ගින්නකින් කර්මාන්ත ශාලාවක් මුළුමනින්ම විනාශයි..


 නුවරඑළිය, රාගල බෲක්සයිඩ් ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක් හටගෙන තිබේ.

අලුයම ඇති වූ ගින්නෙන් කර්මාන්ත ශාලාවට සහ එහි දේපළවලට විශාල හානියක් සිදුවී ඇති බවයි රාගල පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.

පැරණි තේ කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, රාගල පොලිසිය, වතු හිමියන් සහ නුවරඑළිය නගර සභා ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කළද, ඒ වන විටත් පැතිර ගිය ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.

සිද්ධිය වන අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ සේවකයින් 6 දෙනෙකු සිටි බවත් ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවයි අනතුර පිලිබද පරික්ෂන පවත්වන රාගල පොලිසිය කියා සිටියේ.

ගින්න සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ රාගල පොලිසිය විසින් සිදු කරයි.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post