අද දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් ලෙස සටහන් වී ඇති අතර, එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 330.81ක් ලෙසිනි.
මෙය ඊයේ දිනයට සාපේක්ෂව සුළු ඉහළ යාමක් වන අතර, ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයන්හි ඩොලරයක මිලදී ගැනීමේ අගය සටහන්ව තිබුණේ රුපියල් 318.32ක් වශයෙනි. එමෙන්ම ඊයේ දිනයේ ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 328.69ක් ලෙස වාර්තා විය.

පට්ට සතුටුයි හප්පා...
ReplyDeleteIt will come down shortly with the IMF loan
ReplyDeleteIt will come down shortly with the IMF loan
ReplyDelete