විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන සම්පූර්ණ කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව පවතින බව එම අරමුදල ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ, IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර අප්‍රේල් 09 වැනිදා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බවයි.
මෙම වැඩසටහන විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකාව විසින් පූර්ව ක්‍රියාමාර්ග කිහිපයක් සම්පූර්ණ කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.
ඒ අතර විදුලිය සහ ඉන්ධන සඳහා පිරිවැය පියවා ගැනීමේ මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීම, අවදානමට ලක්විය හැකි සහ අසරණ ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා වන සහන ක්‍රමවේද, මූල්‍ය සහතික කිරීම්සම්පූර්ණ කිරීම වෙයි.
මෙම විධායක මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මූල්‍ය පහසුකම් ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි කොසැක් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
රජය විසින් ක්‍රියාත්මක කරන ඉන්ධන සහනාධාර ක්‍රමය, විශේෂයෙන්ම ඩීසල් ලීටරයකට ලබා දෙන රුපියල් 100ක සහනාධාරය IMF හි මිල නියම කිරීමේ රාමුව සමඟ ගැළපෙන්නේද යන්න පිළිබඳව නැඟූ ප්‍රශ්නයකට සෘජු පිළිතුරක් දීමෙන් ඇය වැළකී සිටියාය.
කෙසේ වෙතත්, මෙම වැඩසටහන මඟින් පිරිවැය පියවා ගැනීමේ මිල ප්‍රතිසංස්කරණ මෙන්ම අවදානමට ලක්වූ ප්‍රජාවන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් ද එකසේ අපේක්ෂා කරන බව ඇය යළිත් අවධාරණය කළාය.
මෑතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් සුළි කුණාටුව සහ මැදපෙරදිග ගැටුම්වල බාහිර බලපෑම හේතුවෙන් මෙරට ආර්ථිකයට සහ ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බවද ඇය මෙහිදී නිරීක්ෂණය කළාය.

IMF එක කියන කියන පදේට නටලා රටේ තිබුනු ඩොලර් සංචිත හිඳිලාම ගියා. රාජ්‍ය ආයතනවල, බැංකුවල මුදල් හැකර්ලාගේ අතට ගියා. රුපියල බාල්දු වෙලා උද්ධමනය දරුනු වෙලා මහජනතාවට දරන්න බැරි මිල ගනන් වලින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉහල ගියා. අත්‍යවශ්‍ය සේවා විදුලිය, ඉන්ධන, ජල ගාස්තු ඉහලටම ගියා. තවත් ඉහලට දාන්නලු. IMF රටට කරන්නේ රටේ ආර්ථිකය බිඳ වට්ටලා රටට කෙලවන්න නේද ?
ReplyDeleteඋඹලගේ උන්දලා කෙලවපු තරමට නම් බැරිවෙයි
DeleteRata bara denakota deepu ththwenwath deepalla
DeleteAe උන්දලා naththan IMF ekavath Lankavata salli denna idiripathvenna na. 'IMF apita epa' kiyala berihan dunna pakayala dan hama ekatama IMF pihita pathanava.
DeletePena vidihata dan IMF ekath aanduva ekka ekathuvela apita arinava vagey.
ReplyDeleteකෙහෙල් කැන වැ ට පනින්න වගේ...
ReplyDeleteකෙහෙල් කැන වැ ට පනින්න වගේ...
ReplyDelete2015 වෙද්දී කාර් අරගෙන, ගෙවල් හදාගෙන, ට්‍රිප් ගිහින්, රුපියල් 150ට පෙට්‍රල් ගහගෙන හිටපු අපිට උන දෙයක්.
ReplyDelete