ඊයේ සහ අද (මැයි 18 සහ 19) යන දින දෙක තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල රණවිරු ගීත ප්‍රචාරය කිරීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.
ජාතික රණවිරු සැමරුම් උළෙල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනාධිපතිවරයා මීට පෙර රණවිරු සැමරුම් වර්ජනය කළ ද, මෙවර ඊට සහභාගී වූයේ පසුගිය වර සිදු වූ දේශපාලන අවාසිය මකා ගැනීමට බවයි.
රණවිරු සැමරුම් උත්සවයේදී "රණවිරුවා" යන වචනය පවා භාවිත කිරීමට මැළිකමක් දක්වන බවටත්, රණවිරු ගීත ප්‍රචාරය කිරීමේ වාරණයක් පවතින බවටත් ඔහු මෙහිදී චෝදනා කළේය.
මෙවැනිම තත්ත්වයක් 2010 වසරේදී ද සිදු වූ බව සිහිපත් කළ එදිරිමාන්න මහතා, එකල එක්තරා රාජ්‍ය ගුවන් විදුලි නාලිකාවක සභාපතිවරයකු විසින් "හංසයා" (එකල විපක්ෂ පොදු අපේක්ෂකයාගේ ලකුණ වූ හංසයා) සම්බන්ධ ගීත ප්‍රචාරය කිරීම නතර කරන ලෙසට නියෝග කර තිබූ බව ද පැවසීය.
මෙවැනි තීරණ රජය විසින් සෘජුවම ගනු ලැබුවේද නැතහොත් රජයට අමුතු විදිහට උදව් කිරීමට උත්සාහ කරන කවුරුන් හෝ විසින් ගනු ලැබුවේද යන්න පිළිබඳව ඔහු සැක පළ කළේය.
දේශපාලන ගැටුම් පවතින අවස්ථාවලදී සහ මැතිවරණ ව්‍යාපාර පවතින විට ප්‍රතිවාදී අපේක්ෂකයන් පෙනී සිටින දෘශ්‍ය සාහිත්‍ය කොටස් හෝ ගීත රාජ්‍ය මාධ්‍යවලින් ඉවත් කිරීමේ ඉතිහාසයක් පවතින බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රණවිරු සැමරුම් වැනි ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවලදී පවා මෙවැනි දේශපාලන බලපෑම් සිදුවීම කනගාටුදායක තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

ආරියතිලක
ReplyDeleteකොමියුනිස්ට්වාදයෙන්, සැබෑ රණවිරුවා වෙන් කොට හදුනා ගන්නේ කෙසේ ද?
සෙබළ සැමරුම' හෝ 'රණවිරු සැමරුම' ලෙස අභිමත ආකාරයකින් හැඳින්වීම සාධාරණ ද?
“සෙබළ සැමරුම' හෝ 'රණවිරු සැමරුම' ලෙස කුමන නමකින් හැඳින්වුවද, සැබවින්ම සිදුකරනු ලබන්නේ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන පනාගොඩ මහතා ප්‍රකාශ කළේය.”
ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂයකි. ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාව වශයෙන් ක්‍රියා කරන ජාතික ජන බලවේගය පක්ෂය ද ජවිපෙ ක්‍රියාකාරිත්වයෙන් වෙනස් මාර්ගයක ගමන් නො කරයි.
කොමියුනිස්ට්වාදී දේශපාලනය ස්ථීර ලෙස ම කොමියුනිස්ට්වාදී නො වන(කොමියුනිස්ට් පක්ෂ රතු හමුදාවක් නො වන) ලෝකයේ ඇති අන්‍ය සියලු රාජ්‍ය පාලන හමුදා සලකන්නේ ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කරන, කොමියුනිස්ට්වාදීන්ට සපුරා සතුරු හමුදා ජුන්ටා ලෙස ය. කොමියුනිට්වාදය එම හමුදා හදුන්වන්නෙ ධනපතියන්ගේ කුලී හමුදා ලෙස ය. ලෝකයේ කොමියුනිස්ට්වාදීන්ට බලහත්කාරයෙන් සංනද්ධ කැරළි මගින් රාජ්‍ය පැහැර ගෙන කොමියුනිස්ට් රජ්‍ය
ස්ථාපිත කිරීමට නො හැකි වූ ප්‍රධානත ම බාධකය නම් ඒ ඒ රටවල වීරෝධාර රාජ්‍ය හමුදා ඒ ඒ රාජ්‍ය ආරක්ෂා කිරීම නිසා ය. ජනතා විමුක්ති පෙරමුණ සහ ජවිපෙට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂ, සංවිධාන, ශිෂ්‍ය, කාන්තා, කම්කරු ආදී සියලු සංවිධාන කොමියුනිස්ට්වාදී දේශපාලන රාමුවෙන් පිට කිසිදු රාජ්‍ය හමුදාවක් න්‍යායාත්මකව පිළිගන්නවා කියනවා නම් එය සත්‍යාක් නොවන බව කිව යුතු ය.
කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී. අයි. ලෙනින්, ලියෝන් ට්‍රොස්කි, චේ ගුවේරා, මාඕ සේතුං, ආදී සියලු කොමියුනිස්ට්වාදී න්‍යායාචාර්යවරු කොමියුනිස්ට්වාදී නො වන කිසිදු හමුදාවක් තම දේශපාලන ව්‍යාපාරයට වැද්ද නො ගත යුතු බව අවධාරණය කොට ඇත්තාහ.
රටක හමුදා දෙයාකාරය ය. එනම්;-
1. රාජ්‍යයේ නිළ ආරක්ෂක හමුදා,
2. රාජ්‍යට සතුරු, රාජ්‍ය බලය පැහැර ගැනීමට, රාජ්‍ය භූමියෙහි අවම වශයෙන් කොටසක හෝ රාජ්‍ය ආඥා බලය සිඳ බිඳ දැමීමට ක්‍රියා කරන ආයුධ ගත් සංන්ද්ධ ක්‍රියාකාරකම්වල යෙදෙන්නන්;
මොවුන් නිළ හමුදාවක් ලෙස නො සැලකුව ද හමුදාමය බලය ක්‍රියාවේ යොදවන බැවින් හමුදාමය ක්‍රියාකාරිත්වය ඇතියෝ ය.
පොදුවේ රාජ්‍යයට් සතුරු බැවින් ත්‍රස්තවාදීහු ලෙස හදුන්වත්. රාජද්‍රෝහීන් ලෙස සලකත්.
ලෝකයේ මේ ත්‍රස්තවාදී හමුදා විවිධ වෙති. එසේ වුවත් අරමුණ එකකි. එනම්, භූමියේ ස්වාධිපත්‍යයයේ බලය නැති වන ලෙස, පවතින් රාජ්‍යයට විරුද්ධව සටන් කිරීම ය. ස්වාධිපත්‍යය නම් භූමිය සතු පරම්පරා උරුම ය. භූමියේ පරම්පරා උරුමය ඇත්තහුට, අයිතිය උදුරාගත්තවුන්ට එරෙහිව සටන් කිරීමට හිමිකමක් ඇත්තාහ.
කොමියුනිස්ට්වාදීන්, රාජ්‍යයක ස්වාධිපත්‍යය පිළිගන්නේ නැත. ඔවුන් ඒ සියල්ල දකින්නේ ධනේශ්වර සූරාකන්නගේ බලය ලෙස ය. එම ස්වාධිපත්‍යයයේ බලය පැහැර ගැනීම, නීත්‍යානුකූල රාජ්‍යය බලහත්කාරයෙන් අල්ල ගැනීම, ඒ සඳහා සංන්ද්ධ කැරළි ඇති කිරීම වැරදි ලෙස දකින්නේ නැත.ඔවුන් පිළිගන්නා එක ම රාජ්‍ය ක්‍රමය නම් කොමියුනිස්ට් රාජ්‍ය බලය පමණ ය.
1948 නිදහස ලැබූ පසු ශ්‍රී ලංකා භූමියේ රාජ්‍යයට විරුද්ධ කැරළි තුනක්(3) ක් ඇති විය. එනම්;-
1. 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරල්ල,
2. 1987/88/98 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල,
3. දෙමළ බෙදුම්වාදි කොටි සංවිධානය විසින් ඇති කර සංනද්ධ කැරැල්ල.
මේ කැරළි ත්‍රිත්වය ම අභිප්‍රාය වූයේ, නීත්‍යානුකූල රාජ්‍යය විරුද්ධව කරන ලද අනීතික හමුදාමය සංනද්ධ ක්‍රියාකාරකම් ය. රාජ්‍යට විරුද්ධ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ය. ශ්‍රී ලංකා භූමියේ දේශපූරණත්වය උල්ලංඝනය කිරීමට කරන ලද සටන් හා ක්‍රියාකාරකම් ය. රාජ්‍ය සම්පූර්ණයෙන් ම පැහැර ගැනීමට හෝ රටෙන් කොටසක් බෙදා වෙන් කරන, භෞමික අඛණ්ඩතාවය අහෝසි වන ලෙස ක්‍රියා කිරීමට ය.
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
යුද්ධයකදී සටන්බිම දෙයාකාර බෙදීමක් තිබේ. මිය යන හා මිය ගිය අයගේ ද දෙයාකාර බෙදීමක් ඇත.
