ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් සිදුකළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඩුබායි හි නියෝජිත ආයතනයකට ගෙවිය යුතු වූ මාසික මුදල් මෙලෙස වැරදීමකින් වෙනත් බැංකුවකට යොමු කර ඇති බවයි.
මෙම ගෙවීම් එමිරේට්ස් එන්.බී.ඩී (Emirates NBD) බැංකු ගිණුමට සිදුකළ යුතුව තිබුණ ද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් අදාළ මුදල් අබුඩාබි ඉස්ලාමීය බැංකුවේ (Abu Dhabi Islamic Bank) ගිණුමකට බැර කර ඇති බව අනාවරණය වී ඇත.
මෙලෙස වැරදි ගිණුමට යොමු කර ඇති මුදල ඩිරාම් 974,500ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි අටකට (මිලියන 80කට) අධික ප්රමාණයකි.
වෙනත් බැංකු ගිණුමකට යොමු වූ මෙම මුදල් නැවත ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
රජය මැදිහත් වී මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව වහාම පරීක්ෂා කළ යුතු බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි

අඩේ රිලා මොටා කාලෙකට පස්සෙ. දැන් කපුරාල කොන්ඩරියක් ගහල පෙන්නපන් කපුරාල, දැන් නෑගම් යන හැටි පෙන්නපන් කපුරාල
ReplyDeleteඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි???? එප්ප ඩී?
Delete"අපි වැඩ කරමින් ඉගෙන ගන්නවා ඉගෙන ගනිමින් වැඩ කරනවා" ජේවීපී හූ ** මුං ඉගෙන ගෙන ඉවර වෙනකොට රටත් ඉවරයි අනේ මේ රටේ ගොන් 68 ලක්ෂ යේ ප ## ටික මුං නිසා රටම විනාශයි
Deleteදැන්නම් මේවත් අර හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ වෙලා තියෙන්නේ.
ReplyDeleteදවසේ වෙඩිල්ල වගේ දවසේ වැරදි ගිණුම කියලත් එකක් පටන් ගන්න වෙයි වගේ
ReplyDeleteරට කාල තමයි මේ සෙට් එක යන්නේ. දැන් ඔය වගේ ඒවම කීයක්ද.
ReplyDeleteහැම මගුලම ආණ්ඩුව පිටින දාන්න එපා පගෝ.ඔය හැම තැනම ඉන්නේ රාජපක්ෂලාගේ ආණ්ඩු වලින් පත්කරපු සොම්බැට්ටියො තමයි.
Delete