අරක්කු පරිභෝජනය වැඩිවෙයි.. බදු ආදායමත් ඉහලට..


 ශ්‍රී ලංකාවේ මත්පැන් පරිභෝජනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වේ. 

2025 වසරේ දත්ත විශ්ලේෂණය කිරීමේදී, බීර නිෂ්පාදනය 5%කින් සහ අනෙකුත් මධ්‍යසාර නිෂ්පාදනය 17%කින් වර්ධනය වී ඇති බව නිරීක්ෂණය වී තිබේ.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මත්පැන් මිලෙහි පවතින ස්ථාවරත්වයයි. 

2024 වසර ආරම්භයෙන් පසුව මේ දක්වා මත්පැන් මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැත.උද්ධමනය සහ පුද්ගල ආදායම් ඉහළ යාමට සාපේක්ෂව මත්පැන් මිල නොවෙනස්ව පැවතීම හේතුවෙන්, සාමාන්‍ය ජනතාවට මත්පැන් මිලදී ගැනීම වඩාත් පහසු වී ඇත 

2023 වසර මත්පැන් බදු 20%කින් ඉහළ නැංවීම නිසා අලෙවිය ලීටර මිලියන 8.3කින් පහත වැටුණු අතර, රජයේ බදු ආදායම රුපියල් බිලියන 11.6කින් වර්ධනය විය.

2024 වසර බදු තවදුරටත් 20%කින් වැඩි කිරීම නිසා අලෙවිය ලීටර 430,000කින් අඩු වූ අතර බදු ආදායම රුපියල් බිලියන 42.15ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

පවතින තත්ත්වය මත රජයේ සුරාබදු ආදායම යම් ප්‍රමාණයකින් වර්ධනය වුවද, මත්පැන් භාවිතය ඉහළ යාම නිසා රටට අත්වන සෞඛ්‍යමය හා සමාජීය හානිය එම බදු ආදායමට වඩා බෙහෙවින් බරපතළ බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කරයි.

4 Comments

  1. අරක්කු බිල හරි භාණ්ඩාගාරය පුරවනවා අපි. සැකයක් තියාගන්න එපා..

    ReplyDelete
  2. අරක්කු බිල හරි භාණ්ඩාගාරය පුරවනවා අපි. සැකයක් තියාගන්න එපා..

    ReplyDelete
  3. දරුවන් ලමයින් බඩ ගින්නෙ. මුන් අරක්කු බොනවා. තිරිසන්නු. මාලිමාවට හොරකම් කරන්න සල්ලි උපයල දෙනවා.

    ReplyDelete
  4. 28 – 8583කැබ් රථය, RMV ගයනි කෞශල්‍යා විජේසිංහ හිරේ යාම ගැන රටටම කී කතාව

    ඔබ 28 – 8583 දරන කැබ් රථය දන්නවාද? යම් දිනෙක ඔබ එය පාරේ දැක තිබෙනවාද? මෙය ලංකාවේ පාරවල්වල කිලෝමීටර් දසහස් ගණනක් ගමන් කර තිබෙනවා. දිනෙක මෙය ඔබත් දැකලා ඇති. ඒ වාහනය තමන්ගේ එන්ජිම හඩනංවමින් ඔබට යමක් කියන්න තැත් කරන්නට ඇති. එහෙත් ඔබට එය කිසිදා වැටහෙන්න නැතිව ඇති.

    අනෙක් අතට, රටේ මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයෙකු අත්අඩංගුවට පත් වන්නට මේ කැබ් රියේ අංක තහඩුව හේතු වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති.

    28 – 8583

    මෙම කැබ් රථයේ කතාව ආරම්භ වන්නේ නීති විරෝධී ලෙස කොටස් එකලස් කිරීමකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම රථය සඳහා අවශ්‍ය කොටස් නීති විරෝධී ලෙස ගෙන්වා හෝ ලබාගෙන එකලස් කර තිබෙනවා. එහෙත් මෙලෙස එකලස් කළ වාහනයක් පාරට දැමීමට නම් ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා. අප නම්බර් ප්ලේට් එක කියන්නේ එයටයි.

    මෙසේ කිරිම සදහා රථයේ සැබෑ අනන්‍යතාවය සඟවා, එහි චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. අනතුරුව එම ලේඛන ඉදිරිපත් කර, වාහනයේ කාර්මික තත්ත්වය තහවුරු කරන බර සහතික වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. චැසි අංක සංශෝධනය කිරීමේදී පවත්වාගෙන යා යුතු නිල ගොනුව නීති විරෝධී ලෙස සඟවා තබමින් විමර්ශන මගහැරීමට කටයුතු කර තිබෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතිය ගැන විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැති වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාව මත අප්‍රේල් 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.

    වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඇය දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

    ReplyDelete
Previous Post Next Post