ලොකු නඩු තීන්දු ටිකක් ළග ළග එනවා.. මාලිමාණ්ඩුව දශක ගණනකට හොල්ලන්නවත් බෑ..- ජනපති


 දූෂණයට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග රජය විසින් දැඩි කර ඇති බවත්, ශක්තිමත් කරන ලද රාජ්‍ය ආයතන හරහා ප්‍රමුඛ පෙළේ නඩු රැසක් මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැනි විමර්ශන ආයතන ශක්තිමත් කිරීම හරහා දැනට පවතින පරීක්ෂණ කඩිනම් කර ඇති බවයි.

මූල්‍ය අක්‍රමිකතාවලට අදාළ අධිකරණ නඩු කිහිපයක්ම ඉදිරි මාසවලදී විභාගයට ගැනීමට නියමිතව ඇති අතර, ඉන් සමහරක් සඳහා ඉතා කෙටි කලකින් තීන්දු ලැබෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

"රාජ්‍ය ආයතන ශක්තිමත් කර තිබෙනවා, විමර්ශන ඉදිරියටම යනවා. මේ ගැන කලබල වී සිටින්නේ සාමාන්‍ය ජනතාව නෙවෙයි, විමර්ශනයට ලක්ව සිටින පුද්ගලයන්. ආණ්ඩුව හදලා අවුරුදු එකහමාරයි. තව කොච්චර කලයක් යයි ද? මේ ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බැරි ආණ්ඩුවක් බව මතක තබා ගන්න.

 අපි පියවරෙන් පියවර මේ රට හදනවා. සැලසුම් සහගතව රට හදනවා. ජනතාවගේ ජීවිතය උසස් ජීවිතයක් බවට පත් කරනවා

අපි අද නුවරඑළියේ මැයි දින රැළියක් පවත්වද්දී මීට පෙර පවත්වපු කිසිවෙක් අද මැයි දින රැළි පවත්වන්නේ නෑ. ඒකට හේතුව මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මලේගම් ජනතාව ඇතුළු සියලු ජනතාව විශ්වාසය තබන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව ගැනයි

ජනතාව ඉන්නේ ආණ්ඩුව එක්ක. සුන්බුන් විපක්ෂයට කියන්නේ පුළුවන්නම් පක්ෂ ඔක්කෝම එකතු වෙලා, මේ ඉන්නවා වගේ ජනතාවගෙන් කාලක් පෙන්වන්න. ඒගොල්ලන්ට ඒක කරන්න බෑ.

පොඩි පිරිසක් ඉන්නවා. 10ක් 15ක් එනවා. ආණ්ඩුවට යන්න කියනවා. ටික වෙලාවකින් එයාලාම යනවා. මේක ජනතාවගේ ආණ්ඩුවක්. මේ ආණ්ඩුව හැදුවේ, මේ ආණ්ඩුව රකින්නේ, මේ ආණ්ඩුවට ජයග්‍රහණ ගෙනත් දෙන්නේ මේ රටේ ජනතාවයි

දිට්වාවලට කෝටි පන්දාහක් වෙන් කළා. ණයට අරගෙන නෙවෙයි. මුදල් අච්චුගහල නෙවෙයි. ජනතාවගේ සල්ලි ඉතුරු කරලා. ජනතාවගේ  වැඩවලට යොදවනවා.  මේක තමයි වැඩකරන ජනතාවගේ ආණ්ඩුව. අපි ඉන්නේ ජනතාව එක්ක. ආණ්ඩුව ඔබේ ආණ්ඩුවක්." යැයි ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

දේශපාලන සහ පොදු ජීවිතයේ විවිධ මට්ටම්වල පුද්ගලයන් වෙත මෙම නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට යොමු වී ඇති බවත්, හිටපු නායකයන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් යන විශේෂත්වයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම අවධාරණය කළේය. 

