පාතාල නායකයා බන්ධනාගාරයේ උපන් දින පාටියක්.. කේක් කපා වීඩියෝ FB දමයි..


 විශේෂ ආරක්ෂාවක් සහිත ගාල්ල බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් උපන්දින සාදයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ, බන්ධනාගාර ආරක්ෂාව සහ නීතිරීති උල්ලංඝනය වීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

බන්ධනාගාර වාට්ටුව තුළ රූගත කර ඇති මෙම දර්ශනවල, රැඳවියන් කේක් කපමින් සහ බන්ධනාගාරය තුළ භාවිතය සපුරා තහනම් ජංගම දුරකථන භාවිත කරමින් එම අවස්ථාව පටිගත කරන අයුරු පැහැදිලිව දැකගත හැකිය.

මෙම උපන්දින සාදය පවත්වා ඇත්තේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන "අහුංගල්ලේ ලොකු පැටී" ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන හත්තිමුණි නාමල් ශාන්ත හෙවත් "පොඩියා" නමැත්තා වෙනුවෙන් බව වාර්තා වේ.

ඔහු කොන්ත්‍රාත් මිනීමැරුම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බරපතල චෝදනා ලැබ සිටින අයෙකි.

මෙම සිදුවීමත් සමඟ බන්ධනාගාර පාලනාධිකාරියේ අධීක්ෂණය ගිලිහී යාම සහ ඇතැම් රැඳවියන්ට වරප්‍රසාද හිමිවන බවට එල්ල වන චෝදනා හමුවේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

2 Comments

  1. Npp ඒකත් සමහර පාතාල කල්ලි වලට බයයි.

    ReplyDelete
  2. උඹලා රාජපක්ෂලා ඉන්න කල් ඔහොම නටපල්ලා.ලඟදිම NPP ආන්ඩුවක් එනවා. එදාට නීතියේ විධානයේ ආදිපත්‍ය රජ කරනවා.

    ReplyDelete
Previous Post Next Post