ඉරානයට ඇමරිකා-ඊශ‍්‍රායල දැවැන්ත ප‍්‍රහාර මාලාවක් යලිත්...


 ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානය ඉලක්ක කරගනිමින් නව ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සූදානම් වන බව 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත අනාවරණය කර තිබේ.

මෙම මිලිටරි ක්‍රියාමාර්ගය බොහෝ දුරට එළඹෙන සතිය ඇතුළත ආරම්භ වීමට ඉහළ ඉඩකඩක් පවතින බව එම වාර්තාවල සඳහන් වේ.

පසුගිය අප්‍රේල් මාසයේදී පාකිස්තාන මැදිහත් වීම මත දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඉන්පසුව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මේ අයුරින් ඉරානයට එරෙහිව යුදමය වශයෙන් සූදානම් වන පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

අවශ්‍ය ඕනෑම මොහොතක ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමෙරිකානු බලඇණි සන්නද්ධව පවතින බව එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ද පසුගිය සතියේදී තහවුරු කර තිබිණි.

මේ අතර, වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන් ඉදිරිපත් කළ සියලුම එකඟතාවන් සහ යෝජනාවන් ඉරාන රජය විසින් සම්පූර්ණයෙන්ම බැහැර කර ඇති බවයි.

මුල් වටයේදී ඇමෙරිකාවේ කොන්දේසිවලට එකඟතාව පළ කරන ඉරානය, පසුව උපක්‍රමශීලීව ඒවා ප්‍රතික්ෂේප කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන බවටද ජනාධිපතිවරයා මෙහිදී චෝදනා කළේය.

2 Comments

  1. බාල ගල් අගුරු වලින් වෙන පාඩුව මකාගන්න ඉන්ධන මිල වැඩි කරන්න භේ වගේ බොරු ප්රවෘත්ති වරින් අවශ්ය පසුබිම හදනවා.

    ReplyDelete
    Replies
    1. Ha hodai...Uba gihin chu karala gal aguru film ekak balala nida ganin...Buru gona

      Delete
Previous Post Next Post