රුපියල බේරාගන්න හැමෝම සහාය දෙන්න.. ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතුයි..- ජනපති


මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සතුව තිබු දේශපාලන රැකවරණය මේ වන විට මුළුමනින්ම අවසන් කර තිබෙන බවත්, මත්ද්‍රව්‍යවලට එරෙහි විමර්ශනවලදී  කිසිදු නිලධාරියෙකුට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත්, අදාළ සියලු ආයතන තම සීමාවන් තුළ කටයුතු කරමින්  තමන් වෙත පැවරී ඇති කාර්යය නිසි ලෙස ඉටු කරනු ඇති බවට විශ්වාස කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එහිදී පවතින නීති රාමුව ප්‍රමාණවත් නොවන්නේ නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බවද  වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා රජය, ආගමික සංස්ථාව මෙන්ම ජනතාවද අත්නොහැර, නොපසුබට උත්සාහයෙන් සහ අවධානයෙන් අඛණ්ඩව කටයුතු කිරීමෙන් මෙම උවදුර පරාජය කළ හැකි බවත්, ඒ වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරන බවත් පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (20) පස්වරුවේ මඩකළපුව වෙබර් ක්‍රිඩාංගණයේ පැවති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන  “රටම එකට” මඩකළපුව දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමිනි. 

මෙහිදී අදහස් දැක් වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කර ගෙවී ගිය මාස 06 තුළ මත්ද්‍රව්‍යවලට එරෙහි වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම්වල විශේෂ ප්‍රගතියක් සිදුව ඇති බවයි. 

නැගෙනහිර පළාතේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ක්‍රියාන්විතය සඳහා දක්වන ලද සුවිශේෂී දායකත්වයද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය, 

අද අප එක්ව සිටින්නේ අපේ රටේ ඉතාමත් වැදගත් අභියෝගයක් ජයග්‍රහණය කිරීමේ අරමුණින්. අපි රජයක් ලෙස ප්‍රධාන අභියෝග කිහිපයක් පිළිබද අවධානය යොමු කර මේ රට ගොඩනැගීම පිළිබඳ තිරසර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරනවා. 

අප සතු පළමු අභියෝගය වන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ අභියෝගය සහ ගමන් මාවතයි. අපේ ආර්ථිකයට බලපෑම් කරන ක්ෂේත්‍ර කිහිපයක අභියෝගයකට අපි පසුගිය කාලයේ මුහුණ දුන්නා. විවිධ රාජ්‍යයන් විසින් පනවන ලද බදු ප්‍රතිපත්ති නිසා අපේ ආර්ථිකයට යම් ප්‍රහාරයක් එල්ල වෙමින් තිබුණා. දිට්වා සුළි කුණාටුව ලංකාවේ මෑත ඉතිහාසයේ වැඩිම ආර්ථික බලපෑමක් කරන ලද ව්‍යසනය බවට පත්ව තිබුණා. එය අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා ඊට  ශක්තිමත්ව මුහුණ දීමට හැකියාව තිබුණා. 

මෑතකාලීනව මැද පෙරදිග කලාපය කේන්ද්‍රකරගෙන යුදමය තත්ත්වයක් ඇතිව තිබෙනවා. එය ලෝකයේ දියුණුයැයි සම්මත රටවල්, අඩු ආර්ථික හැකියාවක් තිබෙන රටවල් බේදයකින් තොරව ආර්ථික අභියෝගයකට ලක් කර තිබෙනවා. 

