භාණ්ඩාගාර ලේකම් හර්ෂණගේ සමාගම බංකොලොත්..


 පළපුරුදු රාජ්‍ය නිලධාරීන් ඉවත් කර දේශපාලන හිතවතුන් උසස් තනතුරුවලට පත් කිරීම හේතුවෙන් වත්මන් පාලනය තුළ බරපතළ ගැටලු මතුව ඇති බව ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා චෝදනා කරයි.

රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ වත්මන් භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට එම ධුරය දැරීම සඳහා කිසිදු සුදුසුකමක් නොමැති බවයි.

මෛත්‍රී ගුණරත්න මහතා පවසන පරිදි, හර්ෂණ සූරියප්පෙරුම මහතා වසර 15ක් පමණ ඕස්ට්‍රේලියාවේ පවත්වාගෙන ගිය සමාගම පවා බංකොලොත් වී ඇති අතර ඔහු අසාර්ථක ව්‍යාපාරිකයෙකි.

එවැනි පුද්ගලයෙකු මෙරට මූල්‍ය පාලනයේ ඉහළම තනතුරකට පත් කිරීම පිළිබඳව ඔහු ප්‍රශ්න කර සිටියි.

සූරියප්පෙරුම මහතාට ඇති එකම සුදුසුකම ජනාධිපතිවරයාගේ සමීප මිතුරෙකු වීම පමණක් බව ගුණරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු ආසන හරහා ජනාධිපතිවරයාගේ මිතුරන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ආ බවත්, ඉන් අනතුරුව සූරියප්පෙරුම මහතාව භාණ්ඩාගාරයට පත් කළ බවත් ඔහු සඳහන් කරයි.

භාණ්ඩාගාරයේ සිදුවන ඇතැම් කරුණු පිළිබඳව කැබිනට් මණ්ඩලය පවා දැනුවත් නැති බවට රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ වන බව පෙන්වා දුන් මෛත්‍රී ගුණරත්න මහතා, භාණ්ඩාගාර ලේකම්වරයා ජනාධිපතිවරයාව නිසි පරිදි දැනුවත් කර නොමැති නම් ඔහු තවදුරටත් එම ධුරයේ තබා ගැනීමේ ප්‍රයෝජනය කුමක්දැයි ප්‍රශ්න කර සිටියි.

මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට නම් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවත්, හර්ෂණ සූරියප්පෙරුම මහතාව වහාම ධුරයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


9 Comments

  1. If that is so, there is a suspicion that money would have gone to the account of his bankrupted company in order to clear its unpaid debts..

    ReplyDelete
    Replies
    1. Lekam is appointment based on pilitical view

      Delete
  2. meka horek. australia valdee borukarala mattu una ekek

    ReplyDelete
  3. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete
  4. හිත මිතුරු සංග්‍රහය.

    ReplyDelete
  5. හිත මිතුරු සංග්‍රහය.

    ReplyDelete
  6. මේ C news channel එක ජනප්‍රියයි. මේ පිස්සන් කොටුවෙන් පැනපු ewunuth comment දන්නේ.

    ReplyDelete
    Replies
    1. සුවර් එකටම උබත් එකෙන් පැනපු එකෙක් වෙන්න ඕනේ

      Delete
  7. නන්දලාල් පකයයි හර්සන කැරියයි දෙන්න එකතුවෙලා කොරපු හොරකමක් කියල භාණ්ඩාගාරෙ ඇතුළෙන් වාර්තා වෙනවා

    ReplyDelete
Previous Post Next Post