දූෂණ නඩු විශාල සංඛ්‍යාවක් විභාග කිරීම සඳහා අධිකරණ පහසුකම් පුළුල් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම වසර තුළ නඩු රැසක් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

වගවීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා ජනතාව ලබාදුන් ජනවරමට අනුව රජය ක්‍රියා කරන බවත්, දේශපාලන තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සහතික විය.

18 Comments

  1. තීන්දු එන කාලය ගැන කලින් කියන්නෙ කොහොමද? අවුරුදු එක හමාරක්ම ඕකමනෙ කිව්වෙ? මෝඩයො චූන් කරන කතා

    ReplyDelete
    Replies
    1. MOTOR INSURANCE CREDIT PERIOD LIMITED TO 3O DAYS" effective from 1st May 2026

      Delete
    2. ඕවා නොවේ බලන්න.වෛරයමයි පතුරලා මෝඩ ඡෙප්පෝ රවට්ටන්නේ.තව තව හිරයට දාලා දඬුවම් කරනවා කියා ාට හරි රිද්දනකොට හිතේ ඇතිවන සතුට අරුන්ට දෙනවා.කිසිම සංවර්ධන කටයුත්තක කථාවක්ම නැහැ.වෛරයෙන්මයි රට ගෙනියන්නේ. විශේෂයෙන්ම අර නුවරඑලියේදි දුප්පත් වතුකම්කරුවන්ට කීවාම උන්ට ලොකු සතුටක් ලැබිලා අත්පොලසන් දෙනවා.වෛරයෙන්මයි රට ගෙනියන්නේ.

      Delete
  2. අර වාහනේක දාගන ස්ටේජ් වල පෙන්න පෙන්න හිටපු පුස්කාපු පයිල් මිටිය වෙන්නැති.

    ReplyDelete
  3. Kalakanninta Subadahamen hena vadinne.
    Aurudu 20k mekata Pissuda apita pissuda

    ReplyDelete
  4. ජනතාවගේ එකම පැතුම මහජන බදු මුදල් වලින් ආතල් ගත්ත එවුන් හිරේට යැවීම පමණයි

    ReplyDelete
    Replies
    1. තබුත්තේගම පුංචි අම්මාMay 1, 2026 at 3:20 PM

      මාලිමාව රැල තමයි එහෙනම් යවන්න ඕන.

      Delete
  5. Balaagena...vadiya hrlluvoth naduva paradai. Chandayak thiyapanko avrudu keeyakda kiyala balanna.

    ReplyDelete
  6. ado kari Anura.. puke mail da???? LOL

    ReplyDelete
  7. Pelawaththee pada jeppo
    Rata kannata aa keriyoo

    Pada Jeppoo apita epoo

    ReplyDelete
  8. Pramishka ge hora minihaa
    Thmbuththee gama kota minihaa

    ReplyDelete
  9. අල්ලස් හෝ දූෂණ අපරාධ පරීක්‍ෂණ ආයතන ශක්තිමත් කරා කියන්නෙ තමන්ගේ පුක ලෙවකන ගෝතයන්ව ඒවෑ ලොකු තනතුරුවලට දාගත්ත හින්ද වෙන්න ඇති

    ReplyDelete
  10. කෝටිපතියොම කී දෙනෙක් බිහි උනාද? හොල්ලන්න බෑ තමයි.

    ReplyDelete
  11. හැක් හැක් hacker.

    ReplyDelete
  12. danna ekek kiyapalla ,muta piumi hanasamalige gel mune ganavada,,,,,,

    ReplyDelete
  13. කෝ ලපයෝ චන්දයක් තිපන්කෝ හොලන්න බැරිද පුලුවන්ද කියල බලන්න

    ReplyDelete
  14. පිස්සු හුත්තෙක් බලයට කෙලවෙනවා දැනිලා දොඩවනවා. ගිහින් ස්ට්‍රෙස් එකට බෙහෙත් ගනින්,අවස්ථාවාදී ගල් මූසලයා

    ReplyDelete
Previous Post Next Post