ආර්ථික වශයෙන් අපි මුහුණ දෙන  අභියෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අයත් වෙනවා. පළමුවැන්න භාණ්ඩාගාරයට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා ගැනීම. එය අපි ශක්තිමත්ව ඉටු කර තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ධන අතිරික්තයක් සහිත භාණ්ඩාගාර ගිණුමක් අපි සතුව තිබෙනවා. ඒ නිසාම දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට රුපියල් කෝටි 50,0000ක් වෙන්කිරීමට අපිට  හැකියාව ලැබුණා. ඒ වගේම භාණ්ඩාගාරයේ රුපියල් තිබු නිසා මැදපෙරදිග යුද තත්ත්වය නිසා ඇතිව තිබෙන ඉන්ධන මිල සහ විදුලිබිල ඉහළ යාමට යම් මැදිහත්වීමක් කිරීමට අපිට හැකියාව ලැබුණා. අපි ඒ සඳහාත් රුපියල් කෝටි 10,000ක් වෙන් කර තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රුපියල් කෝටි 2000ක් වෙන් කළා. ඉදිරි මාස දෙක සඳහාද ඉන්ධන සහනාධාරයට රුපියල් කෝටි 2,000 බැගින් ලබා දෙනවා. අදත් ඔබ භාවිතා කරන හැම ඉන්ධන ලීටරයකටම ආණ්ඩුව රුපියල් 100ක සහනාධාරයක් ලබා දෙනවා. ඒ භාණ්ඩාගාරය සතුව රුපියල් තිබෙන නිසා.

ඒ වගේම ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි බිල යම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදු වුණා. නමුත් විදුලි පාරිභෝගිකයින් 95%කටම විදුලි බිල ඉහළ යන්නේ නැහැ. ආණ්ඩුව එය සහනාධාරයක් ලෙස ලබා දීමට තීරණය කළා. ඒ නිසා පසුගිය වැඩි කිරීමේදී විදුලි බිල ඉහළ ගියේ විදුලි පාරිභෝගිකයන් 5%කට පමණයි. අපි එම සහනාධාරය සැප්තැම්බර් මාසය දක්වා ලබා දෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුව රුපියල් කෝටි 1500ක වැය බරක් දරනවා. ඒ නිසා ශක්තිමත් ආර්ථික කළමනාකරණයක ප්‍රතිඵල ලෙස මෙවැනි ව්‍යසනයකට මුහුණ දිය හැකි රුපියල් ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරය සතුව පවතිනවා. 

එහෙත් වර්තමානයේ ඩොලරය පිළිබඳ අර්බුදයකට අපි මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් ඩොලරය අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ශක්තිමත් වී තිබෙනවා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කර තිබෙනවා. අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ ඩොලර් උපයන සංචාරක කර්මාන්තයයි. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව 29%ක සංචාරකයන් පැමිණිමේ අඩුවක් සිදුව තිබෙනවා. එය අපේ ඩොලරයට බලපෑමක් ඇති කර තිබෙනවා. ලෝකයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුකොටගෙන අපේ අපනයනවල ඉල්ලුමේ අඩුවක් ඇතිවී තිබෙනවා. ඒ නිසා අපනයන මගින් ලැබෙන ඩොලර්වලත් හිඟයක් ඇතිව තිබෙනවා. අනෙක් පසින් ගත්තොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන සංක්‍රාමවල පසුබැසීමක් මේ මාසයේ ඇති වී තිබෙනවා. 

ඒ වගේම ඩොලරයේ මිල ඉහළයාම නිසා ඉන්ධන ගෙන්විමේ මාසික පිරිවැය වැඩි වී තිබෙනවා. පෙබරවාරි මාසයේ ඉන්ධන ආනයනය සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසයේ ඩොලර් මිලියන 522යි. මසකට ඉන්ධන ආනයනය සඳහා ඩොලරයේ සීමාව ඩොලර් 500 ඉක්මවා වැඩි වී තිබෙනවා. එය අපේ රුපියලට තෙරපුමක් සහ ඩොලරයට ඉල්ලුමක් ඇති කර තිබෙනවා. ඒ නිසා මේ අර්බුදයට මුහුණදීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිතව තිබෙනවා. 

අපි මේ අවස්ථාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග බැදුණු විස්තීරණ ණය වැඩසටහන සමගයි. ඒ නිසා අපි ගත යුත්තේ කවර තීන්දුද කියා අපි ඔවුන් සමග සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ වගේම අපේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අපි මේ ඩොලරය සඳහා කෙටිකාලයක් තිබෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතුයි. 

