ශ‍්‍රී ලංකාවේ පාස්පෝට් ටෙන්ඩරය දැවැන්ත වංචාවක්.. පෝලන්තය යුරෝපා සංගමයට පැමිණිලි කරයි..


 ශ්‍රී ලංකා රජය මගින් ක්‍රියාත්මක කරන විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් පටිපාටිය තුළ බරපතල වංචාවක් සිදුව ඇති බවට චෝදනා කරමින් පෝලන්ත රජය ඒ පිළිබඳව යුරෝපා සංගමය (EU) වෙත පැමිණිලි කිරීමට සූදානම් වන බව ඩේලි මිරර් වාර්තා කරයි.

පෝලන්ත රජයට අයත් පෝලන්ත ආරක්ෂක මුද්‍රණ ආයතනය ඇතුළු ජාත්‍යන්තර ලංසුකරුවන් හත්දෙනෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කර තිබීම මීට හේතුවී ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ මෙම ටෙන්ඩරය 2025 අප්‍රේල් 27 වනදා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ සඳහා ජර්මනිය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය, පෝලන්තය සහ මැලේසියාව යන රටවල ප්‍රමුඛ පෙළේ සමාගම් අටක් අයදුම් කර තිබුණි.

පෝලන්ත ආරක්ෂක මුද්‍රණ ආයතනය පෙන්වා දෙන්නේ, තමන් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාදී තමන්ව ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බවයි. මෙහිදී ටෙන්ඩරය හිමිව ඇත්තේ 'Thales Finland' නම් සමාගමටය.

පෝලන්ත සමාගම ඇතුළු ලංසුකරුවන් හතර දෙනෙකු අභියාචනා මණ්ඩලය හමුවට ගොස් ඇති අතර, එහිදී PWPW සමාගම තාක්ෂණිකව සුදුසුකම් ලබා ඇති බව පිළිගත් මණ්ඩලය, ඔවුන්ගේ මූල්‍ය යෝජනාවලිය විවෘත කර නැවත ඇගයීමක් කරන ලෙස රජයට දන්වා තිබේ. කෙසේ වෙතත්, නැවත ඇගයීමකින් පසුව ද ඔවුන්ගේ මිල ගණන් විවෘත කිරීමට රජය අපොහොසත් වී ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රියාවලිය තුළ කිසියම් අදෘශ්‍යමාන බලපෑමක් පවතින බවට සැක කරන පෝලන්ත නියෝජිතයන්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නොමැත.

පෝලන්ත රජය යෝජනා කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ස්වාධීන තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් මෙම ටෙන්ඩරය නැවත පරීක්ෂා කරන ලෙසයි. නව දිල්ලියේ පිහිටි පෝලන්ත තානාපති කාර්යාලය ද මෙම ඉල්ලීමට සහය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය වෙත ලිපි යොමු කර ඇත.

මෙම ටෙන්ඩරය හිමි වූ 'Thales Finland' සමාගම මීට පෙර හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පාලන සමයේදී යන්ත්‍ර මගින් කියවිය හැකි ගමන් බලපත්‍ර 750,000ක් සැපයීම සඳහා ද තෝරාගෙන තිබුණි. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එම ගනුදෙනුව ද අධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ ආන්දෝලනාත්මක එකක් බව මෙම වාර්තාව මගින් වැඩිදුරටත් සිහිපත් කර ඇත.

13 Comments

  1. Gu gadey inna baha appa. Dobila warella hodanna.

    ReplyDelete
    Replies
    1. 1. Gal aguuru-------------------------------continue------------------------hadennaha--------------------------VAT increase
      2.Diesel- ......................word highest price-------------------------now government give compensation------------public to bear
      3.pasalpoth-----------------------kola kada beruna---------------------------CID sani loweth naha--------------------hora cid gihin ana gaththa
      4.POhorath angena
      5,pass port nagaththa
      6.Australin naya-----------------------secretary baba-------------------------lapaya baba-------------------ane manda


      HAMA WEDEMA API HORAKAWENAHA/ ETH PADUWELA

      Delete
  2. puka hodanne nathi suddonta jeppo denne nehe ,pare rena indian karayonta meka denne,,, gahilidasa kota

    ReplyDelete
  3. It appears that current administration is engaged in day-time robbery unlike their predecessors who did that in the dark.

    ReplyDelete
  4. ආ කමක් නෑ.. නාමල්ටනම් ආයෙ ජන්ද නෑ..

    ReplyDelete
    Replies
    1. ⁣වහල් ජෙප්පො 3% නොදුන්නට අපිට පාන්ද.

      Delete
    2. Why do you talk about Namal when a fraud in the government is reveald. Its okay that you voted NPP, you can vote NPP again, but have a backbone to stand against corruption. In that way you can make your own government to deliver.

      Delete
    3. Why do you say no vote to Namal when a fraud in the government is revealed? Its okay that you voted NPP, you can do it again. But, stand against corruption, this will force government to stay in the right track.

      Delete
  5. වංගු වංගු වංගු...

    ReplyDelete
  6. Tiran Alles oka karanna yanakota eda Jeppo ka gahala dan aekama karanava Hiks.

    ReplyDelete
  7. පුකරුදය......පුක--රුදය....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  8. හොරකම් අධි වේගෙන්. සීග්‍රගාමි ලොවෙත් නැති වෙන්න. පොරකකා හොරකම් කරන සීන් එකක් යකුනේ පෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Yes.Looks like these guys are better thiefs than last government.

      Delete
Previous Post Next Post