නුවරඑළිය මහ නගර සභාව සතු පුස්තකාල ගොඩනැගිල්ල සහ පුස්තකාල ශ්‍රවණාගාරය තාවකාලික කුලී පදනම මත තැපැල් කාර්යාලයට ලබාදීමේමේ තීරණය ජාතික ජන බලවේග පක්ෂ මූලස්ථානයේ වුවමනාව මත නගරාධිපතිවරයා සභාව නොමඟ යවා ගත් යෝජනා ස්ථිරත්වයක් බැවින් එවන් වූ බලහත්කාරකමින් සිදුකරන යෝජනා ස්ථිරත්වයන් මින් ඉදිරියට නොගන්නා ලෙස නුවරඑළිය මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝග රාජා මහතා මහ සභාවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව කියා සිටියේ අද (07) නුවරඑළියේ මහ නගර සභාවේ මැයි මාසයේ සඳහා වන මාසික මහ සභාවේදී සොච්චම් මුදලකට ළමුන්ගේ පරිහරණය වෙනුවෙන් ඇති ළමා පුස්තකාලය හා පුස්තකාල ශ්‍රවණාගාරය තාවකාලික කුලී පදනම මත ලබාදීමට විපක්ෂයේ ඒකමතික විරෝධතාවය ප්‍රකාශ වූ අවස්ථාවේදීය.
මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ලංකා කම්කර් කොංග්‍රසය නියෝජනය කරන නියෝජන කරාධිපතිවරයා ප්රමුඛ තවත් එක් මන්ත්‍රීවරයෙක්ගේ සහයෝගය ඇතිව පිහිටා ඇති මහ නගර සභාවේ ගනු ලැබූ අත්තනෝමතික තීන්දුවක් පිළිබඳව මෙලෙස නියෝජ්‍ය නගරාධිපතිවරයා සිය විරෝධතාවය ප්‍රකාශ කර තිබීම විශේෂ කරුණකි.
වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය නගරාධිපති,
නුවරඑළියේ මහ නගර සභාව මගින් පසුගිය සභාවේදී තාවකාලිකව මාසික රුපියල් 25,000ක කුලී පදනම මත ළමා පුස්තකාලය හා පුස්තකාල ශ්‍රවණාගාරය තැපැල් කාර්ය වෙතවෙත ලබාදීමට යෝජනා සම්මත කරගෙන ඇත්තේ ජාතික ජන ජන ජනබලවේගයේ පක්ෂ මූලස්ථානය වුවමනාවක් මත මහ සභාව පටන් ගැනීමට විනාඩි කිහිපයකට පෙර තුන්ඩු කැබැල්ලක් මගින් මන්ත්‍රීවරුන් දැනුවත්කර යෝජනාව සභා සම්මත කරන ලෙස ඉල්ලා ඇටි බැවින් එය කියවන්ට වෙලාවක් නොදී ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව ස්ථිර වීමෙන් දැඩි මහජන විරෝධයක් එල්ල වී තිබෙනවා.
මහජනතාව මාධ්‍යවේද අදහස් දක්වමින් කියාසිටින්නේ නාගරික මන්ත්‍රී කණ්ඩායමට මොළයක් තිබ්බනම් මේ වගේ දෙයක් කරයිද කියල ,
ඇත්තටම අපිට කියන්න තියෙන්නේ තුන්දු කෑල්ලක් මගෙන් අපිට පක්ෂයේ උවමනාව මත මේක ලබා දෙන්න කියන එක දැනුම් දුන්නත් අපිට ඒක කියවගන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ යෝජනා ඉදිරිපත් කරන විටම අපි සභාව වශයෙන් ස්ථිර කරලා ඉවරයි.
මේක නගරාධිපතිවරයා මහ නගර සභා ආඥා පනතට පටහැනිව මන්ත්‍රීවරු නොමග යවලා පක්ෂයේ උවමනාව මත ගත්ත තීන්දුවක්.
මේ තීන්දුව ගැන නැවත සලකා බැලීම අනිවාර්ය වන අතර මේ වගේ මන්ත්‍රීවරු නොමග යවලා ආඥා පනතට පටහැනීම මින් ඉදිරියට තීන්දු තීරණ ගන්න එපා කියන එක අපි නගරාධිපතිවරයාට අවධාරණය කරනවා යනුවෙන් ඔහු පැවසීය.
- ආර්.එෆ්.එම්.සුහෙල්

Thundu kallen පාලනය කිරීම ආරම්භ වී තිබේ.
ReplyDelete