ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන, විදුලිය සහ ජල ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි.
ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන පරිදි මහ බැංකුව විසින් වෙළෙඳපොළේ ඇති ඩොලර් මිලදී ගැනීම සහ මූල්‍ය පද්ධතිය තුළ රුපියල් අතිරික්තයක් පැවතීම හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් රුපියල පීඩනයකට ලක්ව ඇත.
පවතින ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය සීමා වීම සහ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බාධා නිසා පද්ධතියට ලැබෙන ඩොලර් ප්‍රමාණය පහත වැටී තිබේ.රුපියල දුර්වල වීම ඛනිජ තෙල් මිල කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන අතර, ඒ අනුව ඉදිරියේදී පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ඒ මහතා සඳහන් කරයි.
ඉන්ධන සහ බලශක්ති පිරිවැය ඉහළ යාමත් සමඟ අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් පොදු ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී.
''පෙට්‍රල්, ඩීසල් මිලට බලපෑමක් වෙන්න පුළුවන්.. මොකද ආනයනය කරන්නේ අපි ඩොලර්වලින් නිසා රුපියල්වලට නැවත පරිවර්තනය කරලා තමා මිල තීරණය වෙන්නේ.. ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ ඒ හා සමානවම අපේ ඉන්ධනවල මිල ඉහළ යනවා.. තෙල්වල මිල ඉහළ යනවා කියන්නේ ඒ හරහා උද්ධමනය ඉහළ යනවා.. ඒත් එක්කම විදුලි බිල, ජල බිල, භාණ්ඩවල මිල ඉහළ යනවා''

API HORAKANNAHA, API HARIMA MAODAY ( GON, BURU upama damima saththunta karana apahasayaki, mun patta harak)
ReplyDeleteඕක ඔයිට වඩා දරුණුවට ගෝඨා මුහුන දුන්නා. ඒ කාලේ සංචාරක ආදායම 0යි, විදේශ ප්‍රේශණ 0යි. ඒ වෙලාවේ තමයි හොරා කියලා ජෙප්පොයි, යූ එන්පී උනුයි සමඟි ජන බලවේගේ උනුයි පොලවේ පස් කෑවේ. රාජපක්ශලා උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කියලා ඉස්සෙල්ලම කෑ ගැහුවේ යූ.එන්.පී සහ සමඟි ජන බලවේගේ සෙට් එක. ජෙප්පො ටික තමයි ඊට පස්සේ ඒක කරේ තියාගෙන ගියේ. ඉස්සෙල්ලම ගෝඨා ටත් උනේ ඩොලර් එක උඩ ගියපු එක. ඊට පස්සේ ආදායම් නැති නිසා තිබුන සල්ලි ඔක්කොම තෙල් ආනයනයට ගියා. මාසෙකට ඩොලර් මිලියන 500ක් (රුපියල් කෝටි 10500ක් - ඒ කාලේ ඩොලර් එක රුපියල් 210යි)යනවා. සංචිත තිබුනේ ඩොලර් මිලියන 4000ක් විතර. ඒ කියන්නේ මාස 8න් සංචිත ඉවරයි. ඕක තේරුනේ නැහැ ලංකාවෙ මිනිස්සුන්ට.
ReplyDeleteපොඩ්ඩක් කොල්පනා කොරලාලා බලන්න එක තමයි ලොන්තයන්ට බැහැ කිව්වෙ 🤣
ReplyDelete