ආනයන භාණ්ඩ පාවිච්චිය පිළිබඳ යම් අවධානයක් යොමු කළ යුතුයි. ආනයන වියදම අඩු කරගත යුතුයි. අපි කොහොමද රටින් එළියට ගලායන ඩොලර් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා තනි තනිව මැදිහත්වන්නේ  කියලා කල්පනා කරන්න කියා මම සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම කෙටිකාලීන අර්බුදයට අපි ශක්තිමත්ව මුහුණ දෙමු.  පැරණි විනාශකරී ආර්ථික තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මම ඔබට සහතික වෙනවා. එය අපිට ආර්ථික වශයෙන් යන්න තිබෙන ගමනක්. 

ඒ වගේම අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, දිසාපතිවරයාගේ සිට පහළට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවමින් අදාළ බඳවා ගැනීම් සිදු කරනවා. අපි අදියර තුනකින් වැටුප් වැඩි කිරිම් සිදු කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන ජනවාරි මාසයේදී වැටුප් වැඩිවීමක් සිදු වෙනවා. ඒ වගේම තව විශාල ලෙස විසදිය යුතු ප්‍රශ්න අපි සතුව තිබෙනවා. 

අද අපේ මුඛය පරමාර්ථය වී තිබෙන්නේ මේ විෂ මත්ද්‍රව්‍යවලින් අපේ මාතෘභූමියත්, තරුණ පරපුරත්, ජාතියත් නිදහස් කර ගැනීමයි. විෂ මත්ද්‍රව්‍ය අපේ රටේ ජාතික ව්‍යසනයක් බවට පත්වී අවසන්. එය එක පසෙකින් අපේ තරුණ පරපුර ගිල ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමාපියන් විශාල වේදනාවකට පත් වෙනවා. විනයක්, ශිෂ්ටභාවයක් නොමැති තරුණ පරපුරක් ගොඩනැගෙමින් තිබෙනවා. මේ ව්‍යසනය මොනතරම්ද කියන එක අපිට දිනපතා වාර්තාවන ප්‍රවෘත්තිවලින් පෙන්නුම් කරනවා. මෙය සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා මේ ව්‍යසනය අවසන් කිරීම ඉතාමත් තීරණාත්මක වැදගත් කාර්යයක් ලෙස තේරුම්ගෙන තිබෙනවා. 

එක කාලයක මේ විෂ මත්ද්‍රව්‍ය සංචාරක කලාප කේන්ද්‍රකරගත් කුඩා නගර කිහිපයක තිබුණා. අද ඈත ගම්මාන දක්වා මේ ව්‍යසනය පැතිරී තිබෙනවා. මේ ව්‍යසනයට අපේ තරුණ තරුණියන් ගොදුරුවෙමින් තිබෙනවා. අපි මේ ජාතික ව්‍යාපාරය පටන් ගත්තේ පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා. මේ වන විට මාස 06ක් ගත වී තිබෙනවා. මේ මාස 06 තුළ වසර 21ට වඩා අඩු පිරිමි දරුවන් 5122ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගැහැණු දරුවන් 128 දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබෙනවා. අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉතා ගෞරවනීය සේවාවක් ඉටු කරනවා. එම නිලධාරින් කිහිප දෙනෙක්ද මත්ද්‍රව්‍ය හේතුකොට ගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වගකිවයුතු, ගෞරවනීය තැනක් ඉතිරි නොවන අන්දමට මේ ව්‍යසනය පැතිරි තිබෙනවා. 

අපි දොහොත් මුදුන් තියා වන්දනාමාන කරන ආගමික ස්ථාන දක්වා මෙය පැතිරී තිබෙනවා. සමාජයක් ලෙස බිය දනවන චිත්‍රයක් අපි ඉදිරිපිට තිබෙනවා. වයස් බේදයකින්, තරාතිරමකින්, ආගමිකද, සාමාන්‍ය පුරවැසියාද කියන බේදයකින් තොරව මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය අපේ රටේ විශාල ව්‍යසනයක් බවට පත්ව තිබෙනවා. අපි මෙය පරාජයට පත් කළ යුතු නැද්ද? මේ ව්‍යසනයෙන් අපේ රටේ ජනතාව මුදාගත යුතුයි. මෙම ව්‍යසනය පරාජය කළ යුතු බවට අපි තිර අධිෂ්ඨානයකට පැමිණ තිබෙනවා.