1. නීත්‍යානුකූල රාජ්‍ය ආරක්ෂා කිරීමට සටන් වදින යුද පෙරමුණ,
2. නීත්‍යානුකූල රාජ්‍යයට ද්‍රෝහී ලෙස සටන් වදින යුද පෙරමුණ
ලෙස සටන්බිම දෙයාකාර ය.
මේ යුද පෙරමුණු දෙකෙහි ම සටන් වැද මිය යන හා මිය ගිය පිරිස ද දෙයාකාර ය.
1. නීත්‍යානුකූල රාජ්‍ය ආරක්ෂා කිරීමට සටන් වැද මිය ගිය හා මිය යන ආරක්ෂක හමුදා පිරිස;
2. නීත්‍යානුකූල රාජ්‍යයට ද්‍රෝහී ලෙස සටන් වැද මියගිය හා මිය යන කැරළි සංවිධානයන්හි සාමාජික පිරිස;
මෙම සතරාකාර පිරිස අතරින් දෙවන පිරිස් දෙක වන
“2. නීත්‍යානුකූල රාජ්‍යයට ද්‍රෝහී ලෙස සටන් වදින යුද පෙරමුණ”
“2. නීත්‍යානුකූල රාජ්‍යයට ද්‍රෝහී ලෙස සටන් වැද මියගිය හා මිය යන කැරළි සංවිධානයන්හි සාමාජික පිරිස;”
යන පිරිස් නීත්‍යානුකූල රාජ්‍යයට ද්‍රෝහී, ජනතා පරමාධිපත්‍යයේ බලයට ද්‍රෝහී, අය බව කිව යුතු ය.
නීත්‍යානුකූල නිල හමුදා සමඟ ත්‍රස්තවාදීන් ලෙස යුද්ධ කර මිය ගිය සැම රාජද්‍රෝහීහු වෙති. ජනතා පරමාධිපත්‍යයයේ ද්‍රෝහීහු වෙති. කිසි ලෙසකින් යුද්ධයේදී මිය ගිය සැම එක ම ජනතා පරමාධිපත්‍ය හමුවේ එක ම පිරිසක් නො වේ. රාජ්‍යයට් දෝහී කම් කර මියගිය පිරිස රාජ්‍යද්‍රෝහීන් බව කිව යුතු ය. හේතුව සාධාරණ නීත්‍යානුකූල රටවැසියාගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට ආයුධ අතට ගත් හා කැරළි ගැසූ කිසිවෙකු වීරයන් නො වන නිසාවෙනි.
“1. 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරල්ල,
2. 1987/88/98 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල,
3. දෙමළ බෙදුම්වාදි කොටි සංවිධානය විසින් ඇති කර සංනද්ධ කැරැල්ල.”
යන කැරළි තුනේදී මිය ගිය කිසිවෙක් වීරයන් නො වන බව කිව යුතු ය. කැරළි තුන පිළිවෙළින් “බක් මහ විරුවන්” “ඉල් මහ විරුවන්” “ මහ විරුවන්” ලෙස රාජ්‍ය ද්‍රෝහී සැමරුම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද කිව යුතු ය. රාජද්‍රෝහී ක්‍රියා කළවුන් සැමරීම ජීවත්ව සිටින අයට එම සංකල්ප සම්ප්‍රේෂණය කිරීමකි. දිරි ගැන්වීමකි. හෙවත් දේශපූරණතය උල්ලංඝනය කිරීමට, රාජ්‍යයට විරුද්ධ මතවාද නැවත උස්සන්න කර රාජ්‍ය පැහැර ගැනීමට හෝ
බෙදුම්වාදයට හෝ ගමන් කිරීමට සංකල්පීය දිරි දීමකි. ආයුධ සංනද්ධ කැරළි අනුමත කිරීමකි.
ජාතික ජන බලවේග පක්ෂයේ
අරුන පනාගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ;
“සෙබළ සැමරුම' හෝ 'රණවිරු සැමරුම' ලෙස කුමන නමකින් හැඳින්වුව ද, සැබවින්ම සිදුකරනු ලබන්නේ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ” කීම නිවැරදිදැයි විමසා බැලිය යුතු ය.
