බැංකු පද්ධතිය මගින් රාජ්‍ය අංශය වෙත ලබා දෙන ණය ප්‍රමාණය පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව මහ බැංකුව පවසයි.
රජය සතු වාණිජ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළුව ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ සහාය ඇතිව මෙය සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික ආර්ථික විවරණයේ (2025) දැක්වේ.
මේ අතර මහ බැංකුව විසින් රජයේ අයවැය හිඟය මූල්‍යනය සඳහා අරමුදල් සැපයීම සිදු නොකරන වාතාවරණයක් තුළ විදේශීය මූල්‍යනය සඳහා ඇති සීමිත ප්‍රවේශය මධ්‍යයේ විකල්ප දේශීය මූල්‍යන වෙත යොමුවීමට රජයට සිදුවිය හැක.
ගෝලීය මෙන්ම දේශීය කම්පනවලට ඔරොත්තු දීම සඳහා සහ එමගින් රජයේ මෙහෙයුම් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ස්වාරක්ෂක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව ද එහි දැක්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