මේ ව්‍යසනය විශාල ව්‍යසනයක් දක්වා වර්ධනය වීමට ප්‍රධාන කරුණු 04ක් බලපෑවා. පළමුවැන්න දේශපාලන රැකවරණය. දේශපාලන රැකවරණය මැද මේ කුඩු ව්‍යාපාරිකයන් සහ කුඩු ව්‍යාපාර වර්ධනය වුණා. පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව ඓතිහාසික ජනවරමක් ලබාදී අප වෙත බලය ලබා දුන්නා. මම ඔබට එක සහතිකයක් ලබා දෙන්නම්. කුඩු ව්‍යාපාරිකයන් සතුව තිබු දේශපාලන රැකවරණය මේ වන විට අපි මුළුමනින්ම අවසන් කර තිබෙනවා. මේ කිසිදු නිලධාරියෙකුට කිසිදු බලපෑමක් නැහැ. 

ඔබට ඔබගේ තනතුරේ ගෞරවය, ඔබට පැවරී තිබෙන වගකීම ඉටු කිරීම සඳහා අවශ්‍ය සහාය අපි ලබා දෙනවා. එහි ප්‍රතිඵල ලැබී තිබෙනවා. 

අපේ නාවික හමුදාව කුඩු තොග  විශාල ප්‍රමාණයකින් පසුගිය කාලයේ අත්අඩංගුවට ගත්තා. පොලිසිය දිවා රෑ නොබලා වැටලීම් සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස 06 ඇතුළත හෙරෝයින් කිලෝ ග්‍රෑම් 1943ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම අයිස් කිලෝග්‍රෑම් 2008 අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා කිලෝ ග්‍රෑම් 40,755ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

විශාල ව්‍යසනයක් අපි ඉදිරිපිට තිබෙනවා. එය පරාජයට පත් කිරිමේ පළමු පියවර දේශපාලන රැකවරණයෙන් කුඩු ව්‍යාපාරිකයා ඉවත් කිරීමයි. එය අපි කර තිබෙනවා. ඒ වගේම මේ කාර්ය වෙනුවෙන් කැපවන විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු සියලුදෙනාට නිසි ඇගයීම ලබා දෙනවා. මෙය මැඩපැවැත්වීම වෙනුවෙන් තිබෙන සියලු යාන්ත්‍රණය ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ ආදී ආයතන සියල්ල අපි මෙහෙයුමකට යටත් කර තිබෙනවා. එය වැදගත් පියවරක්. අත්ඩඅංගුවට ගැනීම් වැඩි කර තිබෙනවා. 

මේ ව්‍යසනය සමග ගොඩනැගුණු අපරාධ කල්ලි තිබෙනවා. පසුගිය කාලයේ වෙඩි තබා ගැනීම් යම් ප්‍රමාණයවක් සිදු වුණා. එහි විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ සමග ඇති වූ ගැටුම්. ඒ අනුව සන්නද්ධ ගැටුම් ඇති වී තිබෙනවා. අපි මේ පාතාලය මුළුමනින්ම මුලිනුපුටා දැමිය යුතුයි. අපි මේ වන විටත් විදෙස්ගතව සිටි පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගෙන 28 දෙනෙක් ලංකාවට ගෙනත් තිබෙනවා. විවිධ අනවර්ථ නාමයන් ගොඩනැගුණු පාතාල නායකයන්. තව ප්‍රමාණයක් අපි ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගෙන ලංකාවට ගේනවා. ඇතැම් අය මෙහෙයුම් කළේ බන්ධනාගාරය තුළයි. අපි මේ කණ්ඩායම් විශේෂ කඳවුරකට යොමු කරන්න කටයුතු කර තිබෙනවා. පොදු සිර කඳවුරු වෙනුවට විශේෂ සිර කඳවුරු අපි මේ වෙනුවෙන් හදලා තිබෙනවා. මේ ව්‍යසනය පරාජය කිරීමට නම් පාතාලය අඩපණ කළ යුතුයි. 

පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ නිලයන් තිබෙන ඒ හා බැඳුණු වගකීම් තිබෙන අණපනත්වලින් කාර්යභාරයන් පවරා තිබෙන ඔබට මේ විවිධ අනවර්ත නාමයන්ගෙන් ගොඩනැගී තිබෙන පාතාලය මැඩපැවැත්වීමට නොහැකිද? මා ඔබට ආරාධනා කරනවා  ඒ වෙනුවෙන් එක් වන ලෙස. 

මේ මාස 06 තුළ ටී56 ගිනි අවි 83ක්, පිස්තෝල 118ක්, රිවෝලර් 75ත්, අත් බෝම්බ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාතාලය සතු අවි ආයුධ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ කුඩු ව්‍යාපාරය මර්දනය කිරීමට නම් පාතාලය මර්දනය කළ යුතුයි.

ඒ වගේම සෑම කෙනාටම නිතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. මගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වාද, ජනාධිපති ලේකම්ගේ සිට ග්‍රාම නිලධාරියා දක්වා නගරයේ සිට ගම දක්වාද සිටින සැම කෙනෙක්ම නීතිය ඉදිරියේ සර්ව සාධාරණයි. කිසිවෙක් නීතියට උඩින් නොසිටින රටක් අපි ගොඩනැගිය යුතුයි. 

සමහර අයට එහෙම රටවල් දරා ගන්න බැහැ. එහෙම රටක ජීවත් වී පුරුද්දක් නැහැ. සමහර අය හිතනවා තමන් නීතියට වඩා උඩින් ඉන්නවා කියලා. එහෙම හිතපු යුගයක් තිබුණා. අපි ඒ යුගය අවසන් කරමින් තිබෙනවා. තමන් අතීතයේ මොනතරම් වරදාන, වරප්‍රසාද භුක්ති වින්දද, පවුල් පසුබිම කුමක්ද ඒ කිසිවක් නීතියට අදාළ නැහැ. සියලුදෙනා නීතිය ඉදිරියේ සමානයි. මත්ද්‍රව්‍ය මර්ධනයේදී එය වැදගත්. හැබැයි නීතියට උඩින් හිටපු අය ළගට නීතිය ළඟා වන විට කලබල වෙනවා. ඔවුන්ට පුරුදු නැහැ නීතියට ගරු කරලා. 

අපිට කලබලයක් නැහැ. කිසිවෙක් පිළිබඳ වෛරයක්, ක්‍රෝධයක් නැහැ. මේ ජනතාව විසින් අපිට පවරන ලද වගකීමක් තිබෙනවා. හැම කෙනාම නීතියේ රේඛාවෙන් යටින් ජීවත්වන සමාජයක් අපි ගොඩනැගිය යුතුයි. ඒ නිසා කලබල කළාට කෑ ගැහුවට නීතිය ඉටුකරන විට කිහිප දෙනෙක් නීතියට ඉටුකරන ආයතන ළඟට ගෙනාවට ඒ කිසිවකින් නීතිය ක්‍රියාත්මක කිරීම අඩපණ කිරීමට නොහැකි බව ඔවුන් තේරුම්ගත යුතුයි. අපරාදේ බස් දාලා සෙනග ගෙන්නේ. ඒවාට නීතිය නමන්නේ නැහැ. නීතිය සමානව ක්‍රියාත්මක කරනවා. තව බොහෝ දේ සිදු වේවි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, මූල්‍ය අපරාධ කොට්ඨාසය, නාකොටික් ආයතනය මේ සෑම විමර්ශනයක්ම සිදු කරමින් තිබෙනවා. ඇතැම් අය අත්අඩංගුවට ගෙන තිබෙනවා, ඇතැම් අය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා. සමහර අයට නඩු දමා තිබෙනවා. එම නඩු විභාග වෙමින් තිබෙනවා. සෑම ආයතනයකටම අවශ්‍ය බලය ඒ බල සීමාව තුළ පිහිටුවනවා. ඔබගේ එම විමර්ශනවලට කිසිවෙක් මැදිහත් වන්නේ නැහැ. හැබැයි ආයතන තමන්ට පැවරී තිබෙන වගකීම නිසි පරිදි ඉටු කරනු ඇති බවට විශ්වාසය අපිට තිබෙනවා. මම විශේෂයෙන් ත්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරින්ට කියනවා ඔබට ඔබේ කොන්ද කෙළින් තබාගෙන වැඩකළ හැකි පරිසරයක් අපි හදලා තිබෙනවා. ඔබ යටත් වන්නේ ඔබට තිබෙන නීති රාමුවට පමණයි. 

