අකුණු සන්නායක සොරකමේ සාක්ෂි වහන්න ඊට වඩා ලොකු සොරකමක්..


 සංවර්ධනය මුවාවෙන් තැපැල් කාර්යාලය තාවකාලික වෙන තැනකට ගෙනයාමෙන් අකුණු සන්නායකය සොරකමේ සාක්ෂි වසං කරන්නට සහ ඉතිරිව ඇති පෞරාණික වස්තූන් රැසක් සංවර්ධනය මුවාවෙන් අකුණු සන්නායකය සොරකම් කිරීමට කටයුතු කරා සේම සොරා ගැනීමට උත්සහ කරනන බවට නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

ඔවුන් මේ බව කියා සිටියේ 29දින සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් කාර්යාලයේ කටයුතු නුවරඑළිය ළමා පුස්තකාලය වෙත දැඩි මහජන විරෝධතාවය මත ගෙන යාමට කටයුතු කරන පසුබිමක (28)දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශ ලබාදෙමිනි.

මෙහිදී මාධ්‍යය වෙත අදහස් දැක්වූ නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයන් වන නාලක දිනේෂ් රත්නායක සහ රුක්ෂාන් තගරාජා මෙසේ අදහස් දැක්විය,

"කෝටි ප්‍රකෝටි ගණන් වටිනා අකුණු සන්නායකයක් අස්ථානගත වෙලා, ඒ ගැන තැපැල් අධිකාරියෙන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පොලිසියට පැමිණිලි කරලත් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව විමර්ශන කටයුතු පැත්තක දාලා තිබ්බ අවස්ථාවේ නුවරඑළිය සුරකීමේ සංවිධානය වන අපි මැදිහත් වෙලයි මෙහි යට ගියාව හෙළිදරව් කලේ. ඊට පස්සේ තමයි විධිමත් ලෙස විමර්ශන කටයුතු පොලිසිය ආරම්භ කළේ. ඒක නුවරඑළියේ ජනතාවත් ලංකාවේ සියලු ජනතාව වගේම වගකිවයුතු බලධාරින් නිලධාරීන් හොඳ ආකාරවම දන්නවා.

විමර්ශන කටයුතු දැන් විධිමත්ව පවත්වාගෙන එන අතරතුර තැපැල් කටයුතු පවත්වාගෙන යන්න ඇති තරම් ඉඩ පහසුකම් තැපැල් කාර්යාල ගොඩනැගිල්ල තුළ හා පසුපස තියෙනවා. සංවර්ධන කටයුතු කියල කරන්නේ වහලය අලුත් වැඩියා කිරීම හා තීන්ත ආලේප කිරීම. මේ දේවල් කරන අතරතුර තැපැල් කටයුතුත් කිසි බාධාවකින් තොරව කරගෙන යන්න මෙම ස්ථානයේ පුළුවන්. ඒ කටයුතු සඳහා හොඳටම ඉඩ තියෙනවා.

සංවර්ධනය මුවාවෙන් මේ කඩිමුඩියේ තැපැල්කාරයාලය ඉවත් කරගෙන යන්න උත්සාහ කරන්නේ අකුණු සන්නායක සොරකමේ විමර්ශන කඩාකප්පල් කරලා එහි සාක්ෂි නැති කරන්න කියලා අපිට සැකයක් තියෙනවා. ඒත් එක්කම මේ තැපැල් කාර්යාලය තුළ මිල කරන්න බැරි තවත් පෞරාණික දේවල් ගොඩක් තියෙනවා. අකුණු සන්නායකයට වැඩේ දුන්න වගේ මේ දේවල් වලටත් වැඩේ දෙන්න තමයි මේ ලෑස්තියි කියන එකයි අපිට මේකෙන් තේරෙන්නේ.

ඊළඟ දේ තමයි නුවර එළිය ළමා පුස්තකාලයට තැපැල් කාර්යාලය ගෙනයාමෙන් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වෙනවා වගේම, ඒ ළමයි පොත් ටික එළියට විසි කරලා තමයි මෙයාලා මේ යන්න හදන්නේ. දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමෙන් හා ජාතික මට්ටමෙන් දක්ෂතා රැසක් පාපු ළමුන්ගේ පුස්තකාලය මහජනතාවගේ දැඩි විරෝධය මත තැපැල් කාර්යාලය් දාන්න ලබාගෙන තියෙනවා. මේ හැම දෙයක් පිටිපස්සෙම ලොකු සැකයක් අපිට එන්නේ මේ තවත් මහා පරිමාණ සොරකමක මුල බවයි.

යම්කිසි විමර්ශන කටයුත්තක් වෙනකොට එම ස්ථානයට ඇතුල් වෙන්නම දෙන්නේ නැතිකොට, මේ කඩිමුඩියේ සිදු කරන අලුත්වැඩියා කටයුතු වහාම නවත්තලා විමර්ශනය අවසන් කිරීමෙන් පසු අලුත් වැඩියා කටයුතු සිදු කරනලෙසත්, තැපැල් කාර්යාලය අවට ඇති ගොඩනැගිලිවලම තැපැල් කාර්යාලය කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සලසන ලෙසත් අපි වර්තමාන රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා."

- ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

1 Comments

Previous Post Next Post