හැටන් දික්ඔය නගරයේ වෙළදසැලක් තුල තනිවම ජීවත් වූ අඹුසැමි යුවලක් තියුණූ අයුධයකින් පහර දි ඝාතනය කර ඇති බව හැටන් පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ 82 හැවිරිදි එස්.කාලිමුත්තු සත්තිවේල් සහ 82 හැවිරිදි සගුන්තලාදේවි නැමති ඔහුගේ බිරිදයි.
ඝාතනයට ලක් වූ අඹූසැමි යුවලගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි බවත්, ඝාතනයට ලක් වූ අඹුසැමි යුවල කාලයක් තිස්සේ එම වෙළදසැලේ වෙළද කටයුතු සිදු කර මේ වනවිට වෙළදසැල වසා දමා තනිවම ජීවත් වූ බවයි හැටන් පොලිසිය මගින් සිදු කරන ලද මූලික විමර්ෂණවලදී අණාවරණය වී ඇත්තේ.
කිසියම් පුද්ගලයෙකු මෙම වෙළදසැල තුට පිවිස මොවුන් දෙදෙනා ඝාතනය කර පලා ගියේද? නැතහොත් මෙය පවුලේ ආරවුලක් මත සිදු වූ දෙයක්ද යන්න පිලිබදව හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ පවත්වයි.
අඹුසැමි යුවල එකම ස්ථානයක ඝාතනය කර, ඝාතනයට ලක් වූ කාන්තාව ඇදගෙන විත් පඩිපළ මත දමා ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මිය ගිය දෙදෙනාගේ දරුවන් විසින් දෙමව්පියන්ට දුරකථන ඇමතුම් කිහිපයක් (21) දින පස්වරුවේ ලබා ගෙන ඇතත්, එම දුරකථන ඇමතුම්වලට දෙමව්පියන් ප්‍රතිචාර නොදැක්වීම හමුවේ අසල්වාසීන්ට ඒ බව දැනුම්දිමෙන් පසු අසල්වාසින් විසින් එම වෙළදසැල විවෘත කර පරක්ෂා කිරිමෙන් පසු මෙම ඝාතනය දැක ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසිය දැනුවත් කර ඇත.
සිද්ධිය වූ ස්ථානය පැමිණි හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා ස්ථාන පරික්ෂාව සිදු කිරිමෙන් පසු දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේද සහයෝගය ඇතිව සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයේන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
- රංජිත් රාජපක්ෂ

බල නහර කපලාද?
ReplyDelete