යුද්දය ලෝකය පුපුරුවනවා.. සාමය ලෝකය එකතු කරනවා..- ජනපති රණවිරු සැමරුම් උළෙල අමතමින්


මෑත ඉතිහාසයේ මාතෘභූමිය නිදහස් කර ගැනීම වෙනුවෙන් දිවි පිදූ සහ කැපකිරීම් කළ වීරෝධාර රණවිරුවන් ප්‍රාර්ථනා කළ සාමකාමී, සංවර්ධිත සහ සර්ව සාධාරණ රට නිර්මාණය කිරීමේ වගකීම වර්තමාන රජය කොන්දේසි විරහිතව භාරගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

යුද්ධය අවසන් වී වසර 17ක් සපිරෙන අද දින පැවැති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් ජීවිත සහ ශරීර කොටස් පරිත්‍යාග කළ සියලු රණවිරුවන්ටත්, එවැනි වීරෝධාර දරුවන් දේශයට දායාද කළ දෙමාපියන්ටත් දේශයේ උත්තමාචාරය හිමිවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

රණවිරුවන්ගේ එම අසමසම කැපකිරීම් නොතිබෙන්නට අද අපට මෙවැනි නිදහස් රටක ජීවත් වීමට අවස්ථාව නොලැබෙන බවත්, ඔවුන්ගේ වීරත්වය ඉතිහාසයේ නොමැකෙන ලෙස ලියැවෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

යුද්ධයේ බිහිසුණු බව සහ විනාශකාරීත්වය වැඩියෙන්ම දන්නේ රණවිරුවන් බවත්, ඔවුන් සැමවිටම ප්‍රාර්ථනා කළේ සාමකාමී රටක් බවත් ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

"අප යුද්ධයේ කතාව ඉතිහාසයට පවරා, සාමයේ වන්දනාව වර්තමානයට එකතු කරගත යුතුයි" යනුවෙන් පැවසූ ඒ මහතා, රජයේ මූලික අරමුණ යුද්ධය හොඳද නරකද යන්න විනිශ්චය කිරීම නොව, නැවත කිසිදාක එවැනි යුද්ධයක් ඇති නොවන පරිදි වගබලා ගැනීම බව සපථ කළේය.

කිසිදු පුරවැසියෙකුට විශේෂ වරප්‍රසාද නොමැති, සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වන සහ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සෑම ජනකොටසකටම සමාන අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි මානවවාදී ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම තම ගමනාන්තය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඇතැම් බලලෝභී දේශපාලකයන්ගේ සහ අන්තවාදීන්ගේ අවශ්‍යතා මත මිනිසුන් බෙදා වෙන් කළ යුගය අවසන් කළ යුතු බවත්, ජාතිවාදයේ සහ ආගමික අන්තවාදයේ ගොදුරක් වීමට යළි රටට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කළේය.

දශක ගණනාවක් පුරා රට වෙළාගෙන ඇති ආර්ථික යුද්ධය, විරැකියාව සහ අසරණ දරුවන්ට දෙමාපිය සෙනෙහස අහිමි වන ව්‍යසනයන් ජයගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රණවිරුවන් දිවි හිමියෙන් රැකගත් මෙම මාතෘභූමිය, ලෝකය ඉදිරියේ බැබළෙන ආදර්ශමත් සහ දීප්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීම ඔවුන්ට කළ හැකි ඉහළම ගෞරවය බවත් ජනාධිපතිවරයා සදහන් කළේය

11 Comments

  1. ජෙප්පො රට විනාස කොරනවා. තව ටික දිනකින් ඩොලර් එක 400යි

    ReplyDelete
    Replies
    1. රටේ සාමය ඇතිවන්න යුද ගිනි නිවන්න මගේ හොඳම උපක්‍රමය තොපි අනුරාධපුරයෙන් එහා යන්නේ නැහැ.කොහොමද මගේ මොළය?

