ඇමති සුනිල් සෙනෙවි, ඇමරිකාවේ තානාපති මහින්ද සමරසිංහ සමග මේරිලන්ඩ් පන්සලේ...


 අතර මඟ  ඇනහිට තිබුණු  පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු  වත්මන් රජය  යළි ආරම්භ කළ  බව බුද්ධ ශාසන, ආගමික  හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය  හිනිදුම සුනිල් සෙනවි මහතා කියයි.

ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරක නිරතව සිටින අමාත්‍ය  ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා, මේ බව කියා සිටියේ,  උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ   බැහැ දැක ආශිර්වාද   ලබා ගැනීමට  පැමිණි අවස්ථාවේ දීය.

මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ  විහාරස්ථානයේ දී   මෙම හමුව පැවැත්විනි.

පුරාවිද්‍යා ස්ථාන  ආරක්ෂා කර ගැනීමේ  රජයේ වැඩපිළිවෙළ   සම්බන්ධයෙන්   කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ විසින්  අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු  දෙමින් අමාත්‍ය වරයා මේ බව පැවැසීය.

කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ විවිධ  මිනිස් ක්‍රියාකාරකම්  හේතුවෙන්  රටේ  පුරාවිද්‍යා ස්ථාන  බරපතළ තර්ජනය කට ලක්ව ඇතිබවයි.

ඒ අනුව රටක ජාතික උරුමයක් වන පුරාවිද්‍යා ස්ථාන  ආරක්ෂා  කර ගැනීම  බලයට පත් වන ඕනෑ ම  ආණ්ඩුවක අත් හල නොහැකි වගකීමක්  වන බවයි.

මෙහිදී අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පෙන්වා දුන්නේ අතර මඟ  නතර වී තිබුණු  පුරාවිද්‍යා ස්ථාන කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු  ආරම්භ කළ බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල  ඒකාබද්ධව රිටිගල, දීගවාපි,  නෙළුගල ආදි පුරාවිද්‍යා ස්ථාන  මෙලෙස  යළි ආරම්භ කළ බව  හෙතෙම  කීය.

දිට්වා සුළි කුණාටුවෙන්  දිවයින පුරා පිහිටි පුරා  විද්‍යා  ස්ථාන රැසකට  හානි සිදුවී ඇතිබවත්, කඩිනමින් ප්‍රතිසංස්කරණ කළයුතු  ස්ථාන  හඳුනා  ගෙන ඇතිබවත් ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා කීය.

පුරාවිද්‍යා ස්ථාන ලෙස හඳුනා  ගත්,  එහෙත් මෙතෙක්  ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ නොකළ   ස්ථාන  ප්‍රතිසංස්කරණ කිරීම සඳහා  ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන  රජය සතුව පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන්  මෙහිදී කියා සිටියේ ඉදිරියේ දී   ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක බෞද්ධ  සමුළුව  සාර්ථක කර ගැනීම සඳහා  රජය ලබා දෙන සහාය පිළිබඳ  ව තමා ජනාධිපති වරයා ඇතුළු  රජයට ප්‍රණාමය පළකර සිටින බවයි.

මෙම අවස්ථාව ට  එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා  සහ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ  වැඩ  සිටින භික්ෂූන් වහන්සේ  ඇතුළු  පිරිසක් සහභාගි වී සිටියහ.

සිසිර විජේසිංහ

4 Comments

  1. සුනිල් සෙනෙවි ජෙප්පා ඈවිල්ල තියෙන්නේ මේ ලන්කාවෙන් පිට ඉන්න හාමුදුරුවරුන්ටත් මොකක් හරි ලෙඩක් දාන්න තමා...

    ReplyDelete
    Replies
    1. මොනවද ලෙඩ? හාමුදුරුවන්ගෙන් ලෙඩ බෝ කර ගන්ඩ සුනිල් සෙනෙවි බබෙක් යැ. අර ප්‍රසන්න ගුණසේනයා වත් ගියා නම් ගලක් කපලා ඒඩ්ස් හැදෙයි කියල බය වෙන්ඩ තිබ්බ.

      Delete
  2. ඇමරිකන් මහින්ද

    ReplyDelete
  3. උඹ ඇමරිකාවෙ රවුම් ගහ ගහ හිටහං. අර හාමුදුරුවරු පොඩි කෙල්ලන්ව දූශණය කොරල මාට්ටු වෙලා. යකෝ සාසනේ ට කෙල වෙන්න යනකොට තොපි කොහොමද රටවල් වල රවුම් ගහ ගහ ඉන්නෙ. තියෙන පරීක්ශණ ඉක්මන් කරල දීල උන්නාන්සෙ නිර්දෝශයි නම් ඔප්පු කරන්න උදව් කරල වැරදි කාරය නම් අකුලං හිහිං ඕකුන්ගෙ ඇට දෙක ගලවන්න මොනව හරි කරපං. කාලකන්නි.. මෙච්චර දෙයක් වෙලා මූට වගතුවක් වත් නැති හැටි. බුද්ද් සාසන ඇමති.. රෙද්ද.. තුක්..

    ReplyDelete
Previous Post Next Post