එරාන්ට ක‍්‍රිකට් සභාපතිකම දුන්නේ මාලිමාවේ වැඩ්ඩො නැති නිසා.. දක්‍ෂයන් ඉන්නේ අපි ලග බව පිලිගත්තා..


 ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට රජය ගත් තීරණය පිළිබඳව තමන් සතුටු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහ්මාන් මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ජාතික ජන බලවේගය තුළ වගකීමක් භාර දීමට තරම් සුදුසු පුද්ගලයන් නොමැති බව මෙම පත්වීම හරහා ආණ්ඩුවම පිළිගෙන ඇති බවයි.

එරාන් වික්‍රමරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති බවත්, ඔහු ක්‍රීඩාව පිළිබඳ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳවත් මනා දැනුමක් ඇති පුද්ගලයෙකු බවත් මූජිබර් රහ්මාන් මහතා මෙහිදී සිහිපත් කළේය.

ජාතික ජන බලවේගයට වඩා සමගි ජන බලවේගය තුළ ප්‍රධාන වගකීම් දැරිය හැකි, දක්ෂ පිරිසක් සිටින බව වර්තමාන රජය විසින්ම මෙවැනි පත්වීම් හරහා සනාථ කර ඇති බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. 

සුදුස්සාට සුදුසු තැන ලබා දීමේදී ආණ්ඩුවට තම පක්ෂයේ සහාය පැතීමට සිදුවීම විශේෂත්වයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

5 Comments

  1. ඔය මිත්‍යාකාරයෝ තමයි ක්‍රිකට් කෑවේ. අනික පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු මුසලමානුවෝ දේශපාලුවෝ තාම නිදැල්ලේ.

    ReplyDelete
  2. Harsha & iran
    Sjb
    Left

    😂😂

    ReplyDelete
  3. Sitha niwana katha

    Mujubar also supports jvp long term ago

    ReplyDelete
  4. මෝඩයෝ අනුර 1 ගලින් කුරුල්ලෝ දෙන්නෙක් මරාගත්තා. ආණ්ඩුව ලග ලග හොරා කාපු ඒවා අමතක කරා ක්‍රිකට් පෙන්නලා. වැඩේ අල උනාම කියන්න ඉඩ තියාගත්තා සබජේ උන්ට වැඩ බෑ කියලා.

    ReplyDelete
  5. මේ ඔක්කොම game රජයට එරෙහිව එන පීඩනය වළක්වා ගැනීමට හා නොහැකියාව, උද්ධච්ච කම නිසා වන අප්‍රසාදය වෙනතකට යොමු කර ජනතාව මුළා කිරීම ට.

    ReplyDelete
Previous Post Next Post