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
මෙම ප්‍රකාශයේ කොටස් දෙකක් ඇත. එය මෙසේ ය;
1. සෙබළ සැමරුම' හෝ 'රණවිරු සැමරුම' ලෙස කුමන නමකින් හැඳින්වුව ද,
2. සැබවින්ම සිදුකරනු ලබන්නේ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ”
කැරලි තුනකින් රට ආරක්ෂා කිරීමට, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට තම ජීවිතය පිදීම නිකම්ම නිකම් සෙබල මරණයක් ද? යුද, ගුවන් ,නාවික, හා පොලිස් හමුදාවේ සිටින සෙබළු විවිධ හේතු නිසා මිය යති. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් සමඟ කළ, අතිශය සංකීර්ණ යුද්ධයේදී දිවි පිදීම “සෙබළ මරණයක්” ලෙස ලඝු කළ නො හැක. එසේ කිරීමට උත්සාහ කිරීම, අතිශයින් නින්දිත ය. රටේ ඒකීය භාවය වෙනුවෙන් යුද වැදුනු හා දිවි පිදූ, යුද, ගුවන්, නාවික, පොලිස්, හා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්, සැබැවින් ම වීරෝදාර රණවිරුවන් ම බව කිව යුතු ය. දිවි පිදූ එකී රණවිරුවන්ට “ සෙබළ සැමරුම” ලෙස කරන ප්‍රකාශ, යුද්ධයෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට කරන අවමානයක් බව නො කියා ම බැරි ය. ඔවුන් පරිත්‍යාග කළේ, මාතෘ භූමියේ හා තම රට වැසියාගේ අනාගත පැවැත්ම උදෙසා, තමන්ගේ වටිනා ජීවිතය බව අමතක කිරීම කොතරම් යුක්ති සහගත ද?
අරුන පනාගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ;
සැබවින්ම සිදුකරනු ලබන්නේ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ” යයි කීම
“ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ” ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීමකි. යුද්ධයේදී මියගියේ ආරක්ෂක හමුදා සාමාජිකයින් පමණක් නො වේ. දෙමළ බෙදුම්වාදී කොටිත්‍රතවාදීහු ද මිය ගියහ. නමුත් ඔවුන් සියලු දෙනා නීත්‍යානුකූල රාජ්‍යයට විරුද්ධව ආයුධ අතට ගත් ත්‍රස්තවාදීහු වෙති. රාජ්‍යය බෙදා වෙන් කිරීමට යුද වෙදුනාහු වෙති. “ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ” යයි කියා ත්‍රස්තවාදීන් ද විරුවන් ලෙස සැමරීම සාධාරණීය කිරීමකි. මෙයින් නො කියා කියන තවත් දෙයක් ඇත. ඒ නම් 1971 හා 1987/88/89 ජනතා විමුක්ති කැරළි දෙකෙහිදී මිය ගිය සාමාජිකයන් ද විරුවන් ලෙස සැමරීම සුදුසු යයි සමාජ ගත කිරීමක් බව නො වන්නේ ද?
කොමියුනිස්ට්වාදීන්ට යුද, ගුවන්, නාවික, පොලිස් හමුදා හා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් රණවිරුවන් ලෙස නො පෙනෙන්නේ මන් ද?
කොමියුනිස්ට්වාදීන්ට ඇති ප්‍රධානත ම සතුරන්ගෙන් එක් පිරිසක් වන්නේ, කොමියුනිස්ට් නො වන රාජ්‍යයේ, පවතින් ආරක්ෂක හමුදාවන් බව කිව යුතු ය. ජවිපෙ 1971 කැරැල්ලෙන් හා ජවිපෙ 1987/ 88/89 කැරැල්ලෙන් ශ්‍රී ලංකා රජය පැහැර ගැනීමට නො හැකි වූයේ, එවකට සේවය කළ, එම සංනද්ධ කැරැළි දෙකට නො බියව මුහුණ දුන්, විරෝදාර යුද්ධ හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා, පොලිස් හමුදා, හා සියලු ආරක්ෂක සේනා සාමාජිකයන් නිසාවෙනි. ජවිපෙ සංනද්ධ කැරැළි දෙක මර්දනය කළේ, ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදාවන් වේ. එදා කැරැළි දෙකෙහිදී එම කැරැළි දෙක ආරක්ෂක හමුදා මර්දනය නොකළේ නම්, අද මේ රට කොමියුනිස්ට්වාදීන්ගේ පාලනයට යටත් රාජ්‍යකි. ජවිපෙ සංනද්ධ කැරැළි දෙක මරදනය කළ වීරෝදාර රණවිරුවන්, රණවිරුවන් වශයෙන් පෙනීමට වඩා, 71 කැරැල්ලේ මිය ගිය පුද්ගලයින්ට “බක් මහ විරුවන්” ලෙස ද 87/88/89 කැරැල්ලේ දී මිය ගිය පුද්ගලයින්ට “ ඉල් මහ විරුවන්” ලෙස ද පෙනීමට හේතුව වන්නෙ, අත්නොහරින කොමියුනිස්ට්වාදී දේශපාලන දර්ශනය නිසාවෙනි.
ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණයෙහී වූ දිවුරුම මත, රාජ්‍යයට විරුද්ධ ත්‍රස්තවාදීන්ට සම අයිතිවාසිකම් ලැබෙන පරිද කතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැකියාවක් ඇද්ද යන්න විමසීම ද වටී.