‘මුදල් කාරක සභාවට ගවේෂණාත්මක අයිතියක් හෝ පර්යේෂණ සිදු කිරීමේ අයිතියක් නෑ’ - චතුරංග


 රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) යනු ගවේෂණාත්මක හෝ පර්යේෂණ සිදු කිරීමේ අයිතියක් ඇති කමිටුවක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම කාරක සභාව ස්ථාපිත කර ඇත්තේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳව සොයා බලන අධීක්ෂණ කමිටුවක් ලෙස බවයි.

රජයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අනපනත් පිළිබඳ විශ්ලේෂණයක් කර, ඒ පිළිබඳ අවබෝධයක් පාර්ලිමේන්තුවට ලබා දීම එහි ප්‍රමුඛතම වගකීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වැරදි ගිණුමකට බැර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමසීමට භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු කණ්ඩායම කැඳවීමට කමිටුව තීරණය කර තිබුණි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ බවට පළ වූ වාර්තා අසත්‍ය බවත්, ඔහු එදින සහභාගී වීමට නොහැකි බවත් ඉදිරි දිනයක පැමිණෙන බවත් දැනුම් දී තිබූ බව අබේසිංහ මහතා පැහැදිලි කළේය.

මුදල් කාරක සභාවේ තීරණ සැමවිටම කමිටුවක් ලෙස සාමූහිකව ඉදිරිපත් විය යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සභාපතිවරයා විසින් ඇතැම් අවස්ථාවල සිදු කරන ප්‍රකාශ කමිටුවේ පොදු එකඟතාවයෙන් තොර ඒවා බව ද පවසා සිටියේය.

මෙම ක්‍රියාවලිය දේශපාලන කාරණාවක් කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවත්, බදු එකතු කිරීම සහ මුදල් භාවිතය පිළිබඳ විමසීමේ අයිතිය කමිටුවට පවතින නමුත් එය ගවේෂණාත්මක විමර්ශනයක් නොවන බවත් ඔහු නැවතත් අවධාරණය කළේය.

රටේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් මෙම කාරක සභාව සක්‍රිය දායකත්වයක් ලබා දෙන අතර, විමර්ශන කටයුතු සඳහා වෙනත් කමිටු පවතින බව ද අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

12 Comments

  1. මේ කලකන්නියයි කසුන් දිසානායකයි තමා ඔය ගේම පිටිපස්සේ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. Ubalage Ammath Athi ..Gihin ahala balapan

      Delete
    2. මොකද බං ඇත්ත කියනකොට ජෙප්පන්ට මලපනින්නෙ?

      Delete
    3. උඹ ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපූ කාලකන්නි යා උඹ මේ කියන්නේ හොර කම් කෙරුවා ද කියලා හොයන්න cope එකට අයිතිය ක් නෑ ඔන්න හොර කම් ගැන හොයන්න එන්න එපා කියලා නේද?මේ ඡන්දෙ ට ඉස්සරවෙලා හිටපු උඹලා ද.

      Delete
  2. Replies
    1. මේ ඉන්නේ ගූ ගහලා පන්නපු එකෙක් මෙතන්ට පැනලා

      Delete
  3. වහන්න ෆුල් ට්‍රයි

    ReplyDelete
  4. අම්මේ හරියට bayawela වගේ. ඒ මොකද?

    ReplyDelete
  5. මේ කාලකන්නි කරපු හොරකමට අහින්සකයෙක් රස්සාවෙන් දොට්ට දාලා මරල දැම්මා. මිනීමැරුවො.

    ReplyDelete
  6. මූ පාර්ලිමේන්තුවට ඇවිල්ලත් මාස කීයද ? පොර ටෝක් දෙනවා !

    ReplyDelete
  7. මේ ගොන් බිජ්ජා හිතාගෙන ඉන්නෙ ලැට්මාලිගෙ හොර මිනිහා කියලා.

    ReplyDelete
  8. මේ ගොන්වාහේ දන්නෙ නෑ අධීක්ෂණය කියන එකට ගවේෂණය පරීක්ෂණය කියන ඒවා අයිතියි කියන එක.

    ReplyDelete
Previous Post Next Post