මාලිමා මැයි රැලියට ආ බසයක හය දෙනයි.. විසි පන්දාහක් ගෙවලා..

 


ජාතික ජන බලවේගය විසින් පවත්වන ලද මෙවර මැයි දින රැලි සඳහා ජනතාව ප්‍රවාහනය කිරීමට පමණක් රුපියල් කෝටි දෙක ඉක්මවූ මුදලක් බස් රථ වෙනුවෙන් වැය කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කළේ මාලිමාව මීට පෙරද සිය දේශපාලන රැස්වීම් සඳහා දෛනිකව රුපියල් කෝටියක පමණ මුදලක් බස් රථ වෙනුවෙන් වැය කර ඇති බවයි.

මහරගම පැවති රැලියක් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළ විජේරත්න මහතා, මීගොඩ වැනි ප්‍රදේශවලින් පැමිණි එක් බස් රථයක සිට ඇත්තේ පුද්ගලයන් හය දෙනෙකු පමණක් බවත්, එම බස් රථය සඳහා රුපියල් 25,000ක මුදලක් ගෙවා ඇති බවත් ප්‍රකාශ කළේය.

මෙය මිනිසුන්ට කෑම බීම සහ මුදල් ලබා දී රැගෙන විත් "ඔලුගොඩි" පෙන්වන පැරණි බාල දේශපාලන ක්‍රමවේදයක් බවට ඔහු මෙහිදී චෝදනා කළේය. 

ජනතාව බස් රථවලින් ඇද මෙලෙස සෙනඟ පෙන්වීමට උත්සාහ කිරීම පිළිබඳව තමන් දැඩි ලෙස විරුද්ධ වන බවත්, විශේෂයෙන්ම වෙසක් පොහොය වැනි ආගමික වටිනාකමක් ඇති දිනයක මෙවැනි දේශපාලන සංදර්ශන පැවැත්වීම කණගාටුදායක බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය

5 Comments

  1. ලක්ෂ හැට චූන් වුනා නම් ඒ ඇති.

    ReplyDelete
  2. මොන ලක්ෂ 60 ද, දැන් ලොවෙත් නෑ.

    ReplyDelete
  3. මුන්ට 3% ත් නෑ. රටකාපු මිනීමරු හොරු

    ReplyDelete
  4. Eka paksha aramudalin. Umbata pan da.

    ReplyDelete
  5. A KALE BALLO WAGE HITIYA BUS WALIN ADINAKOTA....DAN THAMAI MATHAK WELA THIYENNE.

    ReplyDelete
Previous Post Next Post