සනත් නිශාන්තගේ මල්ලීට වසර පහමාරක සිර දඬුවම් නියම කෙරේ...


 අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයෙකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට වසර 5යි මාස 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා කිහිපයකට වරදකරු කරමිනි.

2007 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ රාජකාරියට බාධා පමුණුවා තිබීම, අදාළ නිලධාරියාට තර්ජනය කර බිය ගැන්වීම, නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් කළහකාරී ලෙස හැසිරීම එල්ල වී තිබූ චෝදනාය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, ඉදිරිපත් වූ සාක්ෂි සලකා බලමින් අධිකරණය විසින් මෙම දඬුවම නියම කිරීමට පියවර ගෙන ඇත.

Previous Post Next Post