එකවර විශාල බස් ගාස්තු වැඩි කිරීමක්..

 


දැනට සිදු කර ඇති ඉන්ධන මිල ඉහළ දැමීම්වල බලපෑම තාවකාලිකව පාලනය කර තිබුණද, එළඹෙන ජූනි මාසයේදී ජනතාවට එකවර විශාල බස් ගාස්තු වැඩිවීමකට මුහුණ දීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඩීසල් මිල ඉහළ ගියද, ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) දැනට ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ, පවතින ඉන්ධන මිල ඉහළ යාමේ සැබෑ බලපෑම දැනට "කල් දමා" ඇති බවයි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදු කරන ජූනි මාසයේදී, මෙම සියලු පිරිවැය පරතරයන් පාරිභෝගිකයා මත පැටවීමට සිදුවන බව ඔහු අවධාරණය කළේය.

"රුපියල් 10 කින් ඩීසල් මිල වැඩි වීම බස් ගාස්තු සංශෝධනයට ප්‍රමාණවත් නැති බව බලධාරීන් කිව්වත්, මෙලෙස වරින් වර සිදු වන වැඩිවීම්වල බර අවසානයේ එකතු වෙන්නේ ජූනි මාසයටයි. එතකොට ජනතාවට සිදුවන්නේ එකවර විශාල ගාස්තු වැඩිවීමකට කර ගහන්නයි," යැයි විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසා සිටියේ රුපියල් 10 ක මිල වැඩිවීමක් ගාස්තු සංශෝධනයක් සඳහා නිර්ණායක සපුරාලීමට ප්‍රමාණවත් නොවන බවයි.

5 Comments

  1. පතිරණ ගලප්පත්තිMay 4, 2026 at 7:02 PM

    කෙසේ වෙතත් නිලාන් මිරැන්ඩා කීව දේත් බලන්ඩෝන.

    ReplyDelete
    Replies
    1. කොහොමද බලන්ඩෝන
      තනි කකුලෙන් හිටගෙනද
      නිදාගෙනද
      උඩ පැන පැන ද

      Delete
    2. පතිරණ ගලප්පත්තිMay 4, 2026 at 9:40 PM

      ඇයි උඹ ගංජා ගහල ද? සාමාන්‍ය විදියට වාඩිවෙලා බලපන්, කන්ස්ටිපේෂන් වගේ නම් වතුර ටිකක් වැඩියෙන් බීපම්.

      Delete
  2. ආචාර්ය තුමාට ගැමුණු කියන අනාගතයේ සිදුවිය හැකි අහිතකර දැවැන්ත බලපෑමවත් තේරුම් ගන්න බෑවගේ.

    ReplyDelete
  3. ලංකාවේ සියලුම දේවල් වල මිල ගණන් ඉහළ යමින් කියනව. යුද්ධයට සම්බන්ධ නැති දේවලුත් මිල අධික ලෙස ඉහළ යමින් තියනව. පෙට්රල් මිල ඉහළ යනකොට බදුත් වැඩිකරනව. හෝටලයක් කෑවොත් රුපියල් දහදාහකට අමතරව වැට් 20% + 2.5,% සේවිස් චාර්ජ් 10 % වැඩිපුර 3,250 ගෙවන්න ඕන. හෝටල් බිල් රුපියල් 10,000 ඉදල ලක්ෂ 150,000 වෙනකම් මිල සදහන් කරලා තියෙනවා. හෝටල් වල කෑමත් අධික මිල ගනන් වලට විකුණකව. ඔරොත්තු නොදෙන ගාණකට ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ආසියාවේ ආහාර ඔරොත්තු නොදෙන මට්ටමකට ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මැස්සො වහන හෝටල් වලත් කෑම වේලක් රුපියල් හාරසියට ගිහිල්ලා තියනව. ඉන්දියාව, බංග්ලාදේශ, තායිලන්තයට වඩා එළවළු, ඇතුළු ආහාර වල මිල සියයට හතලිහකින් පමණ වැඩි වෙලා තියනව. මේව පිළිබඳ රජය මැදිහත් විය යූතු බව කිව යුතුය.



    ReplyDelete
Previous Post Next Post