භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශන නිලධාරීන්ට පළමු පැමිණිල්ල ඉදිරිපත් කළ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු වූ රංග නිශාන්ත මහතාගේ මරණය අතිශය අභිරහස් බවත්, ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා වගකිව යුතු බවත් හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
හිරු රූපවාහිනී නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම මංකොල්ලය සම්බන්ධ ඊමේල් පණිවිඩය කියවා ඒ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කරමින් විමර්ශන සඳහා මුල් වූයේ මියගිය රංග නිශාන්ත මහතා බවයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු, ඉතා අවංක සහ හොරකම් නොකරන නිලධාරියෙකු ලෙස ඔහුගේ සමීපතමයින් හඳුන්වන බවද තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය,.
මෙම සිදුවීමෙන් පසු පත් කළ කමිටු වාර්තාව මගින් අදාළ නිලධාරීන් හතර දෙනෙකුට අභ්‍යන්තර ස්ථාන මාරුවීම් ලබා දීමට නිර්දේශ කර තිබුණද, භාණ්ඩාගාරය විසින් එම නිර්දේශ පසෙකලා ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව හෙළි විය.
සාමාන්‍ය රාජ්‍ය පරිපාලන රෙගුලාසි හා ස්වභාවික යුක්ති ධර්මය අනුව මූලික විමර්ශනයක් පැවැත්වීමකින් තොරව මෙලෙස වැඩ තහනම් කිරීම බරපතළ ගැටලුවක් බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
අදාළ නිලධාරීන්ට තමන්ගේ පාර්ශවය ඉදිරිපත් කිරීමට හෝ අවස්ථාවක් ලබා නොදී ඔවුන් සේවයෙන් ඉවත් කර ඇති බවත්, ඉන් අනතුරුව ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය.
මියගිය රංග නිශාන්ත මහතා මෙන්ම මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින තවත් එක් නිලධාරියෙකු මෙ හා සමානම දැඩි මානසික පීඩනයකින් පසුවන බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු ආණ්ඩුකාරවරයා අනතුරු ඇඟවීය. කටවචනයට නියෝග දෙන ලේකම්වරුන් යටතේ රාජ්‍ය නිලධාරීන් අසරණ නොවිය යුතු බවත්, රංග නිශාන්තගේ අභිරහස් මරණයට වගකීම භාණ්ඩාගාර ලේකම්වරයා භාරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය

කුඩු කන්ටේනර් ගැන පැමිනිල්ල කරපු කෙනත් මැරුවා. ඩොලර් වංචාව ගැන පැමිනිලි කරපු කෙනත් මැරුවා. ජනතාවට දෙන පණිවිඩය නම් ජීවිතයට ආසාවක් තියෙනවනම් අපේ වැඩ වලට ඇඟිලි ගහන්න එපා.
ReplyDeleteAne ow...Ubata nam lagadima angoda yanna wei wage
Deleteසනි කියලදිපියකෝ තිරපටිය හදන කම් අනාගන්න එපා කියල
Deleteකමිටු වාර්තාව මගින් අදාළ නිලධාරීන් හතර දෙනෙකුට අභ්‍යන්තර ස්ථාන මාරුවීම් ලබා දීමට නිර්දේශ කර තිබුණද
DeleteAIYO SALLI, THIS IS A BASIC PRINCIPLE NO
EVEN IN EDUCATION MINSITRY, IF ANY ISSUE UNTIL INVESTIGATION COMPLETED THEY ARE POSITIONED AT HEAD OFFICE NO
මුදල් ලේකම් හර්ෂණ කියන්නේ ජාතික වස්තුවක්..
ReplyDeleteRakimu samada pana wage : meyata hunduwage mewwa eka
ලෝකෙ පුරා සමාජවාදී හුණ්ඩු ඔහොම තමා.
ReplyDeleteමාලිමාව කියන මිනීමරු සංවිධානය පළවා හරිමු.
ReplyDeleteඒක හරීම කැත බාල වර්ගයේ ගේමක්. පැමිණිලිකරු මිය ගියා, සමහර විට ඔහු සිය දිවි නසා ගත්තා කියයි, එයම ඔප්පු කරයි, අවසානයේදී පැලවත්තේ ගොම ඩෝබි බලකාය මෙම කෙනා තනිවම හොරකම් කරපු නිසා හෙලි වේ යැයි බියෙන් සිය දිවි නසා ගත්තා කියයි, ඔහු හා සියලු පවුලටම මඩ ගසයි, ශර්ලොක් හෝම්ස්ගේ කට්ටිය ඔහුගේ පව්ලේ කිසියම් නැදැයෙක් පිට රටක් ඉන්නවා නම් ඔවුන් ගැනත් හොයන්න රට සවාරි යයි. අවසානයේ නඩුව එතනින් කෙලවර වෙයි, වැරදි කරු මිය ගොස් යැයි කියලා. පුලුවන් නම් ශර්ලොක් හෝම්ස් හා පිලීප පොඩි පුතු එකතු වෙලා අසරන බිරිදයි දරු දෙන්නවයි අත් අඩංගුවටත් ගනි ඩොලර් මිලියන දෙකාමාර මිය ගිය කෙනාට කියලා ගෙනත් දෙන්න කියලා.
ReplyDelete