අපි ලෝක කුසලානය දිනනවා.. එරාන් ගත්තේ ක‍්‍රිකට් වසන්තය ගේන්නයි...- ක‍්‍රීඩා ඇමති


 ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ලෝක කුසලාන ජයග්‍රහණ අත්කර ගත හැකි ඉහළ මට්ටමකට ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි. ජනතාවට නැවතත් ක්‍රිකට් වසන්තයක් උදා කර දීමට හැකි වනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ගමනේදී ජාතිය, ආගම හෝ දේශපාලනය කිසිසේත්ම නොසලකන බවත්, රජයට අවශ්‍ය වන්නේ රට ගොඩනැඟිය හැකි දක්ෂ පුද්ගලයන් පමණක් බවත් හෙතෙම පැවසීය.

ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කරන ලද එරාන් වික්‍රමරත්න මහතා දක්ෂ පරිපාලකයෙකු මෙන්ම දක්ෂ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත්, ඒ මහතා කෙරෙහි තමන් පූර්ණ විශ්වාසය තබා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කරන ලද කුමාර සංගක්කාර සහ රොෂාන් මහනාම යන මහත්වරුන්ට මෙතෙක් පත්වීමේ ලිපි ලබා දීමට නොහැකි වූයේ ඔවුන් විදෙස්ගතව සිටීම හේතුවෙන් බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. 

ඔවුන් දිවයිනට පැමිණි වහාම අදාළ පත්වීම් ලිපි භාර දී කමිටුවේ වැඩකටයුතු කඩිනම් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

5 Comments

  1. ලංකාවටම වසන්තය ගෙන්න සජිත් ඇතුළු සජබෙ ගේමු.
    මාලිමාවට දක්ෂයො නැහැ කියල ආණ්ඩුව පිළිගත්තා.

    ReplyDelete
  2. ගේන්න බැරි වුනොත් මගේ තට්ටේ පලා ගන්නවා කියලා ඔට්ටුවක් එහෙම දාන්න බැරිද දන්නේ නෑ

    ReplyDelete
  3. 28 – 8583කැබ් රථය, RMV ගයනි කෞශල්‍යා විජේසිංහ හිරේ යාම ගැන රටටම කී කතාව

    ඔබ 28 – 8583 දරන කැබ් රථය දන්නවාද? යම් දිනෙක ඔබ එය පාරේ දැක තිබෙනවාද? මෙය ලංකාවේ පාරවල්වල කිලෝමීටර් දසහස් ගණනක් ගමන් කර තිබෙනවා. දිනෙක මෙය ඔබත් දැකලා ඇති. ඒ වාහනය තමන්ගේ එන්ජිම හඩනංවමින් ඔබට යමක් කියන්න තැත් කරන්නට ඇති. එහෙත් ඔබට එය කිසිදා වැටහෙන්න නැතිව ඇති.

    අනෙක් අතට, රටේ මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයෙකු අත්අඩංගුවට පත් වන්නට මේ කැබ් රියේ අංක තහඩුව හේතු වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති.

    28 – 8583

    මෙම කැබ් රථයේ කතාව ආරම්භ වන්නේ නීති විරෝධී ලෙස කොටස් එකලස් කිරීමකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම රථය සඳහා අවශ්‍ය කොටස් නීති විරෝධී ලෙස ගෙන්වා හෝ ලබාගෙන එකලස් කර තිබෙනවා. එහෙත් මෙලෙස එකලස් කළ වාහනයක් පාරට දැමීමට නම් ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා. අප නම්බර් ප්ලේට් එක කියන්නේ එයටයි.

    මෙසේ කිරිම සදහා රථයේ සැබෑ අනන්‍යතාවය සඟවා, එහි චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. අනතුරුව එම ලේඛන ඉදිරිපත් කර, වාහනයේ කාර්මික තත්ත්වය තහවුරු කරන බර සහතික වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. චැසි අංක සංශෝධනය කිරීමේදී පවත්වාගෙන යා යුතු නිල ගොනුව නීති විරෝධී ලෙස සඟවා තබමින් විමර්ශන මගහැරීමට කටයුතු කර තිබෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතිය ගැන විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැති වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාව මත අප්‍රේල් 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.

    වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඇය දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

    ReplyDelete
  4. BORN AGAIN already won

    ReplyDelete
  5. Eeta kalin thoge geyniyekuta kiyala thatte hondata polish karava ganinn, hondata shine eka enna, Ethakota thamai Eranayay uge lontha team ekai hondata form wenne,

    ReplyDelete
Previous Post Next Post