන විශාල වංචාවක්.
ReplyDeleteඋඹ යටතේ වැඩ කරපු එකෙක් තමයි දැන් අර අල්ලස් කොමිසමේ ලොක්කා වෙලා මිනී මර මර යන්නේ. පොඩ්ඩක් ඌ ගැන හොයල බලපන්. නන්දන ගුණතිලකව මැරුවෙ උඹ.
ReplyDeleteආපු හැටිය, පාර්ලිමේන්තුවේ ඉතා ලාබ කෑම රෑට කන්නත් ඔතාගෙන ගියපු හොරු සෙට් එකක් මේ ඉන්නෙ.
ReplyDeleteනන්දන ගුණතිලකව මැරුවේ මොකකට එකඟවද? තොගේ හෘදය සාක්ෂියද කියන්නේ සාක්ෂිකාරයො මරන්න කියලා?
ReplyDeleteමිනීමරුවා. අහිංසක මිනිස්සු කීයක් මැරුවද උඹ මේ අවුරුදු එකහමාරට?
ReplyDeleteඅතීතයේ සිටි දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විතරද රජය නොපැකිළිව කටයුතු කරන්නෙ?
ReplyDeleteඒකද ඉතා ප්‍රසිද්ධ වර්ථමාන මහාපරිමාණ වංචා යට ගහන්න දඟලන්නෙ?
නොදකින් විතරක් vachalaya.
ReplyDeleteඅර මත්ද්‍රව්‍ය රැගෙන ආ හාමුදුරුවරු කිව්වොත් හර්ද සාක්ෂියට අනුව වැරදි නැහැ කියලා නීතිය එය පිළිගන්නවද. වැරදි කළොත් සැමට නීතිය සමානයි. නුඹලගෙ කථානායක දෙපළ පවා නීතිය නැව්වා. පළමු එකාගෙ හර්ද සාක්ෂිය කෙසෙ වෙතත් ජපාන උපාධි සහතිකය ඉදිරිපත් කරන්න.
ReplyDeleteඒ චීවරධාරීන්ට මත්ද්‍රව්‍ය පාර්සල් දීලා තියෙන්නෙත් මාලිමාවෙ එකෙක්. ප්‍රධාන චීවරධාරියත් මාලිමාවෙ. ඇයි මාලිමාවෙ උන් එහෙම?
DeleteEverybody has right to say i am clean
ReplyDeleteWatGala is correct.
ආරියතිලක
ReplyDeleteබටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන හා වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල විසින් අනුමත කොට පිළිගෙන ඇති ජවිපෙ කරන ලද ත්‍රස්තවාදී ක්‍රියා හෘදය සාක්කියට එකඟව කළේ යයි කියා නිවැරැදි විය හැකි ද?
අපි නැවත අවධාරණය කරමු..
ත්‍රස්තවාදී සංවිධානයක් හෝ ත්‍රස්ත කල්ලි නායකයෙක් කිසිදු කලක රටකට යහපතක් කළ බව ලෝක ඉතිහාසය ඔප්පු කොට නැත.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැව්බිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ සමාප්ති නිරීක්ෂණ සටහන් යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත.
මෙකරුණින් ආණ්ඩුක්ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව උල්ලංඝනය වීම මත, ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාව් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන්
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.
ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත.
"ටික-ලෝ "ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?
ReplyDelete