ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ උපදේශකවරයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා, මෙම මාසය අවසානයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අලුතින් පත් කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ජයසූරිය මහතා පවසා ඇත්තේ, තමන් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ උපදේශක ධුරය දැරීම සහ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම අතර "පරස්පර විරෝධී උනන්දුවක්" පවතින බවට ඇතැම් සාමාජිකයින් ප්‍රශ්න කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බවයි.
තමන් මෙම වගකීම් භාරගත්තේ රැකියාවක අවශ්‍යතාවය නිසා නොව, ජාතික කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටි අසීරු අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සේවය කරන ලෙස කළ ඉල්ලීමකට අනුව බව හෙතෙම එහිදී අවධාරණය කර ඇත.
තමන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ කාලය සිහිපත් කරමින් ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමට පවා නොහැකි වී කණ්ඩායමේ දක්ෂතා බිඳ වැටී තිබූ, කිසිවෙකුත් පුහුණුකරු ධුරය භාරගැනීමට ඉදිරිපත් නොවූ වකවානුවක තමන් එම අභියෝගය භාරගත් බවයි. එහිදී දේශීය පුහුණුකරු මඩුල්ල සහ ක්‍රීඩකයින් සමඟ එක්ව කණ්ඩායමේ ප්‍රමිතිය සහ විශ්වාසය නැවත ගොඩනැඟීමට තමන් කටයුතු කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව වැදගත් තරඟාවලි ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ වටයෙන් ඉවතට විසිවීම පිළිබඳව ද අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, තරඟාවලියට පෙර ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ආබාධවලට ලක්වීම සහ කණ්ඩායමේ ව්‍යුහාත්මක හා පුද්ගල වෙනස්කම් කිහිපයක් සිදුකිරීම හේතුවෙන් සැලසුම් සහගත ඉදිරි ගමනට බාධා එල්ල වූ බවයි. එමෙන්ම එම තීරණවලින් සමහරක් පුහුණුකරු මඩුල්ලේ පාලනයෙන් බැහැරව සිදුවූ ඒවා බව ද ඔහු පවසයි. එසේ වුවද, ප්‍රධාන පුහුණුකරු ලෙස එම පරාජයේ වගකීම තමන් භාරගත් බවත්, ඒ හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් ජයසූරිය මහතා සිහිපත් කර ඇත.
මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමඟ පවතින සබඳතාවය පිළිබඳව නැඟුණු චෝදනාවලට පිළිතුරු දෙමින් සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ, ග්‍රාමීය මට්ටමින් බිහිවූ ක්‍රීඩකයෙකු ලෙස මාතර ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සැමවිටම තමන්ගේ හදවතට ඉතා සමීප බවයි. හිටපු ක්‍රීඩකයින්ව මෙවැනි බිම් මට්ටමේ සංවර්ධන කටයුතු සඳහා දිරිමත් කළ යුතු බවත්, තමන් දරන ධුරයන් අතර කිසිදු පරස්පර විරෝධීතාවක් තමන් නොදකින බවත් ඔහු කියා සිටී.
එසේ වුවද, නව පාලනාධිකාරියේ සාමාජිකයින් මෙම ධුරයන් එකිනෙකට පරස්පර විරෝධී ලෙස සලකන්නේ නම්, පද්ධතිය තුළ වෙනත් තනතුරක් දැරීමට වඩා මාතර ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව දායක වීමට තමන් කැමැත්තක් දක්වන බව ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත.
තමන් නව පාලනාධිකාරියේ කටයුතුවලට කිසිසේත්ම බාධාවක් හෝ අවධානය වෙනතකට යොමු කරන්නෙකු වීමට අකමැති බව පවසන ඒ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් අතීත රන් යුගය කරා ගෙන යාමට නව කමිටුවට ශක්තිය ලැබෙන්නැයි ප්‍රාර්ථනා කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මෙරට ක්‍රීඩකයින් වෙනුවෙන් තමන් දක්වන සහයෝගය කිසිවිටෙකත් නිල තනතුරක් දැරීම මත පමණක් තීරණය නොවන බවත්, ඉදිරියටත් පද්ධතියෙන් බැහැරව සිට වුවද ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන බවත් සනත් ජයසූරිය මහතා සිය ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

සනා අහුවෙන්න එපා . නව පාලන අධිකාරිය පල්ලියේ පාස්ටර් එරාන් ගේ යටතේ . උන්ට ඕනේ බවුද්ද උන් ටික එලවන්න . කතෝලික පාසල් වල ක්‍රීඩකයන්ට හිමි බුදලයක් බවට ක්‍රිකට් පත් කර ගන්න
ReplyDeleteCatholic aagamai Sanathge asweemai athara sambandaya mokadda ponnayo? Aagama kiyanne pudgalika deyak. Vena kisima rataka aagam, kula beda katha ahala thiyanavada? Only in Sri Lanka.
DeletePlease leave religion out of Sports, asshole.
Delete