ජනාධිපතිවරයා ලෙස මට පැවරී තිබෙන වගකීම සහ එම සීමාව මම දන්නවා. මා මගේ සීමාව ඉක්මවා යන්නේ නැහැ. ඔබත් අණපනත්වලින් ඔබේ බලය ක්‍රියාත්මක කිරීමට තිබෙන සීමාවන් හදුනාගෙන තිබෙනවා. ඔබ එම සීමාවන් තුළ කටයුතු කරන්න. ඇතැම් කාර්යයන් සඳහා එම සීමාවන් පටුයි නම් අපි නීතිය මගින් එම සීමාව වැඩි කර දෙන්නම්. සන්නද්ධ අපරාධ කල්ලි මැඩපැවැත්වීම සඳහා විශේෂ නීති සංග්‍රහයක් අපි පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට නීතිය ප්‍රමාණවත් නැතිනම් අපි නීතිය ශක්තිමත් කර දෙන්නම්. 

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධ විශාල විවාදයක් තිබෙනවා. ඒවා නැවත වෙළෙඳපොළට එනවද, ඒවා විනාශ කළාද. හැබැයි මේ සියල්ල තිබෙන්නේ නීතිමය රාමුව තුළ. අත්ඩඅංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉතා කෙටිකාලයක් ඇතුළත විනාශ කිරීමට අදාළ නීති සම්පාදනය කිරීමට අපි කටයුතු කරනවා. එම සාකච්ඡා මේ වන විට අවසන් අදිරේ පවතිනවා. ඇතැම් බලසීමාවන් තිබෙනවා කිසිවෙකුට ඒ තුළට යාමට නොහැකි. ගුවන්තොටුපොළ වෙත යන විට පරීක්ෂා කළ නොහැකි නිලධාරින් සිටියා. අපි එය වෙනස් කළා. හැම කෙනාම ගුවන්තොටුපොළින් ලබා දෙන හැදුනුම්පත ඒ තුළදී පාවිච්චි කළ යුතුයි. වරායට, රේගුවට ඇතුලුවිය නොහැකි තත්ත්වයක් තිබුණා. තොරතුරක් තිබේනම් විමර්ශන නිලධාරින්ට ඇතුළත්විය හැකි බලය අපි ලබා දෙන්නම්. මේ නීති ශක්තිමත් කර දෙන්නම්. අපි මේ වගකීම ඉටු කරමු. 

එහිදි ජනතාවටත් විශාල කාර්ය භාරයක් පැවරෙනවා. ඔබ ගමේ මත්ද්‍රව්‍ය විකුණන කෙනා, ඇබ්බැහි වූ කෙනා දන්නවා. මීට පොදු මහජනයාගේ සහාය අවශ්‍යයි. ඒ නිසා ඔබ පෙරට එන්න. අපි මේ ව්‍යසනය පරාජය කරමු. අත්හරින්නේ නැති, නොපසුබට උත්සාහයෙන්, අවධානය අත් නොහැර එක දිගට අපි වැඩ කළහොත් අපිට මෙය පරාජයට පත් කළ හැකියි. ඒ වෙනුවෙන් එක්වන ලෙස  සියලුදෙනාට ආරාධනා කරනවා. 

