තවත් කන්ටේනර් පැන්නිල්ලක්...


 ශ්‍රී ලංකාවේ වගාවන් විනාශ කළ හැකි අතිශය භයානක කෘමීන් සහ පුස් වර්ගයක් අඩංගු බවට තහවුරු වූ ආනයනික මල් රැගත් කන්ටේනර් 12ක්, අදාළ පර්යේෂණ වාර්තා නිකුත් වීමටත් පෙර බලධාරීන්ගේ වාචික නියෝග මත නිදහස් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී (21) බරපතළ හෙළිදරව්වක් කළේය.

මන්ත්‍රීවරයා සඳහන් කළේ 2026 ජනවාරි මස 12 වන දින එක්තරා සමාගමක් විසින් මෙරටට ආනයනය කරන ලද Chrysanthemum වර්ගයේ මල් සහිත කන්ටේනර් පරීක්ෂා කිරීමේදී, ඒවායේ කෘමීන් සහ පුස් වැනි මලකඩ  ස්වභාවයක් ඇති බවට නිරෝධායන නිලධාරීන් විසින් සටහන් යොදා තිබූ බවයි. කෙසේ වෙතත්, කෘෂිකර්ම අධ්‍යක්ෂවරියගේ වාචික උපදෙස් මත ඉන් කන්ටේනර් 12ක් වහාම නිදහස් කර ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

පසුව ජාතික ශාක නිරෝධායන සේවය මගින් සිදු කළ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ එම මල් සාම්පලවල 'සුදු මැස්සා'  සහ අතිශය විනාශකාරී දිලීර විශේෂයක් පවතින බවයි. එම රෝගකාරක ඉතා ඉක්මනින් වගාවන් කරා ව්‍යාප්ත විය හැකි බැවින්, අදාළ කොටස් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ විනාශ කරන ලෙස නිර්දේශ කර තිබුණද, ඒ වන විටත් කන්ටේනර් 12ක් රට තුළට මුදා හැර අවසන් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

1999 අංක 35 දරන රෙගුලාසිවල 96 වන වගන්තියට අනුව, මෙරටට ආනයනය කරන කන්ටේනර්වල කිසියම් හෝ ජීවී කෘමියෙකු සිටියහොත් එය වහාම විනාශ කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදන පවතී.

එසේ තිබියදීත් මෙම දූෂිත කන්ටේනර් නිදහස් කිරීමට එරෙහිව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 36 දෙනෙකු අත්සන් කර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවද මන්ත්‍රීවරයා හෙළි කළේය.

විශේෂයෙන්ම මෙම 'සුදු මැස්සා' වැනි කෘමීන් නිසා ශ්‍රී ලංකාවේ අඹ සහ කරවිල වැනි එළවළු හා පළතුරු යුරෝපීය වෙළඳපොළට යැවීමට නොහැකි වී ඇති බවත්, මෙවැනි නව කෘමීන් හා රෝගකාරක ඇතුළුවීම දේශීය කෘෂිකර්මාන්තයට මාරාන්තික පහරක් වන බවත් ඩී.වී. චානක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම සමාගම විසින්ම මීට පෙර අවස්ථා අටකදී මෙවැනි කන්ටේනර් 100කට අධික ප්‍රමාණයක් මෙරටට රැගෙන විත් ඇති බවටද ඔහු චෝදනා කළේය.

10 Comments

  1. බහුතර ජනතාව ගේ කැමැත්ත නෙ....කෙලවෙලා ම යයි වගේ....

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කමක් නැහැ අපි නම් මාලිමාවට කියලා දුන්න මෝඩ httpල නිසා අපිත් විඳවනවා. ඔය කොරේ.

      Delete
    2. සිරාවටම. මුන් මේ මුලු රටම අවුරුදු 2න් විනාශම කරා. රටේ සදාචාරය සංස්කෘතිය වලට දැම්මා, සිංහලකම විනාශ කරනවා, බෞද්ධ කමටත් ගහන්න පුලුවන් උපරිමෙන් ගහනවා. ආර්ථිකේ වැටීගෙන යනවා. අනාගතයක් ගොඩ නගන්න කිසිම සැලැස්මක් නැහැ. මුන්ගේ හොරු සුපිරියටම ගහනවා. මුන්ගේ පාතාලේ හිතේ හැටියට මිනී මරාගෙන කුඩු විකුණගෙන යනවා, ඒවා ගැන මාධ්‍ය වත් මීක් නැහැ. සොබාදහමත් මුන්ගේ පාහර වැඩ වලට කම්පා වෙලා හැමදාම ගංවතුර, නාය යෑම්, ඇක්සිඩන්ට්.

      Delete
  2. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කරන ප්‍රකාශ වලින් බයියන්ට ආතල් දුන්නාට බුද්ධිමත් ජනතාව රැවටෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. බුද්ධිමත් කිව්වේ අර පුන්නක්කු කන සෙට් එකනේ.
      ඒක අනුරත් දන්නවා. ඒකනේ ඌ පාර්ලිමේන්තුවේ එන්නේ බොරු කියන්න කියලා කෙලින්ම කිව්වේ.
      පව් ඩෝබිල ටික හැබැයි.

      Delete
    2. Takaramata , 1 million

      Delete
    3. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 36 දෙනෙකු අත්සන් කරලා තියෙන්නෙත් පාර්ලිමේන්තුව ඇතුළෙ ද? ඒ නිලධාරිනුත් මන්ත්‍රීවරුද?

      Delete
  3. මල් ගේන්නෙත් පිටරටින් ද, ඉතුරු වෙයිද ඩොලර්. පෙට්රල් භාවිතය අඩකරන්න කියල මල් ගේනවා.

    ReplyDelete
  4. කාබනික පොහොර නැවේ අසූචි තියනවා කියලා බලය ගත්ත කණ්ඩායමක් තමයි දැන් ආණ්ඩුවෙ ඉන්නෙ

    ReplyDelete
  5. බ්‍රිතාන්‍ය මහා රාජිනියගේ සිලෝන් නමැති යටත්විජිත දූපත් රාජ්‍යය නැවතත් ශ්‍රීලංකා නමැති නිවහල් දේශයක් බවට පත්කරගත්තේ මෙයට අවුරුදු පනස් හතරකට පෙර අද වැනි දිනකයි. ඒ සඳහා නායකත්වය දුන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතියේ වීර මාතාවකි. තමා මරාදැමීම සඳහා කුමන්ත්‍රණය කළ ත්‍රස්තවාදීන් නොමග ගිය තරුණයන් වශයෙන් සලකා පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළේ එම වීර මාතාවයි

    ReplyDelete
Previous Post Next Post