තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් 'තමිලග වෙට්ට්‍රි කසාගම්' (TVK) පක්ෂයේ නායක විජේ , සිය පාලනයේ පළමු නියෝගය ලෙස ප්‍රාන්ත වැසියන් සඳහා විදුලි ඒකක 200ක් නොමිලේ ලබා දීමට අත්සන් තබා තිබේ.
ඉකුත් ඉරිදා චෙන්නායි හිදී පැවැති උත්කර්ෂවත් උත්සවයකදී ඔහු මහ ඇමති ලෙස දිවුරුම් දුන් අතර, මෙය වසර 60කට පමණ පසු තමිල්නාඩුවේ DMK හෝ AIADMK නොවන පක්ෂයක් රජයක් පිහිටවූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.
විජේගේ ප්‍රථම නියෝගයට අනුව නොමිලේ විදුලිය ලබාදීමට අමතරව, ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය උවදුර මර්දනය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් සහ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ බලකායක් මෙන්ම හදිසි උපකාරක සේවාවක් පිහිටුවීමට පියවර ගෙන ඇත.
සිය පාලනය යටතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ජලය මෙන්ම ගොවීන්ගේ සහ ධීවරයින්ගේ සුභසාධනය කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන බව ඔහු අවධාරණය කළේය.
මහ ඇමතිවරයා ලෙස සිය ප්‍රථම දේශනය ආරම්භ කරමින්, ඔහු නිතරම සිය රසිකයින් ඇමතීමට භාවිතා කරන "මගේ හදවතේ වෙසෙන ජනතාවනි" යන දමිළ වැකිය භාවිතා කරමින් ජනතාව ඇමතීය.
තමා සහායක අධ්යක්ෂවරයෙකුගේ පුතෙකු ලෙස දුප්පත්කම සහ කුසගින්න හොඳින් හඳුනන බවත්, තමා රාජකීය පවුලකින් පැවත එන්නෙකු නොවන බවත් ඔහු එහිදී පැවසීය.
ප්‍රාන්තය දැනට රුපියල් ලක්ෂ දහයක ණය බරකින් යුක්ත වුවද, ජනතා මුදල්වලින් සතයක්වත් අවභාවිත කිරීමට තමා හෝ සිය රජය ඉඩ නොතබන බවට ඔහු පොරොන්දු විය.
කොංග්රස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක සහය ඇතිව පිහිටුවන ලද මෙම නව රජය, මැයි 13 වැනිදාට පෙර තමිල්නාඩු සභාවේ සිය බහුතරය ඔප්පු කළ යුතුව ඇත.

පොරොන්දු වූ දේවල් ඒ ආකාරයටම ක්‍රියාත්මක කලොත් ඔබ ජනතාවගේ සැබෑ වීරයෙක් වෙනවා. එය ඔබේ දේශපාලන අනාගතයට කදිම පිටිවහලක් වෙනවා.
ReplyDeleteපොරොන්දු වූ දේවල් ඉටු නොකරොත් ඔබ ජනතාව ඉදිරියේ බොරු කාරයෙක් වෙනවා. දේශපාලන අනාගතයක් නැති වෙනවා
මේ නලු බට්ටා කොච්චර මෝඩයෙක් ද? දුප්පත් රටක නොමිලයේ දීලා ඡන්දදායකයින් තාවකාලිකව සතුටු කලත් රට ගොඩ ගන්න බෑ. රන්, දියමන්ති, තෙල් තිබෙනවා නම් තරමක් පුලුවන්. මේකා මාලිමාවට කලින් අප්‍රසාදයට පත් වෙන අතර රටත් අවුරුදු ගාණක් පස්සට ගෙන යනවා. මූට සුභ පතන්න තරමි සජිත් මෝඩයෙක් උනානේ.
DeleteApatah dawasaka nomile Laken Puit labenawa. Eda apith K........paniyen nanawa. Dan vassa kale light bill ihala damanne ai?
ReplyDeleteApatah dawasaka nomile Laken Puit labenawa. Eda apith K........paniyen nanawa. Dan vassa kale light bill ihala damanne ai?
ReplyDeletelankawe salli walinda laksha 10k naya? ane ban news danawanam hariyata hoyala balala dahan
ReplyDeleteතමිල්නාඩු බයියන්ට ආතල් දෙන සුළුතර මහ ඇමති
ReplyDeleteසිරාම ගොන් තඩියෙක්. අවුරුද්දකට ඩොලර් බිලියන 1.1ත් 1.4ත් අතර මුදලක් වැය වෙනවලු.
ReplyDeleteඉන්දියන් රුපියල් කෝටි 12000ක් අවුරුද්දකට. ඒ සල්ලි වලින් සෝලාර් පවර් ප්ලාන්ට් එකක් ගැහුව නම් හැමෝගෙම විදුලි බිල් අඩු කරන්න තිබුනා. චිත්‍රපටි වල වගේ නෙමෙයි ඇත්ත ලෝකේ හැටි.
ඉතින් ඒකටනේ ලන්කාවේ රූකඩ ආණ්ඩුවක් අටව ගත්තේ. ඉන්දියාවෙන් විදුලිය ලන්කාවට අපනයනය කරනවා. ඒ සල්ලි වලින් ඉන්දියාවෙ මින්නිස්සුන්ට සහන දෙනවා.
Deletemeta Lankawata loku hisaradak wenawa idiriyata mokada oya kachchathiw island ekata muu gema adinawa muge chanda poronduwak eka india wata ganna eka danata eka lankawe , nawatha LTTE eka karaliyata ei ape TON PACHAYA mona magulak karaida danne naa
ReplyDeleteමෙහේ මොකට අඩු කරනවද? ඩෝබිලා සතුටු කරන්න හරි ලේසියි.
ReplyDeleteඅපේ කයිතන්නම් 2028 මිල 1/3කින් අඩු කරලා 2030 මිල 2/3කින් වැඩි කරනවා.
ReplyDelete