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ,නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය  ජයන්ත ලාල් රත්නසේකර, විදේශ රැකියා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කන්දසාමි ප්‍රභූ, රොෂාන් අක්මීමන,  එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා, ජේ. එස්. අරුල්රාජ් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්ද  , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

21 Comments

  1. පච පච පච පච ලප පච පච පච.

    ReplyDelete
    Replies
    1. ලියන්න දෙයක් නැතිනම් නිහඬව හිටිනු. අද ඩොලරය 330 සිට 344 දක්වා නැගලා තියෙන්නේ අනුරගේ යාලුවන්ට ණයවර ලිපි විවෘත කරන්න ඉඩ දීලා වාහන රේගු බද්ධ 50% කින් වැඩි කරපු නිසා, ඒ් අය වාහන 4000 ක LC open කළත් බැංකුවල ඒ තරමි ඩොලර් නැති නිසා තරඟකාරීව ඒ්වා මිළදී ගන්නකොටයි ඩොලරය වැඩි වෙන්නේ.

      Delete
    2. රටේ මුදල් වටිනාකම රැකගන්න responsibility එක තියෙන්නේ ආණ්ඩුවට, සාමාන්‍ය මිනිස්සුන්ට නොවෙයි.”

      Delete
  2. පචයි , කයිවාරුයි විතරයි උඹේ.

    ReplyDelete
    Replies
    1. තොට හැම දේම කරන්න පුලුවන් කියලා පච කියලා ජනතාව රවටලා බලය ඇරං දැන් බෑ කියන්නේ ඇයි? තෝ හරහා රටට උදව් කරන්න උගත් බුද්ධිමත් අය ඉදිරිපත් උනත් උඹේ රසල් සහ රවීන්ද්‍ර යන මාතර කැම්පස් *** දෙන්නා කියන දේ අහන කල් තොට ගොඩ යාමක් වෙන්නේ නෑ.

      Delete
  3. ඕක රනිල් ජනාධිපතිතුමාට දීල තෝ මකබෑවියන් කුමාර. උඹලට රටක් ගොඩ නගන්න බෑ.

    ReplyDelete
  4. වාහන හාරදාහක් ගෙනාවම රුපියල ශක්තිමත් වෙනව කියල නන්දලාලා කිව්වනෙ

    ReplyDelete
  5. dan athi palayaaaan paraya

    ReplyDelete
  6. පෙට්රල් ගහලා ඩෙබිට් කාඩ් එකෙන් ගෙවුවම සියයට එකක් එකවුන්ට් කපන නීතිය ගෙනාවෙ කවද ඉඳලද..

    ReplyDelete
  7. පොඩ්ඩක් කල්පනා කරල බලන්න
    ඔය වගේ රටවල්ද අපි හැදුවේ.

    මාස හයෙන් ....
    මාස හයෙන් අපි මේක ගොඩ දාල පෙන්නනවා
    අම්මප
    ජපං බයික් ගෙන්නන්නෙ

    ReplyDelete
  8. තාම කය්යි. ගොටාව එලෙව්වට මිනිස්සුන්ට ගොටාව එපාවෙලා නෑ. මූව එලෝපු දාට නං මිනිස්සුන්ට මූව එපාවෙනවා ලොවෙත් නැතිවෙන්න. ඇයි නැද්ද?

    ReplyDelete
  9. ඩොලරය පාලනය කිරීමට දිලීප පීරිස්ට දෙන්න.

    ReplyDelete
  10. සාහසික ලෙසට දූශණයට ලක්වන මාලිමාවේනුගත් මීහරක්..May 21, 2026 at 1:31 AM

    මාලිමාවේ කටවාචාල මෝඩයන් නොහිතූ මොහෙතක හිසේ කඩා වැටුනාවූ අසීමිත බලය දරාගැනීමට නොහැකිව අයාලේ යන ගව රෑනක් බවට පත්වී,..
    භූදේශපාලනය තුල අප්පිරිය අසික්ඛිත ගනිකාවන් බවට පත්වී..

