ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැළිය අද (01) පෙරවරුවේ නුවරඑළිය නුවරඑළිය සිනෙසිටා ක්රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගය මෙවර දිවයින පුරා ප්‍රධාන මැයි දින රැළි සහ පෙළපාළි 21ක් සංවිධානය කර ඇති අතර, නුවරඑළිය රැලිය ඉන් ප්‍රධාන එකකි.
නුවරඑළිය මැයි දින රැළිය සඳහා සහභාගී වීමට විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් පැමිණ සිටියහ.
ඒම ජනතාව රැගෙන පැමිණි බස් රථ විශාල ප්‍රමාණයක් නගරය ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගණයක ගාල් කර ඇති අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල ද බහුලව හුවමාරු වෙමින් පවතී.
විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැළිය හේතුවෙන් නුවරඑළිය නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබින.

රැලි වලට විසි කරන සල්ලි ප්‍රමානයෙන් කියන්න පුලුවන් කවුද ලොකුම හොරා කියලා
ReplyDeleteOhoma bayawenna epa ban...Dan ubalane kiwwe malimawata senaga na kiyala..Ay me dan dagalanne... Ubalata kawadath ba ban
Deleteලොකු හොරු, ලොකු වියදම්.
ReplyDelete