සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එරාන් වික්‍රමරත්න මහතා වෙත රජයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරක් පිරිනැමීමට ගෙන ඇති පියවර පිළිබඳව ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පිරිස් දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටින බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාරම්පරික ජවිපෙ සාමාජිකයන් වන මෙම පිරිසට වුවමනා වී ඇත්තේ විපක්ෂයේ කිසිදු පාර්ශවයක් සම්බන්ධ කර නොගෙන ආණ්ඩුවේ කටයුතු තනිවම පවත්වාගෙන යාමට බවයි.
මේ අතර, විපක්ෂයේ සිටින දක්ෂයන් එකතු කරගනිමින් ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවට රජයේ බලවත් ඇමැතිවරුන් කිහිපදෙනෙකුම මෑතකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර, එම ප්‍රකාශ හේතුවෙන් ද ආණ්ඩුව තුළ සිටින ජවිපෙ පිරිස් වඩාත් කැළඹීමට පත්ව ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ දක්ෂයකු ලෙස ප්රකටව සිටින විපක්ෂයේ ප්රමුඛ පෙළේ මන්ත්‍රීවරයකු සමඟ ආණ්ඩුව දිගු කලක සිට සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.
මීට අමතරව, වර්තමාන ආර්ථික කරුණු පිළිබඳව නිරන්තරයෙන් විග්රහයන් සිදුකරන විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමඟ ද රජය මේ වන විටත් දැඩි සබඳතාවක් පවත්වාගෙන යමින් සිටින බව හෙළිවේ.
අදාළ විපක්ෂ මන්ත්‍රීවරයා රජයට සම්බන්ධ කරගෙන ඔහුට වගකිවයුතු ඇමැති ධුරයක් ලබා දිය යුතු බවට ආණ්ඩුව තුළ බරපතළ සාකච්ඡාවක් ආරම්භ වී ඇත්තේ මහා භාණ්ඩාගාරයේ තිබූ ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් අස්ථානගත වීමේ සිදුවීමෙන් පසුවය.
රාජ්‍ය මූල්‍ය පරිපාලනයේ සිදුවන මෙවැනි දුර්වලතා වළක්වා ගැනීම සඳහා විපක්ෂයේ සිටින පළපුරුදු දේශපාලනඥයන් මූල්‍ය කටයුතු හසුරුවන අමාත්‍යාංශවලට සම්බන්ධ කරගත යුතු බව ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ මතය වී තිබේ.
ඒ අනුව, අදාළ විපක්ෂ මන්ත්‍රීවරයා වෙත මුදල් නියෝජ්‍ය ඇමැති ධුරය ලබා දීමට මුලින්ම තීරණය වී ඇත. එහෙත්, ඔහු කැමැත්තෙන් පසුවී ඇත්තේ කැබිනට් මුදල් ඇමැති ධුරය ලබා ගැනීමටය. ආණ්ඩුව ඒ සඳහා පැකිළීමක් දැක්වීම නිසා, විපක්ෂ මන්ත්‍රීවරයා ද නියෝජ්‍ය ඇමැති ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැති දිනයේදී මෙම මන්ත්‍රීවරයා විපක්ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සියල්ල සැලසුම් කර තිබුණ ද, අවසන් මොහොතේදී මෙම කැබිනට් ඇමැති ධුරයේ ප්රශ්නය මුල් කරගනිමින් ඔහු ආණ්ඩු පක්ෂයට පැමිණීමෙන් වැළකී තිබේ.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, ආයෝජන කටයුතු ඇතුළු මූල්‍යමය අංශ රැසක බලතල හිමිවන සුවිශේෂී ප්‍රබල අමාත්‍යාංශයක් අලුතින්ම නිර්මාණය කර එය මෙම මන්ත්‍රීවරයා වෙත පැවරීම සඳහා ආණ්ඩුව මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
එසේ වුවද, පවතින දේශපාලන තත්ත්වයන් මත මෙම යෝජනාව කෙරෙහි අදාළ විපක්ෂ මන්ත්‍රීවරයාගේ කැමැත්ත හෝ අකැමැත්ත මේ වන විට වෙනස් වී ඇත්දැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

ආණ්ඩුව ට යනවනම් රෙදි ගලවලා දමලා...හෙලුවෙන් ඉන්න බලාගෙන, තණකොල කන්න පටන් අරගෙන යන්න.ඒ වගේම ඔලුවෙ අං තියනව ද කියලත් බලන්න.
ReplyDeleteහූ හූ පවු 68 ලක්ෂයේ ගොන්නු දැන් උඹලාම පට්ට හොරු දේශපාලන භූමියෙන් ඉවත් කරන්න ඕනෑ කියපු උන් ආණ්ඩුව ඇතුලට ගන්න උඹලා ගේම ආණ්ඩුව කටයුතු කරනවා මොකද හේතුව? උඹලගේ ජේවීපී උන්ට දැනුමක් නෑ වැඩ බෑ ඉදිරි සැලසුමක් නෑ අන්තිමේ යූඇන්පී එකේ අධිරාජ්‍ය ගැති උන් උඹලට ඕනෑ වෙලා ඔන්න ඕක තමයි උඹලගේ මහලොකු ජේවීපී එකේ කෙරුවාව ඡන්දෙ දුන්නු 68 ලක්ෂයේ ගොන්නු උඹලා පවු බං ලා දැන් ඉතින් උඹලා ජේවීපී/npp ඡන්දෙ දුන්නේ නෑ කියලා නම්බුව බේරා ගනීන්
Deleteබත් කන කෙනෙක් නම් විපක්ෂයෙන් ආණ්ඩුවට යන්නේ නැහැ....
ReplyDeleteWipakshe un moday ban
Deleteහිකිස් වැඩ ටික කරගන්න බැරුව.. විපක්ෂයේ මෝඩයෝ අරගෙන තනතුරු දීලා වැඩ කරවගන්න හදන ආණ්ඩුවේ එවුන්..
Deleteආණ්ඩුවත් දැන් රෙදි නැතුව ඉන්නේ. ආණ්ඩුවට යන අයත් රෙදි නැතුව යන්න.
ReplyDeleteGovernment is doing much better than others
Deleteආණ්ඩුවත් දැන් රෙදි නැතුව ඉන්නේ. ආණ්ඩුවට යන අයත් රෙදි නැතුව යන්න.
ReplyDeleteඅපරාදෙ ඔහොම නෙවෙයිනෙ කරන්න තිබුනෙ.
ReplyDeleteකැබිනට් මුදල් ඇමැති ධුරය දෙනවා කියල ආණ්ඩු පැත්තෙ වාඩි කරවල ඊටපස්සෙ නොදී චා කරලා දමන්නයි තිබුනෙ.
එතකොට වැඩ කරන්නේ තෝ ද?
Deleteඅපිට වැඩ කරගන්න බැරුව කෙලවෙලා ඉන්න නිසා නේ ඔය විපක්සෙ හොරු ටික ගන්නේ හරකෝ.
Gilena nau walata naginna tharam modayo vipakshe innawada...untath abasaranai..
ReplyDelete