2022 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට මුහුණ දීමට සිදු වූ තත්ත්වය හෝ එවැනි ආර්ථික අර්බුදයක් මෙවර ඇති වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අම්පාර බහුකාර්ය නගර ශාලාවේ (නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ) ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, ඇතැම් පිරිස් වර්තමාන තත්ත්වය 2022 වසරේ පැවති අර්බුදයට සමාන කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කළද, එවැනි දෙයක් සිදු නොවන බවත් එම ප්‍රශ්න තමන් විසඳන බවත්ය.
2022 වසරේදී භාණ්ඩාගාරයේ රුපියල් හෝ බැංකු පද්ධතියේ ඩොලර් නොතිබූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවකට මහ බැංකුව සතුව තිබූ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 50ක් වැනි ඉතා සුළු අගයක් බව පැවසීය.
එහෙත් වර්තමානය වන විට රජය සතුව ප්‍රමාණවත් රුපියල් පවතින අතර, මහ බැංකුව සතුව ඩොලර් මිලියන 7,000කට ආසන්න විදේශ සංචිතයක් පවතින බව හෙතෙම අනාවරණය කළේය.
මීට අමතරව ඉදිරි සතියේදී තවත් ඩොලර් මිලියන 700ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) තවත් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
පවතින වෙළඳපොළ තත්ත්වයන් හමුවේ වුවද, අතීතයේ පැවති තෙල්, ගෑස්, කිරිපිටි හෝ පොහොර පෝලිම් ඇති වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.
මැදපෙරදිග පවතින යුද තත්ත්වය වැනි බාහිර සාධක නිසා ආනයන පිරිවැය ඉහළ ගියද, ජනතාවගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා බිඳ වැටීමට ඉඩ නොදෙන බවත්, ඒ සඳහා අවශ්‍ය ඩොලර් කළමනාකරණය සඳහා නිසි සැලසුමක් පවතින බවත් ඔහු කියා සිටියේය.
රටේ විදේශ සංචිත ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරි මාස එකහමාරක පමණ කාලයක් QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම යළි ශක්තිමත් කරන ලෙස සෙඩ් හිමියන්ගෙන් ඉල්ලා සිටි බවත්, මෙය ආර්ථිකය කළමනාකරණය කරගැනීමේ තාවකාලික පියවරක් බවත් ජනාධිපතිවරයා පැවසීය.

කතාව හරි උඹලට වෙන්නේ ඊට වඩා නරකම දේ
ReplyDeleteඇත්ත. මුන්ට වෙන්නෙ හතර අතට වැඳ, වැඳ බිමදිගේ බඩගාගන යන්ඩ. .
Delete