ලොකු තැනකින් හර්ෂද සිල්වා ලොකු පුටුවකට කැදවයි..


 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට වත්මන් පාලනය සමඟ එක්ව කටයුතු කරන ලෙසට ඉහල මට්ටමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. 

මූල්‍ය කළමනාකරණය සහ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඔහු සතු දැනුම රජයේ වැඩපිළිවෙළට එක් කර ගැනීම මෙම ඇරයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙම ආරාධනය පිළිගතහොත්, රජයේ තීරණාත්මක ධුරයක් හෝ ආර්ථිකය මෙහෙයවන ප්‍රබල වගකීමක් ඔහු වෙත පැවරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුව ඇතැයිද පැවසෙයි.

රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඔහුගේ ආර්ථික විද්‍යාත්මක පසුබිම උපයෝගී කර ගැනීමට රජය වැඩි කැමැත්තක් දක්වන බව වාර්තා වේ.

මීට පෙරද මෙවැනි මත පළවූ අවස්ථාවලදී හර්ෂ ද සිල්වා මහතා සිය ස්ථාවරය පැහැදිලි කර තිබිණි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු අවධාරණය කළේ, රජය තමන් වැනි පුද්ගලයන්ගේ අවශ්‍යතාව හඳුනා ගැනීම පිළිබඳ සතුටු වන නමුත් තමන් පාලක පක්ෂයට එක්වීමට කිසිදු සූදානමක් නොමැති බවයි.

11 Comments

  1. බොටත් බඩු බනිස් හොඳේ

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ඉවසං හිටියොත් 2029 ලක්ස්මන් කුමරු බෝං අගේන් ජනාදිපති උනාම අපි දෙන්නං අයිස් පිලිබඳ ආර්ථික කමිටු සබාපති කම. ලොකු ලොකු කුට්ටි තියෙනවා එතන. අනික ලොකු ආර්ථික ප්‍රතිපත්ති එහෙම නෑ මේ වගෙ. අපිට විරුද්ද උනා නං වැඩි කතා නෑ උන් එක්ක, ඉනේ බඳින බෙල්ට් එකක් දැම්ම, පරලොව යැව්වා.

      Delete
    2. තාම ලප කොටාගේ අයිස් නාටකය ගැන කියවන උන් නං සාපයක්

      Delete
    3. අයිස් නෙමේ බං, ලක්ස්මන් ආවම මේ මහත්තය ඒ පැත්තට ආවොත් තට්ටෙ ගාල, සිවුරක් දාල බඩු පොට් එකක ආවාසයක් දාල දෙන්න බැරිය, ඔය දැන් ඉන්න ගොඩක් උන් වගෙ සසර කලකිරෙනකන් රති සැප ගන්න.
      හවසට හවසට ලක්ස්මන් මහත්තයත් එයි පොල්තෙල් කාලකුත් අරං

      Delete
  2. L board කියපු එක ඇත්ත

    ReplyDelete
  3. Harak petawune...... Comment daana taram ratak palanaya karana eka lesi ne.... Ombala data free denawa kiyala metana porawal wenna epa.... Ratak goda daana gamane A kata support karapalla harak wage comments noda

    ReplyDelete
  4. RW ගේ උපදෙස්.තව මාස 6කින් RW පාර්ලිමේන්තුවට. ඉන්පසු ජනාධිපති...

    ReplyDelete
  5. L bord දැන් කුඩේ කුඩූ.

    ReplyDelete
  6. Harsha doest have experience in politics and hovering

    He is not a minister

    ReplyDelete
  7. හර්ෂ ද සිල්වත් මේ ආණ්ඩුවේ ඉන්න ඇවිදින පුට්ටකාල වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. He likes show off. Empty man like most of the NPPers.

      Delete
Previous Post Next Post