සජිත් අගමැති කරන්න සාකච්චාවක් යනවා..


 වත්මන් ආණ්ඩුව තුළ ඇතිව තිබෙන යම් අර්බුදකාරී තත්ත්වයක් හමුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සහ ඔහු වටා ඒකරාශී වීම පිළිබඳව ජාතික ජන බලවේගයේ පිරිසක් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සාකච්ඡා පවත්වා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි.

පසුගිය දිනවල මාලිමාවේ කාර්යාලයක පැවති සාකච්ඡාවකදී යම් ඝට්ටනයක් ඇති වූ බවටත්, ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීමට පවා සූදානමින් සිටින බවටත් තොරතුරු ලැබී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

මේ වන විට ආණ්ඩුව පවත්වාගෙන යාමේ අපහසුතාවක් පවතින බව පෙන්වා දෙන ඔහු, පක්ෂ මාරු කිරීම වැළැක්වීම සඳහා නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට උත්සාහ කරන්නේ මෙම පක්ෂ අභ්‍යන්තර අර්බුදය නිසා විය හැකි බවට ද අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, මාලිමා ආණ්ඩුවේ පිරිස් පමණක් නොව වෙනත් දේශපාලන පක්ෂවල පිරිස් ද විපක්ෂ නායකවරයා සමඟ සාකච්ඡා කර ඇති බවයි. 

ඉදිරියේදී යම් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වුවහොත්, අවශ්‍ය නායකත්වය ලබාදීමට සූදානම් වන ලෙස ඔවුන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇති බව ද ඔහු පැවසීය.

මෙම පිරිස් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව බහුතර බලය පෙන්වා, ඔහුට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමේ සැලසුමක් පවතින බවට සැකයක් පවතින බවත්, ආණ්ඩුව තුළ සිටින පිරිසක් ඔහු සමඟ එක්වීමට සූදානම් බවත් සුජිත් සංජය පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

12 Comments

  1. හරි අපි හිතමු ගෝඨාභය වගේ අනුර කුමාර ත් සජිත් ට ආරාධනා කරනවා කියලා (අර්බුදය උග්‍ර වෙලා හරි වෙන මොනවා හරි වෙලා හරි) ආණ්ඩුව බාර ගන්න කියලා

    මම අහන්නේ සජිත් බාර ගනියි ද?

    හර්ෂ ද සිල්වා ඒ පාරත් කියයි ද ඕක නම් බාර ගන්න එපා - ගත්තට කරන්න බෑ කියලා

    ReplyDelete
    Replies
    1. 😆😆😆😆

      Delete
    2. කැලණියේ ඩයස්May 27, 2026 at 5:21 PM

      හොර පිඑච්ඩි ආර්ථික ඔස්තාර් හර්ෂ ඕක ගන්න එපා කියල කියුවේ දෙවෙනියට. ඉස්සෙල්ලම බුරු පුතනෝ උපදෙස් ගත්තේ පක්ෂයේ සාමාජිකයෙක් නොවන ලක්ෂ්මන් කියල බුරුවෙක්ගෙන්.

      Delete
  2. අගමැති කම පච විමලෙට දෙමු.😆😆😆😆

    ReplyDelete
    Replies
    1. රටට ජාතියට ආගමට ආදරයක් නැති ⁣මොලේ කුරුවල් උන කුහකයොන්ට විමල්ව තේරුම් ගන්න අමාරුයි.

      Delete
    2. විමලෙගෙ පැටව් හැමතැනම 😁

      Delete
  3. බූරු පුතාණෝ කියන ගොන් කතා අහලා තියෙන කිසිම කෙනෙක් මෑන්ව අගමැති කරන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. උබේ පියා බූරුවෙක් වෙල තෝ තැප්පුලුන අවජාතකයෙක් බිහිකලාට , හැමෝම බූරුවො නෙවෙයි

      Delete
  4. සජිත් වටේ ඉන්නෙත් සජිත් වගේම සෙට් එකක්, දැන් තියෙන දේශපාලනයේ රැඳිල ඉන්න අවශ්‍ය උපක්‍රමයක්වත් මුන්ට හදාගන්න දැනුමක් නැ! - මේ ආණ්ඩුව විචෙනය කරන්න අවශ්‍ය දැනුම මුන්ට නැ!

    ReplyDelete
  5. කැලණියේ ඩයස්May 27, 2026 at 5:17 PM

    වලක හිටපු ගෙම්බෙක් සජිත් සජිත් කියල කියුව කියල වොඩ්ක තට්ටය කියුවා

    ReplyDelete
Previous Post Next Post