රුපියල වැටෙන්නේ මාලිමාණ්ඩුකරණයේ වරදකින් නොවේ.. ලෝකයේ අවුලක් නිසා..


 වර්තමානයේ ඩොලරයේ අගය ඉහළ යාම සහ රුපියල කඩා වැටීම සිදුවන්නේ මෙරට රාජ්‍ය පාලනයේ හෝ ආණ්ඩු පාලනයේ පවතින කිසියම් ගැටලුවක් නිසා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතුව ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වයන් බවයි.

රුපියල අවප්‍රමාණය වීම සඳහා දේශීය පාලන තීරණවලට වඩා බාහිර කම්පනයක් බලපා ඇති බවත්, එය වර්තමාන ආර්ථිකයට සෘජුවම බලපෑම් එල්ල කර ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය

වැඩසටහනකට සහභාගී විමෙන් පසු මාධ්‍යවේදීන් වෙත ඔහු මෙම අදහස් පල කලේය.

5 Comments

  1. තව මුල් ගලක් තියමු ද ත්‍රෙඩ් එක නැතිවෙන්ටම?

    ReplyDelete
  2. ගෝඨාට ඕක වෙනකොට උන් හොරු, උඹලට වෙනකොට ගෝලීය අර්බුධ. අනේ අනේ ඉතින්.

    ReplyDelete
  3. What repulsive fools. When will these clowns learn to keep their mouth shut. Don't talk about things you don't know.

    ReplyDelete
  4. පසුගිය මාස 8 ඇතුළත අපේ රුපියල ලෝකයේ තියෙන සෑම මුදලකට ම සාපේක්ෂව 15% අවප්‍රමාණ වෙලා තියෙනවා. සෝමාලියාවේ සිලින් එකට සාපේක්ෂව ත් ඒ විදියට ම අවප්‍රමාණ වෙලා තියෙනවා. එහෙම වෙන්නෙ තොපෙ ආච්චිගේ ගෝලීය ලබ්බක් නිසා ද?.

    ReplyDelete
  5. AKD boka yanne netteth ලෝකයේ අවුලක් නිසා da?

    ReplyDelete
Previous Post Next Post