    ලෝකයේ නානාවිධ කෙෙරාටික වනචරයන්ගේ පහත් ලිංගික ක්‍රියාකාරකම් වලට රාජ්‍යතාන්ත්‍රික මට්මින් ගොදුරැද බවට පත්වී..
    සමාජයක් සමස්ත, ලෝකයක් ඉදිරියේ ඉදිරියේ, අන්ත නූගත් ගනිකාවන් හෝ තිරිසනුන් ලෙසට..
    ලෝකයා ඉදිරියේ නිර්වස්තරව..
    ආත්මයක් ඉතුරැ නොවනා පරිද්දෙන්..
    සාහසික ලෙසට දූශණයට ලක්වන මාලිමාවේනුගත් මීහරක් වැනි වනචාරී වහලුන් පිලිබඳව අප්පිරියාව වමනය දූර්ඝන්ධය සහිතව සාතිශය සංවේගය,.!


    ReplyDelete
  11. මරු ජනාධිපතිතුමන්....
    ඒකත් දැන් කරන්න වෙන්නෙ ජනතාවට....
    ඩොලර් උපයන්න , ආර්ථිකෙ හදන්න කියන්නෙ, උදව් ඉල්ලන්නෙ ජනතාවගෙන්....
    ලංකාවට ඩොලර් එවන්න එපා කියපු උන්.....
    හැම වියාපෘතියක්ම නවත්වන්න උද්ඝෝශන වර්ජන කල උන්....
    මෙවන් දෙවල් මොව්න් විපක්ෂෙ ඉද්දි වුවානම්......... මුන් නටන නැටිල්ල...
    මේවා මෙහෙම කරන්න රටකට ජනාධිපතිතුමන් කෙනෙක් ඔනිද අහපු එකා.......
    දැන් ඩොලර් ඉතුරු කරන්න කියලා ජනතාවට කියනවා...... ඒ වෙනුවෙන් ආණ්ඩුවක් කල යුතු දේවල් ගැන හැගිමක්වත් නැතිව.......
    මරු.........
    මොව්න්ව පත් කරගත් මෝඩ ජනතාවට හොදා මේ කතා ඉතිම්......

    ReplyDelete
  12. ගල්කටස් මිනීමරු ජෙප්පෝ රාජ්ජපාලනයට බෑහෑලා......හිරේ ඉන්න ඕනා මිනීමරුවෝ ............

    ReplyDelete
  13. මැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්

    ReplyDelete
  14. රුපියල් 5000/= කොළය අවලංගු කර අළුත් කොළයක් නිකුත් කරනවා කිව්වා නම් ගොඩ

    ReplyDelete
  15. රුපියල බෙර ගන්නලු අපිට.May 21, 2026 at 3:23 AM

    ‘රුපියල බේරගන්න AC off කරලා හුස්ම ටිකක් අඩුවෙන් ගන්න.’”

    ReplyDelete
  16. What did you tell when gotabaya was in power. You said don't send any dollers to the country. Moosalaya karmaya padisandenawa.

    ReplyDelete
  17. මෙහි උඩ ඉන්නවා කමෙන්ටුවන් රට නරකාදියට අරන් ගිහිල්ලා කරන්න කියලා නා හහෙන් අඬනවා එනිසා රසට ජය ගෙන ඒමට ඔබට සියලු ධෛර්යයll අපි ඔබ සමඟයි

    ReplyDelete
    Replies
    1. 1971න් ඇරඹූ ජන ඝාතන හා ජනපීඩන කඩාකප්පල් කිරිම් ත්‍රස්තවාදය සාමාන්‍යකරණය කිරීම සිසුන් ඇතුළු තරුණ පිරිසගේ ඔළු හේදීම පමණක් ප්‍රගුණ කල වනචාරීන්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද?

      Delete
Previous Post Next Post