      Delete
    2. පැමිණිලි කරන්න තියන මුදල් අමාත්‍යාංශයේ Internal Affairs Unit ඊමෙල් ලිපිනය මෙලෝ රහක් නැහැ, කවුරුත් බලන්නේ නැහැ වාගේ, නිලධාරින්ගේ වැඩ නිසා සවුත්තු වෙන්නේ කවුද? මොන රජය තිබ්බත් නිලධාරීන් වැඩ හංගනවා, පරිපාලන සේවාව කියන්නේම වදයක්, ඒ අයගේ දේවල් හංගනවා, මොන රජය ආවත් වැඩක් නැහැ. ජනපතිතුමා වහාම හොයාබලන්න, යන්න දෙයක් නැහැ ඊමෙල් එකක් දාලා බලන්න රිප්ලයි තියනවාද කියලා

      Delete
  2. යුද්ධය ඉවර වෙලා අවුරුදු 17 ගිහිල්ලත් යුද්ධය වවාගෙන කන අය ලංකාවේ පමණක් නොවෙයි පිටරට වලත් ඉන්නවා. ලංකාවෙන් පිටත අය ඊලම් කොඩිය සමග සැමරුම් කරනව. ඔවුන් දන්නව කවදාවත් ලංකාවේ ඊලම් රාජ්‍යයක් පිහිටවන්න බැහැ කියලා. නමුත් ඔවූන් ඒවයින් වෙනත් ප්‍රයෝජන ගන්නව. වීසා දික්කරන්න, PR ගන්න වැනි දේවල් වලට ලංකාවේ ඉන්න දමිළ අය දන්නව නැවත යුද්ධයක් අවශ්‍ය නැහැ කියලා, නමුත් ඔවුන්ටත් පිට රටකට යන්න වීසා ගන්න උනාම මේ ප්‍රශ්නය දඩමීමා කර ගන්නවා. ඈත්තටම ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක් නැහැ. කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ වල ජීවත් වෙනව. සමහර ප්‍රදේශවල දෙමළ අය උද්ගෝෂණය කරන කොට සිංහල අයත් එතනට ගොස් විරෝධය පානව. ඒ අයට සමහරු ජාති වාදියො කියනව. දෙමළ අය සිංහල අයව වීඩියෝ කරල පිටරටවල් වලට බෙදා හරිනව. එතකොට මතයක් ගොඩනැගෙනව සිංහල මිනිස්සු දමිළ අයට හිරිහැර කරනව කියා. ඈත්තටම අද තියන තත්වය අනුව වැඩේ පළමුව පටන් ගන්නේ දමිළ අය බල සදහන් කල යුතුය.

    ReplyDelete
    Replies
    1. හොඳ අවබෝධයකින් පළ කල කමෙන්ට් ඵකක් කිව්වොත් නිවැරදියි.හැබැයි අද වැඩියෙන්ම ජාතිවාදය අවුස්සා දමිළ ජනයාට සිංහලයාව වෛර කරවන්නේ රටේ වර්ථමාන ජනපති ඇතුළු මාලිමා ජෙප්පන් සහ දමිළ ඩයස්පෝරාවයි.

      Delete
  3. මේං වැන්දා ආයේ යුද්ධයක් ඇතිවෙන්න වැඩ කරන්න හෙම එපා, එහෙම උනොත් යටත් වෙන්න වෙනවා. මොකෝ කටින් සටන් කරන්න බෑනේ. පච තුවක්කු වලට ලෝඩ් කරන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. රටේ සාමය ඇතිවන්න යුද ගිනි නිවන්න මගේ හොඳම උපක්‍රමය තොපි අනුරාධපුරයෙන් එහා යන්නේ නැහැ.කොහොමද මගේ මොළය?

      Delete
    2. පච තුවක්කු වලට ලෝඩ් කරලා කටින් සටන් කරමු!

      Delete
  4. කොටා. ලැජ්ජාවේ බැහැ. නිවටයා. ඇඹරෙනවා. ඊයා.

    ReplyDelete
  5. 👹👹👹👹👹👹👹👹👹👹🙉

    ReplyDelete
  6. පල හුත්තෝ යන්න.. කැරි පොන්න වේසිගෙ පුතා .... ප්‍රවිශ්කාගේ හුත්ත ලෙව කෑවද බල්ලා ? තුක් නොදකින්

    ReplyDelete
Previous Post Next Post