හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය හමුදාවේ එක්සත් රාජධානිය සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
ඉරානයට නැගෙනහිරින් පිහිටි සිරිකි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි සේවකයින් සියලු දෙනාම නිරුපද්‍රිතව පසුවන බව වාර්තා වේ.
ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට හෝමුස් සමුද්‍ර සන්ධිය සහ ඒ අවට ප්‍රදේශයේ නෞකාවලට එල්ල වූ අවම වශයෙන් 24 වන ප්‍රහාරය මෙය ලෙස සටහන් වේ.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් විසින් භාරගෙන නොමැති අතර, මෙය අප්‍රේල් 22 වන දිනෙන් පසුව කලාපයෙන් වාර්තා වූ පළමු ප්‍රහාරයයි.
මේ වන විට එම මුහුදු කලාපයේ පවතින නාවික අවදානම් මට්ටම 'අතිශය බරපතල' (මට්ටමක පවතින බව නාවික නිරීක්ෂකයින් අනතුරු අඟවයි.
ඉරාන නිලධාරීන් පවසා ඇත්තේ සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතු බවත්, ඇමරිකා එක්සත් ජනපදයට හෝ ඉශ්‍රායලයට සම්බන්ධ නොවන ඕනෑම නෞකාවකට නියමිත බදු ගෙවීමෙන් පසුව එම ප්‍රදේශය හරහා ගමන් කළ හැකි බවත්ය.
ඉරානය නෞකාවලට ප්‍රහාර එල්ල කරමින් සහ තර්ජනය කරමින් මෙම සමුද්‍ර සන්ධිය ප්‍රායෝගිකව වසා දැමීමට කටයුතු කර ඇත.
හඳුනා ගැනීමට අපහසු, එන්ජින් දෙකක් සහිත කුඩා ඉරාන මුර සංචාරක යාත්‍රා මීට පෙරද නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට යොදාගෙන තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සමුද්‍ර සන්ධියේ බෝම්බ අතුරන කුඩා ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කර විනාශ කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේදී එරට හමුදාවට නියෝග කර තිබුණි.
දැනට සති තුනක පමණ සිට පවතින සටන් විරාමය තවමත් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබුණද, අවශ්‍ය වුවහොත් තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති ට්‍රම්ප් සෙනසුරාදා ප්‍රකාශ කළේය
